අපනයන වෙළෙඳපොළ සේවා පුළුල් කිරීම සඳහා DPL විසින් නව ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රය විවෘත කරයි

Share

Share

Share

Share

හේලීස් සමූහයේ සාමාජික Dipped Products PLC (DPL) ආයතනය, ගෝලීය අපනයන ඉල්ලූම සපුරාලීමට සහ සිය සේවා බෙදාහැරීමේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට බියගම අපනයන සැකසුම් කලාපයේ ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රයක් විවෘත කරන ලදී.

මෙම නව ගබඩා පහසුකම හරහා DPL ආයතනයට සිය ගබඩා පහසුකම් මධ්‍යගත කිරීම තුළින් එහි මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමටත් එමගින් ප‍්‍රවාහන සහ සැපයුම් පිරිවැය අවම කරගැනීමටත් හැකිවේ. එමෙන්ම නව ගබඩා පහසුකම මගින් කර්මාන්තශාලා වල නිෂ්පාදන ධාරිතාව පැහැදිලි අධීක්ෂණයට ලක්කිරීමට සහ කාර්යක්ෂම මෙහෙයුම් පාලනයකට පහසුකම් සලසා දෙයි.

ඝන මීටර් 23,000 ක් පුරා විහිදී ඇති මෙම ස්වයංක‍්‍රීය ගබඩා පහසුකම DPL ආයතනයේ ඩිජිටල් මෙහෙයුමෙහි නව තාක්ෂණික සංධිස්ථානයකි. DPL මධ්‍යම ගබඩා පහසුකම හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතාගේ සුරතින් විවෘත කරන ලද අතර එම මහගු අවස්ථාවට DPL නියෝජ්‍ය සභාපති රාජිත කාරියවසම්, හේලීස් විධායක අධ්‍යක්ෂ සරත් ගනේගොඩ, DPL කළමණාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් ඇතුළුව අධ්‍යක්ෂවරුන්, හේලීස් සමූහ කළමණාකාර කමිටුවේ සාමාජිකයින් සහ DPL කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක් වූ, DPL කළමණාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර මහතා පවසා සිටියේ පවතින ආර්ථික අභියෝග හමුවේ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීම වඩාත් වැදගත් වෙන බවත් ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කරන ලද අපනයන මධ්‍යස්ථානයක් ලෙස මෙම මධ්‍යම ගබඩා පහසුකම විසින් මෙරට අපනයන ආර්ථිකයට සුවිසල් කාර්යයභාරයක් ඉටුකරන බවත්ය. තවද ආරක්ෂිත අත් වැසුම් කර්මාන්තයේ ප‍්‍රමුඛයෙකු සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු ලෙස, අප රටේ සංවර්ධනය සඳහා DPL ආයතනය ලබාදෙන අඛණ්ඩ දායකත්වය පිළිබඳව ආයතනයක් වශයෙන් ආඩම්බර වෙන බවත්ය.

මෙය අපගේ ආයෝජන සඳහා වන ගෝලීය ප‍්‍රවේශය තවදුරටත් පුළුල් කිරීම, සැපයුම් දාමය කාර්යක්ෂම කිරීමේ හැකියාව සහතික කිරීම සහ අපගේ ප‍්‍රධාන අපනයන වෙලඳපොලවල් වෙත සේවා සැපයීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ උපාය මාර්ගයන්හි එක් පියවරක් වශයෙන් හදුන්වාදෙන ලදි. මෙම මධ්‍යගත ගබඩා පහසුකම සමඟින්, ආයතනයේ සේවා පුළුල් කිරීම, වේගවත් කිරීම සහ පාරිභෝගික වටිනාකම ප‍්‍රශස්ත කරන බවද එතුමා විසින් තවදුරටත් පැහැදිලි කරන ලදි.

මෙම පහසුකම පැලට් රාක්ක 4,200 කින් සහ නවීනතම US National Fire Protection Association (NFPA) ට අනුකූල ආරක්ෂණ පද්ධතියකින් ද සමන්විත වන අතර, DPL සඳහා පුළුල් ගබඩා ධාරිතාවක් සපයයි.

නවීන ට‍්‍රක් රථ තාක්ෂණයන් සහ නිෂ්පාදන කළමනාකරණ පද්ධති ඇතුළු නවීනතම තාක්ෂණයන් ඇතුලත් මෙම පහසුකම DPL හි සැපයුම් මෙහෙයුම් විධිමත් කරන ඒකාබද්ධ දත්ත ගබඩා පද්ධතියකින් සමන්විත වෙයි. එබැවින් භාණ්ඩ පැටවීමේ ස්ථානයේ සිට පැලට් රාක්ක දක්වා බහාලූම් ක‍්‍රමානුකූලව සපයා ගැනීමට හැකියාව සලසා දෙයි. තවද, නව මධ්‍යම ගබඩාව අභ්‍යන්තර ප‍්‍රවාහන අවශ්‍යතාවයන් සැලකිය යුතු ලෙස අඩු කරන අතර, මෙමඟින් අන්තර් කර්මාන්තශාලා ප‍්‍රවාහනය ආශ‍්‍රිත හරිතාගාර වායු (GHG) විමෝචනය 30% කින් අඩු කරයි

City of Dreams Sri Lanka-வின்”Signature...
அரசின் ஆதரவுடன் STEM Feed திட்டத்தை...
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන්...
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස...
AHRP, Sentiva, and Altrium sign...
Evolution Auto மற்றும் Ather Energy...
சிறந்த விற்பனை குழுவை வலுப்படுத்துவதற்காக எதிர்காலத்திற்கு...
TikTok, ශ්රී ලංකාව තුළ STEM...
Evolution Auto மற்றும் Ather Energy...
சிறந்த விற்பனை குழுவை வலுப்படுத்துவதற்காக எதிர்காலத்திற்கு...
TikTok, ශ්රී ලංකාව තුළ STEM...
TikTok partners with the Government...