කොකා-කෝලා පදනම සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය අපද්‍රව්‍ය එකතු කරන්නන් 1800කට අධික ප‍්‍රමාණයක් නගා සිටුවීමට එක් වෙයි

Share

Share

Share

Share

2023 ලෝක ප‍්‍රතිචක‍්‍රීකරණ දිනයේදී ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය එකතු කරන ප‍්‍රජාවට උපහාර දැක්වීම සම්බන්ධයෙන් වන කැපවීම නැවත අවධාරණය කරමින් කොකා-කෝලා පදනම (TCCF) ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සමඟ එක්ව කසල එකතු කරන්නන්ගේ ආහාර අනාරක්ෂිතභාවය විසඳීම උදෙසා කඩිනම් සහාය ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව තෝරාගත් දිස්ත‍්‍රික්ක 10ක අපද්‍රව්‍ය එකතු කිරීම ප‍්‍රධාන ආදායම් මාර්ගය කරගත් පවුල් 1800කට අධික සංඛ්‍යාවක් වෙත වියළි සලාක හා ඖෂධ සහිත අත්‍යාවශ්‍ය ආහාර පැකේජයක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.
2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 25%කින් ඉහළ යනු ඇති බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබූ අතර, ඒ හේතුවෙන් මෙරට පවුල් විශාල ප‍්‍රමාණයකට දිනකට පරිභෝජනය කරනු ලබන ආහාර ප‍්‍රමාණය අවම කිරීමට සිදුව ඇත. ආහාරයන්හි මිල අධික වීම හේතුවෙන් ආහාරයන්හි පෝෂණ ගුණය ද පහළ යාම නිසා දරිද්‍රතා රේඛාවට පහලින් සිටින පවුල් තවදුරටත් පීඩනයට පත්ව ඇත.
ඒ නිසාම මෙම තීරණාත්මක අවස්ථාවේදී අවදානමට ලක්විය හැකි අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ පවුල් දිස්ත‍්‍රික්ක 10කින් තෝරා ගනිමින් ඔවුන් වෙත සහන පැකේජ ලබා දීම වෙනුවෙන් මෙතෙක් ක‍්‍රියාත්මක කළ ‘Say We Care’ වැඩසටහන තවදුරටත් දීර්ඝ කිරීමට TCCF සහ SLRCS කටයුතු කරන ලදී. එම දිස්ත‍්‍රික්කයන්හි අපද්‍රව්‍ය එකතු කරන්නන් ඇතුළුව ආර්ථික තත්වය හේතුවෙන් අහිතකර බලපෑමට ලක්වූ ප‍්‍රජාවන් විශාල ප‍්‍රමාණයක් වාර්තා විය. එහිදී සාමාජිකයින් 4 සිට 5 දක්වා වූ පවුලකට දළ වශයෙන් මාස 2ක කාලයක් සඳහා ප‍්‍රමාණවත් ආහාර මළු 1800කට අධික ප‍්‍රමාණයක් කාන්තා/තනි මූලික පවුල්, අඩු ආදායම්ලාභී පවුල් (දෛනික වැටුප් ලබන්නන්), ස්ථිර නිවසක් නොමැති පවුල් සහිත අපද්‍රව්‍ය එකතු කරන්නන් අතර බෙදා දීමට නියමිතය. එසේම ස්ථිර රෝගී තත්වයක් හෝ ශාරීරික හෝ මානසික ආබාධ සහිත සාමාජිකයින් සිටින පවුල්, අවුරුදු 5ට අඩු දරුවන් සිටින හෝ පෝෂණ ඌණතා සහිත ගැබිණි හෝ කිරි දෙන මව්වරුන් සිටින පවුල්, ස්ථිර ආදායමක් නොමැති වයෝවෘද පවුල් සඳහාද එම සහන සලාකය ලබා දීමට TCCF සහ SLRCS මේ යටතේ කටයුතු කර ඇත. කිලෝග‍්‍රෑම් 45ක පමණ බරින් යුත් මෙම ආහාර මල්ල සහල්, පරිප්පු, තිරිඟු පිටි, හාල් මැස්සන්, ටින් මාළු වැනි වියළි ආහාර, කඩල වැනි පෝෂණීය ධාන්‍ය වර්ග මෙන්ම සබන්, විෂබීජ නාශක, දන්තාලේප වැනි නිවසට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලින් ද සමන්විත වේ. මෙම පවුල්වලට සහයෝගය ලබා දෙමින් හා පිරිපුන් ආහාර වේලක් වෙනුවෙන් ඔවුන් ගෙන යන ආර්ථික සටනට ශක්තියක් වෙමින් සිය වටිනාකම් ජාලය පුළුල් කිරීමට සමත්ව සිටින TCCF රට තුළ අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ යාන්ත‍්‍රණයද වැඩි දියුණු කිරීමට සමත්ව සිටී.
