නැව් නියෝජිතසේවා, භාණ්ඩ ප්‍රවාහනය ක්ෂේත්‍රයේ නියාමනය සඳහා පැනවූ නව රෙගුලාසි මගින් අත්‍යාවශ්‍ය ආහාර ආනයනයකරුවන් කබලෙන් ලිපට

Share

Share

Share

Share

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසටි පත්‍රය වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරිම හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු වර්ග 40ක පමණ ගාස්තු සමාගම් විසින් හිතුමතේ යළිත් වැඩිවිමෙි තත්වයක් උදාවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසයි.
ආනයන , අපනයනකරුවන් හා පාරිභෝගිකයා ආරක්ෂා කිරිම සදහා ආදාළ ගැසටි නිවෙිදනය එවකට වරාය නාවික ඇමතිවරයාව සිටි මහින්ද සමරසිංහ මහතා විසින් නිකුත් කර තිබු අතර එමගින් භාණ්ඩ පැටවිම ,ගොඩබෑම . ගුදාමි ආදි කාර්යන් සදහා අයකරන සියලුම ගාස්තු නාවික සමාගම මගින් ගෙවනු ලැබු අතර ඒ සදහා නිශ්චිත ගණන් ප්‍රකාශයට පත් කර තිබිනි.
එහෙත් මෙම ගැසට් පත්‍රය අවලංගු කිරිම නිසා අදාල සියලුම ගාස්තු ආනයනකරු විසින් දැරිමට සිදුවන අතර අවසානයේ එවා පාරිභෝගිකයා මත රිසිසේ වැඩි කර අයකර ගැනිමට ඔවුන්ට අවස්ථාව උදා වේ.
මෙම තත්වය හේතුවෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වන සිනි , පරිප්පු , සහල් ආදි සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවලට තදින්ම බලපාන බවත් ආනයනකරුවන් හා පාරිභෝගිකයින් ආරක්ෂ කළ මෙම ගැසටි පත්‍රයේ ඇති වැදගත්කම සමිබන්ධයෙන් අවබෝධයක් නොමැතිව අදාල පාර්ශව සමග සාකච්ජා නොකොට අවලංගු කිරිමෙන් ගැටලු රැසක් මතුවන බව සිනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී එම් අබෙිසේකර පැවසීය

Eco Spindles සහ Green Earth...
අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය, ශ්‍රවණාබාධිත...
International Healthcare Leader requests for...
செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கு பேச்சு மற்றும்...
TikTok Expands Tools to Help...
IHH Healthcare Singapore Advances Sri...
දිට්වා සුළි කුණාටුවෙන් පසු සම්බන්ධතා...
අයහපත් කාලගුණය හමුවේ විපතට පත්...
IHH Healthcare Singapore Advances Sri...
දිට්වා සුළි කුණාටුවෙන් පසු සම්බන්ධතා...
අයහපත් කාලගුණය හමුවේ විපතට පත්...
රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන්...