තේ සහ රබර් ක්ෂේත්‍රයන්හි යෝජිත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ නිවේදනය

Share

Share

Share

Share

තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කර තිබිණ. එසේම ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි 1 වන දින කොටගල දී පැවති රැස්වීමකදීද ඒ බව නැවත ප්‍රකාශ කර සිටින ලදී.

ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබූ අවස්ථාව වන විටත් එම වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොතිබිණි. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් කම්කරුවන් හා මහජනතාව වැරදි වැටහීමක සිටින බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ හා එහි සාමාජිකයින්ගේ විශ්වාසයයි. තවද 2024 අප්‍රේල් 30 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සඳහන් වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් “තේ වගා කිරීමේ හා නිෂ්පාදන කර්මාන්තයේ නියුතු කම්කරුවන් වෙනුවෙන් අවම දෛනික මුදල තීරණය කිරීමට අදහස් කරන බවයි. 2024 මැයි 15 දක්වා එම තීරණය සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමේ අවස්ථාව ද අදාළ පාර්ශවයන් වෙත ලබා දී ඇත.

එසේම ගැසට් නිවේදනයට අදාළ උපලේඛණයේ ලැයිස්තුගත කර ඇති තොරතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වීම හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කලාපීය වැවිලි සමාගම් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් හට මෙම නිවේදනයන් තුළින් අවසර ලබා දී ඇත.

වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප් 2024 මැයි 01 වන දින සිට අදාළ වන බවට පළවූ මාධ්‍ය වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති අතර යෝජිත නව වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වන දිනය හෝ වැඩිවන වැටුප් ප්‍රමාණය මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා වැවිලි කරුවන්ගේ සංගමය හා එහි සාමාජිකයින් අවධාරණය කර සිටියි.

කම්කරු කොමසාරිස්වරවයා විසින් නියම කර ඇති කාල සීමාව තුළ තම සාමාජිකත්වය විසින් මෙම යෝජනාවලට අදාල විරෝධතා ගොනු කිරීමට කටයුතු කරන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසා සිටියි.

මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තවදුරටත් පවසන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශ සහ මාධ්‍ය විසින් එය වාර්තා කර ඇති ආකාරය කම්කරුවන් තුළ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇති කර ඇති බවයි.

එසේ හෙයින් මහජනතාව වෙත මෙම කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධ නිවැරදි හා සත්‍ය තොරතුරු ලබා දීම වෙනුවෙන් මෙම නිවේදනය පලකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

 

Still Chosen, Still Evolving: Coca-Cola...
මීළඟ ඩොලර් බිලියන 3 හඹා...
TikTok, කිසිඳු භේදයකින් තොරව සියලු...
Effie සහ SLIM DIGIS හි...
ITC Ratnadipa Celebrates World Tourism...
Sophos To Bring OpenAI GPT...
வகுப்பறைகளைத் தாண்டிய அறிவியல்: TikTok மூலம்...
JXG Spotlight earns dual recognition...
Sophos To Bring OpenAI GPT...
வகுப்பறைகளைத் தாண்டிய அறிவியல்: TikTok மூலம்...
JXG Spotlight earns dual recognition...
மின்சார வாகன சந்தையில் புதிய மைல்கல்:...