අද වන විට ඉහළ යමින් පවතින ආහාර මිල ගණන් දරා ගැනීමට නොහැකි බොහෝ පවුල්වලට මෙම වැඩසටහන ඉමහත් සහනයක් වනු නිසැකය. හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි තිදෙනෙකුගෙන් යුත් පවුලක ප‍්‍රධානියා වන තිලකා රෝෂිණී TCCF සහ SLRCS වෙත සිය කෘතඥතාව පල කරමින් සඳහන් කර සිටියේ ‘‘අද අපට ලැබුණු මෙම සහන මල්ල වෙනුවෙන් මමත්, පවුලේ සියලූ දෙනාත් ස්තුතිය පළකර සිටිනවා. මම වසර 10කට වැඩි කාලයක් අපද්‍රව්‍ය එකතු කරන්නියක් ලෙස සේවය කර තිබෙනවා. මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට අපට දුෂ්කර වුණා. කිසිම ආධාරයක් අපට නොලැබුණ නිසා අපි ඉතාමත් අසරණ තත්වයට පත් වුණා. එවන් තත්වයක් තුළ ලබා දුන් මෙම සහයෝගය වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා’’ යනුවෙනි.
මෙම ව්‍යාපෘතියේ ආරම්භය හා ‘Say We Care’ වැඩසහනෙහි ඉදිරි පියවර පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා පදනමේ සභාපති Saadia Madsbjerg මහතා ‘‘ශ‍්‍රී ලංකාව තුළ බොහෝ අර්බුදයන්ගෙන් අහිතකර බලපෑමට ලක්වූ ප‍්‍රජාවන් නඟා සිටුවීම සඳහා TCCF කැපී පෙනෙන දායකත්වයක් දක්වා තිබෙනවා. ලාභ නොලබන සංවිධානයක් වන ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ වන අපගේ දිගුකාලීන හවුල්කාරීත්වය තුළින් රට තුළ බොහෝ සහයෝගී වැඩසටහන් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට අපට හැකි වුණා’’ යනුවෙන් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා රතුකුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ ‘‘කොකා-කෝලා පදනම වැනි ගෝලීය ආයතනයක් අපේ රටේ සහ එහි ජනතාවගේ යහපැවැත්ම සඳහා අවංක උනන්දුවක් දක්වනු දැකීම පිළිබඳ ඉතාමත් සතුටුයි. TCCF සමඟ මෙතෙක් පැවති සෑම සම්බන්ධතාවයක්ම ඉතාමත් සාර්ථක වී ඇති අතරම ඔවුන් ඉතා යහපත් ආකාරයෙන් ජීවිත වෙනස් කරන අයුරු අප දැක තිබෙනවා. සමාජයේ වැඩි අවධානයකට ලක් නොවුණු සුවිශේෂී සේවාවක් ලබාදෙන පුද්ගලයින් පිරිසකගේ ආහාර සුරක්ෂිතතා අවශ්‍යතා සපුරාලීම සඳහා වන මෙම හවුල්කාරීත්වය ඉතා විශේෂයි. යළිත් වෙනසක් ඇති කිරීම සඳහා හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම වෙනුවෙන් අප වෙත අවස්ථාව ලබා දීම පිළිබඳව TCCF වෙත මගේ ස්තුතිය පුද කර සිටින අතරම අපගේ ජනතාව වෙනුවෙන් තව තවත් සහයෝගය ලබා දීම සඳහා මෙවන් සහයෝගීතාවයන් ගොඩනඟා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා’’ යනුවෙනි.
