කටාන ඇඟලූම් කර්මාන්තශාලාවට එල්ල වූ ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය තරයේ හෙළා දකියි

Share

Share

Share

Share

පසුගිය මාර්තු 30 වන බ‍්‍රහස්පතින්දා දින කටාන, හල්පේ ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද දරුණු සහ නින්දිත ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) දැඩි ලෙස හෙළා දකීx මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් JAAF ඉල්ලා සිටී.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටින ඕමාන ජාතිකයකු වන මෙම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ කර්මාන්තශාලාවට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී මෙම පහර දීම සිදු කර ඇති අතර ඉන් තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලාවක් වන මේ හරහා පුද්ගලයන් 300 කට අධික පිරිසකට රැකියා සපයනු ලබයි.

”ඇඟළුම් ක්ෂේත‍්‍රය නියෝජනය කරනු ලබන සංගම්වල එකතුවකින් සැදුම්ලත් ආයතනයක් ලෙස අප, මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තරයේ හෙළා දකින අතර එවැනි ක‍්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නෑ. නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් මෙම ප‍්‍රහාරයට පෙළඹවූවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසටයි. මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක් වූවන් ගැන අපි අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කර සිටින අතරම රටේ නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් JAAF හි මාධ්‍ය ප‍්‍රකාශක පවසයි.

City of Dreams Sri Lanka...
ස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ...
இலங்கையின் உடற்பயிற்சித் துறையில் 28 ஆண்டுகால...
1,000 வாகன விநியோகங்கள் மற்றும் சேவைகளை...
மேம்பட்ட திரை தொழில்நுட்பம் மற்றும் AI...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...