ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.

මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණය සමූහ සංජය විජේමාන්න මහතා පැවසුවේ ‘‘නොයෙකුත් අභියෝග මධ්‍යයේ වුවද ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පෙර වසරට සාපේක්ෂව 3.6% ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. සිංගර් සමඟ වන අපගේ හවුල්කාරිත්වය තුළින් දේශීය ගොවීන්ගේ මෙම ඔරොත්තු දීමේ හැකියාවට සහ ශක්තියට සහාය වීම අපගේ අරමුණයි. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ගොවීන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරමින් තව තවත් සාර්ථකත්වයට පත් වීමට අපි අපගේ ගනුදෙනුකාරභවතුන්ව දිරිමත් කරනවා.’’ යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය මගින් HNB විසින් පාරිභෝගිකයින්ගේ මූල්‍ය තත්වයට ගැලපෙන විශේෂ අඩු පොළී අනුපාත හා ආකර්ෂණීය ලීසිං පැකේජ ලබා දෙනු ඇත. මීට අමතරව, HNB හි Prestige Prime වෙළෙඳ හවුල්කාර ජාලය තුළ අගය එකතු කළ නිෂ්පාදන සහ සේවා සඳහා වට්ටම් සහ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට ද පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.

තවද මෙම පැකේජය තුළින් HNB General Insurance වෙතින් ආකර්ෂණීය වට්ටම් සහිත මාසික වාරික සහ නොමිලේ රුපියල් මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් ද ්වභාවික මරණයක් සඳහා HNB ඇෂුවරන්ස් විසින් රු. 600,000ක රක්ෂණාවරණයක් ද ලබා දෙයි.

‘‘දීප ව්‍යාප්ත අප ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට දැරිය හැකි මිලකට ලීසිං විසඳුම් ලබා දීමට HNB සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය නැවතත් අලූත් කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. විශේෂයෙන්ම පහළ මට්ටමේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් සඳහා HNB හි අඛණ්ඩ සහයෝගය, කෘෂි ක්ෂේත‍්‍රයේ දියුණුවට අවශ්‍ය නවීන යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීමට අපට හැකි බව සහතික කරනවා.’’ යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සංජය විජේමාන්න සහ සිංගර් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන යන මහත්තවරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ සිංගර් පීඑල්සී හි ජේෂ්ඨ නිළධාරීන් ද ඡායාරූපයේ වෙයි.

 

 

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...