මෙරට වාරි ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සිදු කළ සම්පත් බැංකුව, 25 වැනි වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

Share

Share

Share

Share

හෙළ වාරි සංස්කෘතියට නව ජීවයක් එක් කරමින් ආරම්භ කරන ලද, සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ තිරසාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළ බව සම්පත් බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කරයි. එම සුවිශේෂී මොහොත සනිටුහන් කරමින් මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීම සඳහා පළමු පස් පිඩැල්ල කැපීමේ සමාරම්භක උත්සවය පසුගියදා පවත්වන ලදී.

2001 වසරේ උඩුමත්තල වැව ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ ආරම්භ වූ ‘වැවට ජීවයක්’ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික වපසරිය පරිවර්තනය කිරීමෙහිලා ප්‍රමුඛස්ථානයක් ගත්තේ ය. පසුගිය වසර 23 පුරාවට මෙම ව්‍යාපෘතිය ඔස්සේ සම්පත් බැංකුව සිය ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් ඔබ්බට ගොස් පුළුල් ප්‍රජා අවශ්‍යතාවන් සපුරාලීමට කැප වී කටයුතු කර ඇති අතර, අඛණ්ඩව වසර 37ක් මුළුල්ලේ සැබෑ ශ්‍රී ලාංකේය බැංකුවක් වශයෙන් පොදු මහත් සමාජය තුළ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩ නඟා ගැනීමට සමත්ව තිබේ.

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය මේ පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසිනි. “තිරසාර වූ සමාජ – ආර්ථික ප්‍රගතියක් තහවුරු කිරීමේ අරමුණින් යුතුව අබලන්ව පවත්නා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ප්‍රමුඛ පෙළේ දේශීය බැංකුවක් වශයෙන් අපි හඳුනා ගෙන සිටින්නෙමු. ‘වැවට ජීවයක්’ වැඩසටහන පුරාවට අපගේ සහායට සිටි ප්‍රජාවට ප්‍රතිලාභ අත් කර දෙමින් සහ පරිසර පද්ධතිය ද යළි පණ ගන්වමින් ස්වයංපෝෂිත ප්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි’’

අරලගංවිල පිහිටි මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයම මෙලෙස ප්‍රතිසංස්කරණය වන අතර එමගින් වැව් ආශ්‍රිත ගම්මාන අවට ගොවි පවුල් 352කට ප්‍රතිලාභ හිමි වේ. සම්පත් බැංකුවේ උපායමාර්ගික තිරසාර වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක මෙම මුලපිරීම ඔස්සේ දිගුකාලීන සමාජ සහ ආර්ථික ප්‍රගමනයට බාධා පමුණුවන ගැටලුවලට විසඳුම් ද ලබා දෙයි.

‘වැවට ජීවයක්’ වැඩසටහනෙහි අරමුණ වන්නේ වියළි හා අතරමැදි කලාපවල අභාවයට යමින් පවතින වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් දේශීය කෘෂි ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන දේශීය ගොවියන්ගේ ජල අවශ්‍යතාවය සහතික කරමින් අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමයි. යල සහ මහ කන්න දෙකෙහිම භෝග වගා කිරීමෙහිලා දායක වෙමින් දේශීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ගොවියන් සවිබල ගැන්වීමට මහඟු දායකත්වයක් සපයන මෙම වැඩසටහන ජාතික ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කරලීමටත්, ශ්‍රී ලාංකේය ප්‍රෞඪ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමටත් ‌උපකාරී වේ.

සමාජ-ආර්ථික උන්නතිය උදෙසා කැපවී සිටින ආයතන සහ සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම, සම්පත් බැංකුවේ තිරසාර ප්‍රයත්නයේ ප්‍රමුඛතම අංගයක් වන අතර පුළුල් සමාජයීය බලපෑමක් ඇති කරන මෙවැනි වැඩසටහන්වලට ප්‍රජාව සම්බන්ධ කර ගැනීම සඳහා සම්පත් බැංකු කණ්ඩායම ක්‍රියාකාරී ලෙස කටයුතු කරනු ලබයි.

සැබෑ ශ්‍රී ලාංකේය ජන හදගැස්මට නැවුම් වටිනාකමක් එකතු කරමින් සම්පත් බැංකුව, සිය 25 වැනි වාරි ව්‍යාපෘතියෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම මඟින් මෙරට ප්‍රජාව කෙරෙහි ධනාත්මක සහ කල්පවත්නා වෙනසක් ඇති කිරීමට ඇති කැපවීම යළිත් පෙන්නුම් කරයි.

 

 

CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...
Huawei 2026 ශ්‍රී ලංකා AI...
International Athletes backed by Carnage...
“பிள்ளை மடு” முதல் மருத்துவக் கல்லூரி...
Huawei 2026 ශ්‍රී ලංකා AI...
International Athletes backed by Carnage...
“பிள்ளை மடு” முதல் மருத்துவக் கல்லூரி...
இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...