කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන සිලෝන් ටුබැකෝ කම්පනි පීල්සී ^˜CTC)විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීම සඳහා යොමු කරන ලද ලිපිය.

Share

Share

Share

Share

2023 නොවැම්බර් 23

රේණුක විජයවර්ධන මහතා

ප‍්‍රධාන නියාමන නිලධාරී

කොළඹ කොටස් වෙළෙඳපොළ

04-01,

බටහිර කුළුණ,

ලෝක වෙළඳ මධ්‍යස්ථානය

එචලන් චතුරස‍්‍රය,

කොළඹ 1.

හිතවත් මහත්මයාණෙනි,

විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව පැහැදිලි කිරීම

මෙය 2023 නොවැම්බර් 21 දිනැති අප විසින් යොමු කළ ලිපිය හා බැඳේ.

අපගේ වෙළඳ හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කරන ලද අවස්ථාවේදී, 2023 නොවැම්බර් 17 වන දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගයේ ලිඛිත පිටපතක් අප සතුව නොතිබුණු අතර මෙම තත්වය තුළ අදාල නියෝගය සම්බන්ධයෙන් CTC විසින් අවශ්‍ය පූර්ව ක‍්‍රියාමාර්ග ගන්නා ලදී. මෙම තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂිත පියවරක් ලෙස CTC විසින් 2023 නොවැම්බර් 17 දිනැති ලිපිය CTC හි ව්‍යාපාරික හවුල්කරුවන් වෙත යොමු කරන ලදී.

මේ අතර මෙම නියෝගයේ සහතික කළ පිටපතක් මෙම ලිපිය සමඟ අමුණා ඇත.

CTC ‘‘පෙත්සම්කරු” ලෙස සඳහන් කර ඇති එම නියෝගය පරීක්ෂා කර බැලීමේදී ‘‘පෙත්සම්කරුට එරෙහිව අසාධාරණ හෝ නීති විරෝධී තීරණ ගැනීමේ හැකියාව දැන් පහව ගොස් ඇත” යන්න අභියාචනාධිකරණය ප‍්‍රකාශ කර ඇති බව පැහැදිලිය. ‘‘මෙම ගැටලූව සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින් අවසාන තීරණයක් ගන්නා තුරු වගඋත්තරකරුවන් පෙත්සම්කරුට හානිවන තීරණ ගැනීමෙන් වැළකී සිටිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ. මෙම නිරීක්ෂණ මත පදනම්ව, පෙත්සම්කරු ඉල්ලා සිටි අතුරු සහනය ලබා දීම මෙම අවස්ථාවේදී අවශ්‍ය නොවන බව අධිකරණය තීරණය කර ඇත.

ගරු අධිකරණයේ මතය සැලකිල්ලට ගනිමින්, අපගේ නිෂ්පාදන අලෙවිය යථාකාලයේදී සාමාන්‍ය තත්වයට පත්වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ CSE වෙත දැනුම් දීමට බලාපොරොත්තු වේ.

CTC විසින් මෙම කාරණයට අදාල තොරතුරු CSE වෙත කඩිනමින් දැනුම් දෙනු ඇත.

 

 

 

 

 

 

 

 

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...