ඉන්දියාව සඳහා හොඳම රෝමිං පැකේජ දැන් එයාර්ටෙල් ලංකා වෙතින්

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වා දී ඇත. මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘අපගේ පරිශීලකයින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව පුරා කොතැනක සිටියත් ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් සමඟ අසීමිත සම්බන්ධතාවක් භුක්ති විඳීම සහතික කිරීමට එයාර්ටෙල් අරමුණු කරගෙන සිටිනවා. අපගේ බොහෝ පරිශීලකයින් ඉන්දියාවට නිතර සංචාරය කරන බව අපි දැක තිබෙනවා. ඉන්දියාව සඳහා හඳුන්වා දෙනු ලබන අපගේ නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ සමඟින් ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ සිටින අපගේ පරිශීලකයින්ට උසස් තත්වයේ සම්බන්ධතාවයක් සහ ප‍්‍රතිලාභ අඛණ්ඩව ලබා දීමට අපේක්ෂා කරනවා.

‘‘එහි ප‍්‍රතිඵලයක් ලෙස, අපගේ පරිශීලකයින්ට දැන් ඔවුන්ගේ ආදරණීයයන් සමඟ සම්බන්ධව සිටීමටත් වැඩි වියදමකින් තොරව නිවසේ සිටිනවා වගේ රෝමිං පහසුකම් භුක්ති විඳීමටත් හැකියි. ඉන්දියාව තුළ එයාර්ටෙල් හි විශිෂ්ට ජාල ආවරණය සහ වෙළෙඳපොලේ ඇති වඩාත්ම දැරිය හැකි රෝමිං ගාස්තු සමඟින් අලූතින් හඳුන්වා දෙන අපගේ ඉන්දියාව සඳහා වන රෝමිං පැකේජ activate කිරීමෙන් අපගේ පරිශීලකයින්ට අසමසම රෝමිං අත්දැකීමක් ලබා දෙන බවට අප සහතික වනවා. ඇත්තෙන්ම මෙය දෙරටේ ඇති හොඳම රෝමිං පැකේජ ලෙස හැඳින්විය හැකියි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඉන්දියාවට නිතර සංචාරය කරන පුද්ගලයින්, වන්දනා කණ්ඩායම්, වෙළෙඳ සහ අපනයන ප‍්‍රජාවන් මෙන්ම ඉන්දියාවට නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන්නන් සඳහා සංචාර සංවිධානය කරන්නන් ඇතුළුව එයාර්ටෙල් ග‍්‍රාහකයින්ට දැන් දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ලබා ගත හැකි India Roaming පැකේජ ලබා ගත හැකිය. එය ඉන්දියාවේ පුළුල් සහ උසස් තත්වයේ එයාර්ටෙල් ජාල ආවරණය භාවිත කරමින් ප‍්‍රමාණවත් data සහ voice calls ප‍්‍රතිලාභ ලබා දෙන නිසා ඔවුන් සංචාරය කරන විට ‘නිවසේ සිටිනවා මෙන් රෝමිං’ අත්දැකීමක් ලබා දෙයි.

$3 Package $5 Package $15 Package

Duration – 24 Hours Duration – 10 Days Duration – 7 Days

1 GB Data 100MB Data 5 GB Data

Incoming Calls – 30 Minutes Incoming Calls – 30 Minutes Incoming Calls – 120 Minutes

Calls to Sri Lanka – 5 Minutes Calls to Sri Lanka – 15 Minutes Calls to Sri Lanka – 20 Minutes

Calls within India – 30 Minutes Calls within India – 30 Minutes Calls within India – 120 Minutes

10 SMS to Sri Lanka

*එයාර්ටෙල් ලංකා හි නව India Roaming පැකේජ

Recharge කිරීමෙන් පසු USSD සක‍්‍රීය කිරීම ඇතුළුව විවිධ මාධ්‍ය හරහා මෙම පැකේජය පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකියx එමෙන්ම එයාර්ටෙල් වෙබ් අඩවියෙන් මෙන්ම පාරිභෝගික වෙළෙඳසැල්වලින් (OTC), Recharge.lk සහ My Airtel App හරහා ද මෙම පැකේජය සක‍්‍රීය කළ හැකිය.

එයාර්ටෙල් ලංකා සිය නවතම 4G Freedom පැකේජ හඳුන්වා දීමත් සමඟින් ශ‍්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රය නව පරිවර්තනීය වෙනසකට ලක් කිරීමේ පුරෝගාමියා බවට පත් වී ඇත. මෙම පෙරගෙවුම් පැකේජ එයාර්ටෙල් හි නව 4G ජාලය පරිපූර්ණ ලෙස භාවිත කරමින් පරිශීලකයින්ට අසමසම වටිනාකමක් සහ නම්‍යශීලී බවක් ලබා දෙයි.

ඉන්දියාව මූලස්ථානය කොට ගත් එයාර්ටෙල් යනු එරට විශාලතම ඒකාබද්ධ සන්නිවේදන විසඳුම් සපයන්නා වේ. ඔවුන් අධිවේගී 4G/5G mobile broadband, Airtel Xstream Fiber, රසවින්දනාත්මක හා වීඩියෝ streaming සේවා, ඩිජිටල් ගෙවීම් සහ මූල්‍ය සේවා ඇතුළුව පුළුල් පරාසයක විසිරුණු සේවා සපයයි. බිලියන දෙකකට අධික පිරිසකට සේවා සපයන ජාලයක් සහිත එයාර්ටෙල් ලෝකයේ හොඳම ජංගම දුරකතන ක‍්‍රියාකරුවන් තිදෙනාගෙන් එකක් වේ.

2009 දී ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. එයාර්ටෙල් ලංකා පිරිනමන තාක්ෂණික නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය ශ‍්‍රී ලාංකීය තාරුණ්‍ය අතර වේගයෙන් ව්‍යාප්ත වී ඇත. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති එයාර්ටෙල් voice, data සහ ව්‍යවසාය විසඳුම් ඇතුළත් ඩිජිටල් ජංගම සේවා සපයන අතර දැනට ශ‍්‍රී ලංකාවේ වේගවත්ම 4G ජංගම දුරකතන ජාල සපයන්නා ලෙස පිළිගැනේ.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...