“ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා IMF සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවලින් සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍යයි” – මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ

Share

Share

Share

Share

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවැත්වෙන “Voice of the Global South Summit  G 20 සමුළුවට” මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් වෙමින් සමුළුව අමතමිණි.

රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිලි කරමින් කරුණු දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබා දීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.

රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසා මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය ඇතුළු ගැටලු රැසකට හේතු වී ඇති ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැහැඳිලි කරන ලදී.

“කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කඩිනමින් ගිවිසුම්වලට එළඹීමට ප්‍රමාද වීම නිසා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබා දීම ද ප්‍රමාද වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින අතර එවැනි තාක්ෂණික ගැටළු සහ ප්‍රතිඵල ප්‍රමාදයන් නිසා රටේ ජන ජීවිතයට විශාල හානියක් ඇති වේ. එබැවින් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් මෙම ක්‍රියාවලියේ අවසන් පියවර ඉක්මනින් සිදු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “ආර්ථික අර්බුදයේ බලපෑමෙන් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කෙරේ. විනිවිදභාවය සහ ආර්ථික ශක්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. මේ හරහා විනිමය අනුපාතික නම්‍යශීලිත්වය වැඩි වනු ඇත. ජාත්‍යන්තර සංචිත සහ නම්‍යශීලී උද්ධමන ඉලක්ක සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයට සහාය වන ආයතනික රාමුව ශක්තිමත් කිරීම සිදු වේ.” යනුවෙනි

Samsung Sri Lanka Celebrates International...
இலங்கையில் முதலீடுகளைத் தக்கவைக்க நிலையான கொள்கை...
ஜனவரியில் இலங்கையின் ஆடை ஏற்றுமதி சரிவு;...
HNB හි දමිත් පල්ලෙවත්ත මහතා...
ඉහළ ණය වර්ධනයක් සහ ශක්තිමත්...
Analytical Instruments Pvt Ltd and...
APHNH President Raveen Wickremesinghe on...
Janashakthi Life වෙතින් ‘දිට්වා’ සුළි...
Analytical Instruments Pvt Ltd and...
APHNH President Raveen Wickremesinghe on...
Janashakthi Life වෙතින් ‘දිට්වා’ සුළි...
First Capital සමාගම CA Sri...