ප්‍රථම වරට ශ්‍රි ලංකාවේදී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 (Legends Cricket Trophy )

Share

Share

Share

Share

මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස්  ක්‍රිකට් තරඟාවලියට  ලෝකයේ  ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත.

 

ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන්  ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි.  දින 14 ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේදී  විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සමන්විත  කණ්ඩායම් 7 ක්  මහත්සේ ඇලුම්කරන කුසලානය හිමිකර ගැනීම පිණිස සිය ක්‍රිකට් පිති හසුරුවීමට සුදානමින් සිටිති. මෙම තරඟාවලිය ආරම්භකරමින් ප්‍රථම වරට තරඟ පසුගිය වසරේදී ඉන්දියාවේ දිල්ලි නගරයේ  දී  සාර්ථක ලෙස පවත්වන ලදී.

 

LCT T20 League Pvt Limited සමාගම විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලියට පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල ලෙජන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායම් සඳහා වෙන්දේසි කරනු ඇත. මෙම තොරතුරු අනාවරණය වූයේ ක්‍රීඩකයන් කණ්ඩායම්වලට වෙන්දේසිකිරීම සහ  මෙම කුසලානය සඳහා සැකසූ ජර්සිය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයේදීය. ක්‍රීඩක වෙන්දේසිය ට චමින්ද වාස් සහ තිසර පෙරේරා යන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන්  හිටපු ක්‍රිකට් ක්‍රීඩක පර්වේස් මහරූෆ් සත්කාරකත්වය දැක්වීය.

 

කණ්ඩායම් හතට වෙන්දේසි කරන ලද  ක්‍රීඩකයන්ට යුවරාජ් සිං, ක්‍රිස් ගේල්, සුරේෂ් රයිනා, බෙන් ඩන්ක්, රොස් ටේලර්,ජොහාන් බෝතා, හර්භජාන් සිං, ෂහීඩ් අෆ්රිඩි, කම්රාන් අක්මාල්, සනත් ජයසූරිය, මිස්බා-උල්-හක්, අම්බාති රායුදු ,ඩිවේන් බ්‍රාවෝ , තිසර පෙරේරා සහ ඉම්රාන් තහීර් ඇතුළත් වූහ. වරය ලත්  ලීග් කණ්ඩායම්වන්නේ රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් ය‍. (The franchised teams are Rajasthan Kings, Delhi Devils, Punjab Royal, Kandy Warriors, Colombo Lions, New York Superstar Strikers and Dubai Giants)

 

මාධ්‍යයට කරුණු දැක්වූ, Legends Cricket Trophy අධ්‍යක්ෂ ෂිවේන් ෂර්මා  ප්‍රකාශ කළේ, “ පසුගිය වසරේ පැවති තරඟාවලියට සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දැක්වූ , ක්‍රීඩාවට සම්බන්ධ app KhiladiX හි අඩවියෙහි 62% ක ඉහළයාමක්  සහ අතිශයෙන් සාර්ථක ඇප් දියත්කිරීමක් තිබූණි. පසුගිය වසරේ තරඟාවලියේ සාර්ථකත්වය සැලකිල්ලට ගන්නා විට, ශ්‍රි ලංකාව නිසැකවම අපගේ දෙවැනි තරඟාවලිය පැවැත්වීමට හොඳම යෝජනාව බවට පත්විය. ඉන්දියාවේ වගේම  ශ්‍රී ලංකාව තුළද ක්‍රිකට් කෙරෙහි මහත් ඇල්මක් පවතින අතර මෙරට ක්‍රීඩා ලෝලීහු ඔවුන්ගේ ලෙජන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයන් පිටියේදී දක්වන සුවිශේෂී දස්කම් අඛණ්ඩව දැකගැනීමේ අභිලාෂයෙන් පසුවෙති. මෙම තරඟාවලිය මෙම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් තවමත් පිටියේ සිය අණසක පැවැත්වීමේ  සුවිශේෂී දක්ෂතාවලින් පිරිපුන් බව පෙන්වන අවස්ථාවක් වනු ඇත. මෙම පන්දු 90 ආකෘතිය අනුව  ක්‍රීඩා කිරීමට ශ්‍රි ලංකාවෙහි ක්‍රිඩාංගනයේ පරිපූර්ණ සුදුසු තත්වයක් පවතී.”

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...