ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රමිතීන් සංවර්ධන කිරීම උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය කටයුතු කරයි

Share

Share

Share

Share

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.

ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය-පුද්ගලික සහයෝගීතාව යන තේමාව යටතේ පවත්වනු ලැබූ මෙම සම්මන්ත්‍රණයේදී රාජ්‍ය ආයතනයන් හි මෙන්ම පුද්ගලික අංශයේ ආහාර-පාන කර්මාන්තයේ නියුතු නිලධාරීන්ට ගෝලීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ ක්‍රියාවලිට පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දීමට කටයුතු කර තිබුනි.

මෙරට ජාතික තත්ව සහ ප්‍රමිති පද්ධතිය නඟා සිටුවීමේ ව්‍යාපෘති අරමුණු සමඟ යමින් ප්‍රමිති සංවර්ධනයේ නිරතව සිටින ශ්‍රී ලාංකේය නිලධාරීන් දැනුමින් සන්නද්ධ කිරීමට මෙහිදී කටයුතු කර තිබුනි. ඒ අනුව නිරන්තරයෙන් වෙනස් වන කර්මාන්ත ප්‍රමිතීන් සංවර්ධනය හා ඒවායෙහි සුදුසු/නුසුදුසු බව සොයා බැලීම සඳහා වගකීමක් සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන් නිර්මාණය කිරීමට ඔවුන්ව දැනුමින් පෝෂණය කිරීම මෙම සම්මන්ත්‍රණයේදී සිදු විය. ප්‍රමිති සංවර්ධනයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂ අවදානයක් යොමු කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය Johann Hesse මහතා මෙහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන ආහාර පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ “රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන්හි හැකියාවන් හා දායකත්වයන් තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් හා ගෝලීය තරඟකාරීත්වයක් සඳහා වන ප්‍රමිතීන් ඉහළ නැංවීම තුළින් ප්‍රතිලාභ අත්කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතුයි” යනුවෙනි-

කර්මාන්ත හවුල්කරුවන්ගේ සහ නියාමන ආයතනයන්හි සහයෝගීතාවය මනාව ප්‍රදර්ශනය කළ මෙම ව්‍යාපෘතිය තුළින් අදහස් හා සිද්ධි අධ්‍යනයන් බෙදා හදා ගන්නා ලදී. ප්‍රමිති ඉහළ නැංවීමේ කටයුතුවලදී අවස්ථා සහ අභියෝගයන් පිළිබද අවබෝධ කර ගැනීමට මෙහිදී සහභාගී වූවන්ට අවස්ථාව සළසා දුන් මෙම අවස්ථාව අනාගතක සහයෝගීතාවයන් වෙනුවෙන්ද මඟ විවර කර දෙනු ලැබීය. ඒ නිසාම ප්‍රමිති ඉහළ නැංවීම පිළිබඳව හරවත් සාකච්ඡාවකට අවස්ථාව සැලසූ මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශයන් අතර අදහස් හුවමාරු කර ගැනීමටද පහසුකම් සලසනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භය සනිටුහන් කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය කෘෂි ආහාර කෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින අභියෝගවලට මුහුණ දීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. තවද කර්මාන්තයේ, රජයේ සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම ප්‍රමිතීන් නිසි පරිදි හා ඵලදායී ආකාරයෙන් පවතින බව මෙම අඛණ්ඩ සහයෝගීතාවය තුළින් තහවුරු කළ හැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට පෙර ව්‍යාපෘතිය යටතේ ප්‍රමිති සංවර්ධනය, ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ ප්‍රමිතිකරණ වැඩපිළිවෙල, ජාතික දර්පණ කමිටු පිහිටුවීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන නිලධාරීන් 60 කට වැඩි පිරිසක් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහනක්ද සංවිධානය කර තිබුනි.

UNIDO හි ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ විශේෂඥ ආචාර්ය Jairo Villamil-Diaz මහතා නිෂ්පාදනයේ ගුණාත්මකභාවය, ආරක්ෂාව, සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා සීඝ්‍රයෙන් වර්ධනය වන වත්මන් කාර්මික පරිසරය තුළ ප්‍රමිතිවල තීරණාත්මක බව මෙහිදී පෙන්වා දෙන ලදී. UNIDO හි ජාතික ආහාර සුරක්ෂිතතා විශේෂඥවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන සනත් මෙන්ඩිස් මහතා මෙහිදී ‘තත්ව සහ ප්‍රමිති ස්වභාවය’ පිළිබඳව පෙන්වා දෙමින් ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් ජාතික තත්ව සභාවක් පිහිටුවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙම වැඩමුළුව අවසන් වූයේ ප්‍රමිති සංවර්ධන උත්සාහයන් ඉදිරියට ගෙන යාමටත්, තිරසාර කර්මාන්ත වර්ධනයට දායක වෙමින් හා ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් සහභාගී වූවන්ට ආරාධනා කිරීම මගිනි.

 

 

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...