වටවල වැවිලි පීඑල්සී නව සභාපති ධුරයට රියාස් මිහුලර් පත්වේ

Share

Share

Share

Share

තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි.

මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන රියාස් මිහුලර් මහතා, ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව භූමිකාවන් රැසක් ද හෙබවූ අයෙකි. ඔහු 2012 සිට 2022 දක්වා KPMG ශ්‍රී ලංකා සහ මාලදිවයින් ශාඛාවල ඉහළ තනතුරක (Managing Partner) සේවය කළේය. එසේම, KPMG හි මැද පෙරදිග සහ දකුණු ආසියා කලාපීය කොටසේ මුලසුන දැරූ අතර එහිදී ඔහු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කළේය. මිහුලර් මහතාගේ ප්‍රවීණත්වය ගිණුම්කරණය සහ කළමනාකරණය යන අංශ දෙකටම විහිදේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිත්වය සහ වසර ගණනක සාමාජිකත්වය ඊට හොඳම නිදසුනකි.

වර්තමානයේ, ඒ මහතා වටවල වැවිලි සමාගම සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම ඇතුළු ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරයි. එසේම ඔහු කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයෙක්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශවකරුවන්ගේ සම්බන්ධීකරණ කමිටුවේ ද සාමාජිකයෙක්ද වේ.

සභාපති තනතුරින් නික්ම ගිය සුනිල් ජී විජේසිංහ මහතා පසුගිය වසර 12ක කාලය තුළ වටවල වැවිලි සහ සීමාසහිත වටවල කිරි යන සමාගම් ද්විත්වයෙහිම අධ්‍යක්ෂ මණ්ඩලවල සේවය කර ඇත. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය අගයමින් 2023 සැප්තැම්බර් මාසයේදී ජපාන රජය විසින් ඔහු ‘Order of the Rising Sun’ සම්මානය පිරිනමන ලදී.

වටවල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස ඔහුගේ ධුර කාලය තුලදී 5ී ඇතුළු තවත් ජපන් කළමනාකරණ ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීම මගින් සමාගම කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තේය. එසේම, EFC රැස්වීම්වල වැටුප් සාකච්ඡා සඳහා විජේසිංහ මහතා ක්‍රියාකාරීව සම්බන්ධ වීම, උපදේශකයෙකු ලෙස ඔහුගේ භූමිකාව මෙන්ම වැඩමුළු සහ නායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම, ආයතනික විශිෂ්ටත්වය සඳහා ඔහුගේ වූ කැපවීම ඉස්මතු කළේය. වසර 12කට ආසන්න කාලයක් කැපවුණු සේවයෙන් සහ ප්‍රායෝගික කළමනාකරණයෙන් අනතුරුව විජේසිංහ මහතා සභාපති ධූරයෙන් විශ්‍රාම ගොස් තිබුනේ අභියෝග මධ්‍යයේ ඔරොත්තු දීමේ සහ උපාය මාර්ගික මග පෙන්වීමේ උරුමයක් ඉතිරි කරමිනි. තම සමාගම වෙනුවෙන්, සුනිල් ජී විජේසිංහ මහතා විසින් පෙන්වූ විශිෂ්ට සේවය සහ නායකත්වය වෙනුවෙන් හෘදයාංගමව සමුදුන් වටවල වැවිලි සමාගම විසින් නව සභාපති රියාස් මිහුලර් මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.

සන්ෂයින් හෝල්ඩින් පී එල් සී සහ පිරමිඩ් විල්මා ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටට් අතර හවුල් ව්‍යාපාරයක් වන වටවල ප්ලාන්ටේෂන් පී එල් සී (CSE: WATA) යනු පාම් ඔයිල් වගාව සහ කිරි නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාර සමාගමකි. සමාගම විසින් 1,500 කට අධික ශ්‍රම බලකායක් සමඟ පාම් ඔයිල් හි හෙක්ටයාර් 3,400 කට අධික භූමි ප්‍රමාණයක් කළමනාකරණය කරයි. එය වාර්ෂිකව පාම් ඔයිල් මෙටි්‍රක් ටොන් 13,500 ක් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම පාම් ඔයිල් වගාව බවට පත් කරයි. 2023 මාර්තු 31 වන විට, සමාගම දළ වශයෙන් වෙළඳපල කොටස ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයෙන් 54% කි. වටවල වැවිලි සමාගම ඉහළම ජාත්‍යන්තර වගා සහ තිරසාර ප්‍රමිතීන් අනුගමනය කරන අතර තිරසාර පාම් ඔයිල් (RSPO) සහතිකය ලබා ගත් දකුණු ආසියාවේ ප්‍රථම ඔයිල් පාම් වැවිලි කළමනාකරණ සමාගම වේ. මේ අතර අපගේ පාම් ඔයිල් කම්හල වෙත ලැබුණු ෂීධ 45001 (වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව) සහතිකය, සේවක ආරක්ෂාව සඳහා අපගේ ප්‍රවේශය සනාථ කරයි.

වමේ සිට දකුණට: වටවල වැවිලි PLC නව සභාපති රියාස් මිහුලර් සහ හිටපු සභාපති සුනිල් G. විජේසිංහ

 

உலகளாவிய விரிவாக்கத்தைத் தொடரும் HBO MAX,...
HBO Max continues global expansion,...
Rockland Group Commemorates 101 Years...
City of Dreams Sri Lanka-வின்”Signature...
அரசின் ஆதரவுடன் STEM Feed திட்டத்தை...
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන්...
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස...
AHRP, Sentiva, and Altrium sign...
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන්...
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස...
AHRP, Sentiva, and Altrium sign...
Evolution Auto மற்றும் Ather Energy...