අඛණ්ඩව දෙවන වරටත් LankaPay Technnovation Awards හිදී HNB සම්මානයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

ඩිජිටල් බැංකුකරණයේ සහ පාරිභෝගික හිතකාමී බැංකුවක් ලෙස සිය පුරෝගාමී මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation Awards 2023 හිදී ඉහළ පෙළේ පෞද්ගලික සහ රාජ්‍ය මූල්‍ය ආයතන අතරට එක්වෙමින් පිළිගැනීමට ලක් විය.
සිය ඩිජිටල් වේදිකා හරහා ගනුදෙනුකරුවන්ගේ පහසුව සහතික කිරීම සඳහා හඳුන්වා දෙන ලද ප‍්‍රධාන මුලපිරීම් අගයමින් බැංකුව A කාණ්ඩයේ පාරිභෝගික පහසුව සඳහා වූ වසරේ විශිෂ්ටතම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර වූ අතර මෙම කාණ්ඩය විශාල රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලින් සමන්විත විය. ඩිජිටල් නිෂ්පාදන හරහා පාරිභෝගික පහසුව සැලසීම සහ ඩිජිටල් ගනුදෙනු වැඩි සංඛ්‍යාවක් සඳහා පහසුකම් සලසන හොඳම බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර විය.
ප‍්‍රමුඛයන් සහ නව්‍ය ඩිජිටල් ගෙවීම් විසඳුම් ප‍්‍රවර්ධකයන් ඇගයීම සඳහා LankaPay විසින් සත්කාරකත්වය දරන ලද මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
HNB පාරිභෝගික සේවා සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ”අඛණ්ඩව දෙවන වරටත් Technnovation සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා ගනු ලබන ප‍්‍රයත්නයන් මත බිහි වූ සියලූම ජයග‍්‍රාහකයින්ගේ හා ඒ සඳහා නිර්දේශවූවන්ගේ ප‍්‍රයත්නයන් ද අප අගය කළ යුතුයි. මෙම ගෞරවනීය ව්‍යාපාර අතරින් නව්‍ය ඩිජිටල් ගෙවීම් විසඳුම්වලට සහාය දැක්වීම සඳහා වන අපගේ ප‍්‍රයත්නයන් පිළිගැනීමට ලක්වීම අපට සැබවින්ම ගෞරවයක්.”
SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීම ඇතුළුව බැංකුවේ කැපවූ නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum හි හොඳම IoT මුලපිරීම ලෙස කිරුළු පැළඳීම වැනි මෑතකාලීන ඇගයීම් Technnovation සම්මාන උළෙලේදී මෙම ජයග‍්‍රහණය ලබා ගැනීමට බෙහෙවින් ඉවහල් විය.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් 2017 වසරේ දී LankaPay Technnovation සම්මාන උළෙල ආරම්භ කරන ලදී.

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...