ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද Brand Week 2023 හි නිල බැංකු සහකරු ලෙස HNB එක් වෙයි

Share

Share

Share

Share

නැගී එන අලෙවිකරුවන්ට අත්වැලක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී අවසන් වූ SLIM Brand Week 2023 හි නිල බැංකුකරණ සහකරුවා හවුල්කරු ලෙස එක් විය.
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම තුන්දින සම්මන්ත‍්‍රණය සංවිධානය කළේය. එහිදී සන්නාම, වාණිජ්‍යය සහ ජාත්‍යන්තර අලෙවිකරුවන් සමඟින් නැගී එන තාක්ෂණයන් හි ඉදිරි දර්ශනය පිළිබඳව ගවේෂණය කරන ලද අතර ගෝලීය වශයෙන් අභියෝගාත්මක සහ වෙනස්වන යුගයක අලෙවිකරණයේ සහ සන්නාමකරණයේ ඉඟි පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන්නේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB අලෙවි ප‍්‍රධානී උපුල් අදිකාරි මහතා පැවසුවේ ‘‘SLIM Brand week යනු සාර්ථක සන්නාම තානාපතිවරුන් සහ උපාය මාර්ගික දක්ෂයින්ගේ දැනුම සමඟින් ශ‍්‍රී ලාංකේය අලෙවිකරණ ජාලයට ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීමට අපට ඇති අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. ක්ෂේත‍්‍රයේ පවතින තරගකාරී ස්වභාවය අනුව, මෙම සුවිශේෂී අත්දැකීමේ කොටස්කරුවෙකු වීමට පාසල්වල ඇති ශිෂ්‍ය ඉතිරිකිරීමේ ඒකකවල තෝරා ගත් සාමාජිකයින්ට ආරාධනාවක් කිරීමට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා.’’ යනුවෙනි.
”අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ කණ්ඩායම් සහ පුද්ගලික ඉලක්ක ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට, අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ ජාලගත කිරීමට මෙම සම්මන්ත‍්‍රණය උපකාරී වුණා. නිල බැංකු සහකරුවා ලෙස HNB විසින් ලබා දෙන අනගි සහයෝගයට අපි ස්තුතිවන්ත වනවා. ඔවුන්ගේ දැඩි උනන්දුව සහ සහයෝගය සමඟින් ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් සමඟ අපගේ ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපට හැකි වුනා.” යනුවෙන් SLIM Brand Week 2023 ව්‍යාපෘතියේ සභාපති අසංක පෙරේරා මහතා පැවසුවේය.
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය යනු ශ‍්‍රී ලංකාවේ අලෙවිකරණය සඳහා වන ජාතික ආයතනයයි. එහි වැඩමුළු සහ පුහුණු වැඩසටහන් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබයි. එමගින් සංවිධානවල වත්මන් සහ අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා සේවකයින්ගේ නිපුණතා වැඩිදියුණු කිරීම මගින් ඔවුන්ගේ සමස්ත ඵලදායිතාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ලබයි.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...