COVID-19 වසංගතය අතරතුර රට තුළ හදිසි ප‍්‍රතිචාර දැක්වීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා TCCF සහ SLRCS මීට පෙර එක්ව කටයුතු කරන ලදී. එහිදී අවදානමට ලක් විය හැකි ප‍්‍රජාවන්ට අත්‍යාවශ්‍ය ඇසුරුම් 6000කට වැඩි ප‍්‍රමාණයක් බෙදා හැරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයට PCR පරීක්ෂණ කට්ටල 16,800ක් සහ VTM යන්ත‍්‍ර ලබා දීම මෙන්ම ‘Stop the Spread’ අරමුදල හරහා මුල් පෙල සේවකයින් 250,000කට වැඩි ප‍්‍රමාණයක් වෙත පුද්ගලික ආරක්ෂණ පහසුකම් (PPE) සලසාදීම වැනි ජාතික මට්ටමේ වැඩසටහන් රැසක් සාර්ථකව නිම කිරීමට ඔවුන්ට හැකියාව උදා විය. සමස්තයක් ලෙස කොකා-කෝලා පදනම විසින් COVID-19 එරෙහි ජාතික අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 110ක පරිත්‍යාගයක් ලබා දෙන ලදී.
කොකා – කෝලා පදනම පිළිබඳව
කොකා-කෝලා සමාගම ක‍්‍රියාත්මක සහ එහි සාමාජිකයින් ජීවත් වන හා වැඩ කරන ලොව පුරා රටවල ප‍්‍රජාවන් අතර වෙනසක් ඇති කිරීම කොකා-කෝලා පදනමෙහි අරමුණයි. සංකීර්ණ ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙන හා සුළු හා කල්පවතින බලපෑමක් ඇති කරන පරිවර්තනීය අදහස් හා ආයතන සඳහා එහි සහයෝගය ලබා දෙයි. සුරක්ෂිත ජලය වෙනුවෙන් තිරසාර ප‍්‍රවේශය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා අවදානම් සඳහා වන සූදානම හා ප‍්‍රතිචාර දැක්වීම, චක‍්‍රීය ආර්ථිකය, ආර්ථික සවිබල ගැන්වීම සහ ග‍්‍රාමීය ප‍්‍රජාවට බලපාන හේතු කෙරෙහි සහයෝගය දීමට එම පදනම අවධානය යොමු කොට ඇත. ආරම්භය සටහන් වූ 1984 වසරේ සිට කොකා-කෝලා පදනම ලොව පුරා ප‍්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා වන එහි අරමුණ වෙනුවෙන් ඩොලර් බිලියන 1.5කට අධික පරිත්‍යාගයක් සිදු කොට ඇත. කොකා-කෝලා පදනම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට https://www.coca-colacompany.com/shared-future/communities/the-Coca-Cola-foundation වෙත පිවිසෙන්න.
ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය පිළිබඳව
1936 වසරේ සිට ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය මුලින් බි‍්‍රතාන්‍ය රතු කුරුස සමාජය ලෙසත් පසුව ලංකා රතු කුරුස සමාජය ලෙසත් කටයුතු කරනු ලැබීය. 1952 වසරේදී ජාත්‍යන්තර රතු කුරුස සමාජය විසින් පිළිගත් එය වර්තමානයේ ජාත්‍යන්තර රතු කුරුස හා රෙඞ් ක්‍රෙසන්ට් සමාජයටද පිළිගනු ලැබීය. විවිධ කොටස්වලට අනුකූලව හා සෙවිල් (Seville) ගිවිසුමට හා 2030 උපාය මාර්ගයට අනුකූලව එහි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා දිගු කාලීනව ක‍්‍රියාත්මක කරන බවට සහතික කිරීමට සංවිධානය අදහස් කරනු ලබයි. දැනට ස්වේච්ඡා සේවකයින් 8500කින් සමන්විත ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය 100,000 සාමාජික පිරිසකින් සමන්විත වන අතර ශාඛා 25ක් තුළින් දිවයිනේ සෑම පරිපාලන දිස්ත‍්‍රික්කයකම ක‍්‍රියාත්මක වේ. ශ‍්‍රී ලංකාවේ අවදානමකට ලක් විය හැකි පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාලීමට, භේදයකින් තොරව ආපදා සහ හදිසි සෞඛ්‍ය අවස්ථාවන්වලට පෙර හා පසුව ක‍්‍රියා කරන ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය පිළිබඳ වැඩි විස්තර www.redcross.lk තුළින් ලබා ගත හැකිය.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...