ආර්පිකෝ රක්ෂණ සමාගම නව සභාපතිවරයෙකු පත් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ‍්‍රාම ගැනීමෙන් පසුව ජාසිංහ මහතා එම තනතුරට පත්විය.

ඔහුගේ නවතම භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් රමල් ජාසිංහ මහතා පැවසුවේ, ”ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මැතිතුමාගේ දුරදර්ශී මග පෙන්වීමෙන් සන්නද්ධ, රිචඞ් පීරිස් සහ සමාගමෙහි ස්ථාවරත්වය කැටුව, මාගේ පෙර සගයෙකු වන ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය කැලූම් සේනානායක මහතා සමඟින් නැවතත් වැඩ කරන්න ලැබීම මට ඉමහත් සතුටක්. සමාගමට තව තවත් ඉදිරියට යාම සඳහා විශිෂ්ඨ හැකියාවක් ඇති අතර, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා. එය ආර්පිකෝ රක්ෂණ සමාගම, ක්ෂේත‍්‍රය තුළ වඩාත්ම ලාභදායී සමාගමක් බවට පත් කිරීමේ දැක්මට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම සියලූ සුවිශේෂී හැකියාවන් තුළින් Arpico Insurance නාමය තව තවත් ශක්තිමත් කිරීමටත් ඒ හරහා අපගේ ගනුදෙනුකරුවන්ට පිරිනැමෙන වටිනාකම, ආරක්ෂාව සහ සේවාව පුළුල් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

”රමල් ජාසිංහ මහතා ආර්පිකෝ රක්ෂණ සමාගමෙහි සභාපතිවරයා ලෙස පත්වීම ගැන අප මහත්සේ සතුටු වෙනවා. රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලබාගෙන ඇති පුළුල් පළපුරුද්ද සහ ප‍්‍රවීණත්වය සමඟින් ඔහු සාර්ථක ගමනක් යනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඔහු ආ ගමන් මඟ සහ ආයතනික විශිෂ්ටත්වය සඳහා වූ ඔහුගේ නොසැලෙන කැපවීම සමාගමේ මූලධර්ම සහ උපායමාර්ගයන් සමඟ මනාව බැඳෙනවා. ඔහුගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ජීවිත රක්ෂණ සමාගමක් ලෙස අපගේ නාමය ශක්තිමත් කරමින් අප ආයතනය දිගු ගමනක් යනු ඇත.” යනුවෙන් මෙම පත්වීම පිළිබඳව අදහස් දැක්වූ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලූම් සේනානායක මහතා පැවසීය.

රමල් ජාසිංහ මහතා රක්ෂණ ක්ෂේත‍්‍රයේ වසර 25 කට වැඩි කාලයක් පුරා දිවෙන කීර්තිමත් වෘත්තිය අත්දැකීම් සමුදායක් සහිත ප‍්‍රවීණයෙකි. ඔහුගේ රක්ෂණ ගමන ආරම්භ වූයේ යුනියන් ඇෂුවරන්ස් වෙතින් වන අතර, පසුව ඔහු ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ඇතුළු ප‍්‍රමුඛ තනතුරු දරමින් ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් හි සේවයට යොමු වූයේ ක්ෂේත‍්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු ලෙසයි. එමෙන්ම ඔහුගේ වෘත්තීය ජීවිතයේ සෑම පියවරකදීම නොමැකෙන විශිෂ්ටත්වයේ සලකුණක් තබා ඇත. එම මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) කීර්තිමත් සාමාජිකයෙකි. මීට අමතරව, ජාසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඞ් (Stanford) විශ්ව විද්‍යාලයෙන් සහ ඉන්දියාවේ අහමදාබාද්හි ඉන්දියානු කළමනාකරණ ආයතනයෙන් (IIM) තම කළමනාකරණ පුහුණුව ලබා ඇත. තම වෘත්තීය දියුණුව වෙනුවෙන් ඇප කැප වූ හෙතෙම එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ තානාපතිවරයෙකු ලෙස ද ඔහුගේ වර්තමාන භූමිකාව මෙහෙයවනු ලබයි. එමෙන්ම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කමිටුවට හෙතෙම පත්වීමක් ලබා ඇති අතර ශ‍්‍රී ලංකා රක්ෂණ සංගමයේ (SLIA) සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

වසර 90 ක ඉතිහාසයක් සහිත ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වූ රිචඞ් පීරිස් සහ සමාගමෙහි අනුබද්ධිත ආයතනයක් ලෙස ආර්පිකෝ රක්ෂණ සමාගම සිය පාරිභෝගිකයන් වෙත උසස් මට්ටමේ රක්ෂණ විසඳුම් පිරිනමයි. නව සභාපතිවරයා සහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ නිපුනතාවන් සහ වසර ගණනාවක සාර්ථක අත්දැකීම් තුළින් සමාගම තව තවත් ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අතර වැඩි වර්ධනයක් සහ සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමාගමේ කැපවීම ඒ තුළින් විදහා පායි.

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...