උතුරු පළාතේ ඖෂධ බෙදාහැරීමේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා Healthguard Distribution යාපනයේ නව කලාපීය මධ්‍යස්ථානයක් විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම ප්‍රධාන මාර්ගවලට ආසන්නව පිහිටා ඇති බැවින් ප්‍රමාදයකින් තොරව මහජනතාවට ඖෂධ බෙදා හැරීම සහ සැපයීම පහසු කරයි.

වසර ගණනාවක් තිස්සේ උතුරු පළාතට සේවාවන් සපයන Healthguard Distribution හට කලාපයේ සුව සේවා අවශ්‍යතා සහ ආර්ථිකය වර්ධනය වී ඇති ආකාරය පිළිබඳ මනා අවබෝධයක් තිබේ. සියලු නියාමන රීතිවලට අනුකූලව යාපනයේ අලුතින් විවෘත කරන ලද මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය සැපයුම් පද්ධතිය ශක්තිමත් කිරීමටත් සේවා වැඩිදියුණු කිරීමටත් මෙන්ම කලාපයේ වඩාත් හොඳ සුව සේවාවක් සහ සංවර්ධනයක් සඳහා දිගුකාලීන කැපවීම පෙන්වීමට සමාගම ගත් එඩිතර පියවරකි.

සමාගමට දැනටමත් බස්නාහිර, මධ්‍යම, දකුණ, වයඹ, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඇත. යාපනයේ මෙම නව මධ්‍යස්ථානයත් සමඟින් Healthguard Distribution හට දැන් උතුරු පළාතේ පූර්ණ බෙදාහැරීමේ පහසුකමක් ඇති අතර එමඟින් කලාපයේ තවත් ඔසුසැල් වෙත සෘජුවම ළඟා වීමට උපකාරී වේ. මෙම පහසුකම ජාතික නියාමනයන් සපුරනු ලබන අතර NMRA හි ගුණාත්මක බෙදාහැරීමේ පිළිවෙත් සහ තවත් බොහෝ දේ අනුගමනය කරයි.

මෙම නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය වර්ග අඩි 5,000ක වපසරියකින්, පැය 24 පුරාම උෂ්ණත්වය පාලනය කරන ගබඩා පහසුකම් සහ විදුලි ජනක යන්ත්‍ර පද්ධතියකින් ද සමන්විත වේ. මෙම පහසුකම මගින් ඖෂධ ආරක්ෂිතව සහ ගුණාත්මක තත්ත්වයෙන් ගබඩා කර ඇති බව සහතික කරන අතර ඖෂධ ප්‍රමිතිගත ලෙස බෙදා හැරීමට එම කලාපයේ ඇති හැකියාව ඉහළ නංවයි. තවද මේ හරහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට සහ ආනයනකරුවන්ට රට පුරා ඔසුසැල් වෙත බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීමට Healthguard Distribution උපකාර කරයි.

සමාගම සිය මෙහෙයුම් වඩාත් හොඳින් කළමනාකරණය කිරීම සඳහා උසස් ERP තාක්ෂණය භාවිතා කරයි. මෙම පද්ධතිය මගින් සිල්ලර පාරිභෝගිකයින්ට එවේලේම බිල්පත් යැවීමට ඉඩ සලසන අතර සැපයුම් දාමය ආරම්භයේ සිටම වැදගත් තොරතුරු වෙත ප්‍රවේශය ද ලබා දෙයි. මේ නිසා, ඖෂධ හැසිරවීමේදී සහ බෙදා හැරීමේදී ඔවුන්ගේ කාර්යය වඩාත් කාර්යක්ෂම, පැහැදිලි සහ ඉක්මනින් කරගැනීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෙම මධ්‍යස්ථානය තිරසාර රැකියා නිර්මාණය කිරීමෙන් සහ කලාපයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් දිරිමත් කිරීමෙන් දේශීය ආර්ථිකයට ද දායක වේ.

සිය ඖෂධ බෙදාහැරීමේ ජාලයට අලුතින්ම එක් වූ මෙම මධ්‍යස්ථානය පිළිබඳව අදහස් දක්වමින් Healthguard Distribution ප්‍රධාන විධායක නිළධාරී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “ඖෂධ බෙදා හැරීම සෞඛ්‍ය සේවාවේ වැදගත් අංගයක්. අපගේ යාපනය පහසුකම වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකාව පුරා මෙම පද්ධතිය ශක්තිමත් කිරීමට අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. මෙම නව මධ්‍යස්ථානය තුළින් අපගේ සැපයුම් දාමය වේගවත් හා විශ්වාසදායක බව වැඩිදියුණු කරනවා වගේම ඉතා දුර බැහැර ප්‍රදේශවල ජනතාවට පවා ඔවුන්ට අත්‍යවශ්‍ය ඖෂධ හා සුවතා නිෂ්පාදන ආරක්ෂිතව හා කාර්යක්ෂමව ලබා ගත හැකියි. මෙම පහසුකම සැපයුම් කටයුතුවල වැඩිදියුණු කිරීමක් පමණක් නොවේ. එය සියලු ශ්‍රී ලාංකිකයින්ට සාධාරණ සුව සේවා වෙත පිවීසීම සඳහා අපගේ කැපවීම ද පෙන්නුම් කරනවා.” යනුවෙනි.

පැය 24ක් ඇතුළත බෙදා හැරීමේ සේවාවන් ලබා දෙන බවට පොරොන්දුවක් සහිතව මෙම නව යාපනය මධ්‍යස්ථානය උතුරු පළාත පුරා සේවාවන් වැඩිදියුණු කරනු ඇත. තවද එය ෆාමසි, රෝගීන්ට සෘජුවම බෙදා හැරීම සඳහා ඖෂධ තොග පවත්වාගෙන යන වෛද්‍යවරුන්, ඔසුසල අලෙවිසැල් මෙන්ම රජයේ සහ පෞද්ගලික රෝහල් යන දෙකම ඇතුළුව පාරිභෝගිකයින් 300 කට අධික සංඛ්‍යාවකට සේවය කරනු ඇත. මෙම මධ්‍යස්ථානය මගින් යාපනය පමණක් නොව වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම වැනි අවට ප්‍රදේශ ද ආවරණය කරනු ලබයි.

Healthguard Distribution අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්තිමත් කීර්ති නාමයක් ගොඩනඟා ගනිමින් ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදා හැරීම සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි. දේශීය හා ජාත්‍යන්තර ඖෂධ සමාගම් විසින් වේගවත්, නිවැරදි සහ නියාමනයන්ට අනුකූලව ඖෂධ බෙදා හැරීම සඳහා Healthguard සමාගම මත විශ්වාසය තබා ඇත- ශක්තිමත් යටිතල පහසුකම්, ඩිජිටල් මෙවලම් සහ දක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විත සමාගම වර්ධනය වීමට සහ රටේ සුව සේවාවේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට සූදානමින් සිටී.

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...