ඔස්ට්‍රේලියානු රජයේ ජාතික සැලසුම් හේතුවෙන් Swinburne pathway වැඩසටහන් සඳහා බලපෑමක් නොමැති බව නවලෝක උසස් අධ්‍යාපන ආයතනය අවධාරණය කරයි

Share

Share

Share

Share

2024 අගෝස්තු 27වන දින සිට ඔස්ට්‍රේලියානු රජය විසින් නව ජාතික සැලසුම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒම නව උපායමාර්ගික ක්‍රමවේදය යටතේ 2025 වසර සඳහා සිසුන් බඳවා ගැනීම 2023 වසරේ දී බඳවා ගත් සිසුන් සංඛ්‍යාව දක්වා සීමා කිරීමටත් ඒමගින් ජාත්‍යන්තර ශිෂ්‍ය සහභාගීක්වය නියාමනය කිරීමටත් අපේක්ෂා කෙරේ. ඔස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ මෙම තීරණය යටතේ අධ්‍යාපන හා පුහුණු ආයතනයන්හි ඉහළ යන ඉල්ලුම මනාව කළමනාකරණය කර ගැනීමේ පහසුව ලබා දෙන අතර උසස් තත්වයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමටත් ඒ් සඳහා සිසුන් වැඩි සංඛ්‍යාවකගේ උපකාරක සේවාවන් ලබා දීම මෙන්ම තෝරාගත් වෘත්තීන්හි රැකියා අවස්ථාවන් සඳහා සිසුන් වඩා හොඳින් පුහුණු කිරීමේ අවස්ථාව ලබා දීමටත් පුහුණු ආයතනයන්ට හැකියාව ඇති බව තහවුරු කරයි.

2025 ජනවාරි පළමුවනදින සිට ක්‍රියාත්මක කරන මෙම ක්‍රමවේදය සඳහා 2025 බඳවා ගැනීමට හා ඇතුලත්කර ගැනීමට නියමිත ජාත්‍යන්තර සිසුන් 270,000කට බලපෑම් ඒල්ල විය හැකි වූවද හඳුන්වාදෙනු ලැබූ නව සීමාවන් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන Swinburne පදනම් වැඩසටහනට හෝ unlink ඩිප්ලෝමා වැඩසටහනට කිසිදු බාධාවක් ඇති නොකරන බව නවලෝක උසස් අධ්‍යාපන ආයතනය විසින් දන්වා සිටී. Nawaloka Holdings අනුබද්ධ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර ඒය සිට ඔස්ට්‍රේලියාවේ Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයත් සමග ඒක්ව බොහොදෙනා අතර ජනප්‍රිය pathway වැඩසටහන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.

මේ හරහා ඔස්ට්‍රේලියානු Swinburne විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය විද්‍යා හා ඉංජිනේරු යනාදි විෂය ක්ෂේත්‍රයන් හි උපාධි පාඨමාලා 60කට අධික සංඛ්‍යාවක් වෙත සෘජුවම පිවිසීමේ හැකියාව මෙරට සිසුන්ට ලබා දෙයි. නවලෝක උසස් අධ්‍යාපන ආයතනය ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික අධ්‍යාපනයේ අනුබද්ධිත හවුල්කරුවකු ලෙස කටයුතු කරන බැවින් නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ pathway වැඩසටහන සමග ලියාපදිංචි වන සිසුසිසුවියන් ඔස්ට්‍රේලියානු රජයේ ජාතික සැලසුම් ක්‍රමවේදය මගින් කිසිදු බලපෑමකට ලක් නොවන බව සහතික වශයෙන් අවධාරණය කෙරේ.

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...