අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් රත්වත්ත වතු පාලනාධිකාරිය වෙත කරන ලද වාචික හිංසනය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හෙළා දකී

Share

Share

Share

Share

2023 අගෝස්තු 20 වන ඉරිදා දින, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු. ජීවන් තොණ්ඩමන් මහතා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුයායේ ජ්‍යෙෂ්ඨ වතු පාලනාධිකාරිය වෙත පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනාත්මකව ක‍්‍රියා කළ ආකාරය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තරයේ හෙළා දකින අතර සංගමය මේ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටී.

අදාල වතුයායට අයත් නොවන වතු කම්කරුවන් පිරිසක් අනවසර ඉදිකිරීම් කර තිබීම නිසා මෙම තත්වය ඇති වූ අතර එම ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට පාලනාධිකාරියට අවශ්‍ය විය. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ඉඩමේ නීත්‍යානුකූල භාරකරුවන් ලෙස මෙම රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට පාලනාධිකාරිය සිය බලය ක‍්‍රියාත්මක කළේය. රත්වත්ත වතුයායට අයත් ඉඩම රජය සතු වන අතර එහි පාලනාධිකාරීත්වය ඇල්කඩුව වැවිලි සමාගමට ලබා දී ඇත.

”රජයේ කැබිනට් අමාත්‍යවරයකු විසින් සිදු කළ පරුෂ වචනයෙන් බැන වැදීම සහ තර්ජනය කිරීම් වැවිලි ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම ආයතනය ලෙස අප දැඩිව හෙළා දකිනවා. මෙවැනි ගැටලූ රටේ නීතියට අනුකූලව විසඳා ගැනීමට අදාළ වැවිලි සමාගම්වල පාලනාධිකාරීත්වයට ඉඩ දෙන ලෙස අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

 

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...