සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා, ප‍්‍රථම වරට 3M Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත‍්‍රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ 3M හි Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක්‍ Cavilon No Sting Barrier Film හි එකම ශ‍්‍රී ලාංකේය බෙදා හරින්නා ලෙස උසස්ම තත්වයේ සම ආරක්ෂණ නිෂ්පාදන සඳහා අසමසම මඟක් විවර කර දෙමින් තුවාල සඳහා වන ඖෂධ නිෂ්පාදන වෙළෙඳපොලෙහි සුවිසල් වෙනසක් ඇති කිරීමට මේ සමඟ සූදානමින් සිටියි.

නිිරන්තරයෙන් රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන සන්ෂයින් හෙල්ත්කෙයාර් සමට සිදුවන හානි අවම කිරීමේදී සමේ ආරක්ෂාවෙහි වැදගත්කම පිළිබඳවද අවබෝධ කරගෙන ඇත. විශේෂයෙන් ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම දිගුකාලයක් පුරා පවතින තෙතමනය, ගැටීම, කැපීම, ආසාත්මිකතා හා වේදනාවන්ට හේතු වන ද්‍රව්‍යයන්ට නිරාවරණය වීම වැනි විවිධ අවදානම්වලට ගොදුරු විය හැකිය. ඒ හේතුවෙන් සම මත තෙතමනය නිසා ඇතිවන ආසාදන (MASD), දිගුකාලීන තුවාල (PU/PI), අසාත්මිකතා හේතුවෙන් ඇති වන රෝග වැනි සංකීර්ණ තත්වයන්ට මුහුණ දීමටද සිදු වනු ඇත.

ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා නවෝත්පාදකයු වන 3M සමඟ එක් වෙමින් සන්ෂයින් හෙල්ත්කෙයාර් විසින් අද්විතීය සම ආරක්ෂණ විසඳුමක් වන Cavilon ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවේ ඒ සියලූ ගැටළුවලට විසඳුම් ගෙන ඒම වෙනුවෙනි. 3M Cavilon No Sting Barrier Film සතු ටර්පොලිමර් (terpolymer) සංයෝගය හේතුවෙන් පහසුවෙන් භාවිත කරමින් සමට දිගු කාලීන ආරක්ෂාවක් ලබා ගැනීමේ හැකියාව උදා කර දෙයි. තවද hypoallergenic සහ මධ්‍යසාරයන්ගෙන් තොර නිෂ්පාදනයක් වන Cavilon සංවේදී සමට කිසිඳු හානියකින් තොරව ඵලදායී හා සුමුදු ආරක්ෂාවක් ද සහතික කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sunshine Medical Devices සහ Lina Manufacturing හි ප‍්‍රධාන විධායක නිලධාරී ටී. සයන්දන් මහතා පැවසුවේ ‘’නිරන්තරයෙන් හොඳම තත්ත්වය, ඉහළ කාර්යක්ෂමතාව හා මනා පාරිභෝගික තෘප්තියක් ලබා දීම වෙනුවෙන් කැපවී කටයුතු කරන Sunshine Healthcare Lanka හි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාකේය වෙළෙඳපොලට හඳුන්වාදීම පෙන්වා දිය හැකියි. එසේම ලාංකිකයින් වෙත හොඳම සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් ලබා දීම සඳහා අප යළි යළිත් කැප වන බව මේ තුළින් මනාව පිළිබිඹු වනවා. 3M Cavilon No Sting Barrier Film බෙදාහැරීමේ පුරෝගාමීයා ලෙස අපි පාරිභෝගිකයා වෙත තවත් එක් නිෂ්පාදනයක් ලබා දීමෙන් ඔබ්බට යමින් නවතම සුව සේවා නිෂ්පාදන තුළින් තුවාල සුව කිරීමේ අනාගතය හැඩගැස්වීමටද මේ තුළින් කටයුතු කළා.’’ යනුවෙනි.

සමෙහි ඇති දිගු කාලීන තුවාල, කැපුම් ආශ‍්‍රිත තුවාල, ගැටීම් හා කැපීම් ආශ‍්‍රිත තුවාල, ඖෂධ විෂවීම් ආශ‍්‍රිත තුවාල, තුවාල අවට හා උදරය අවට සමේ ආසාදන, නොගැලපීම් ආශ‍්‍රිත චර්ම රෝග සහ සන්ධි ආශ‍්‍රිතව ඇතිවන චර්ම රෝග ඇතුළු හිසේ සිට දෙපතුල දක්වා සම ආශ‍්‍රිත රෝග රැසක් සුවපත් කිරීමේ හැකියාව Cavilon සතුය. Cavilon හි අන්තර්ගත සුවිශේෂී සංයෝගය හේතුවෙන් සම ආරක්ෂා කිරීම සම්බන්ධ දුෂ්කර අභියෝගයන් පහසුවෙන් ජය ගැනීමේ අවස්ථාව සළසා දෙන නිසාම එය ලොව පුරා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගැනීමටද සමත්ව සිටියි.

සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා පිළිබඳව

පර්යේෂණ හා සංවර්ධන සහ ඖෂධ නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා වෙත සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන අලෙවිය සිදු කරන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා, ශ‍්‍රී ලංකාව පුරා සියලූ සෞඛ්‍ය සේවා නිෂ්පාදන බෙදා හැරීම ඇතුළු සේවා සපයන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සමාගමයි. ඊට Sunshine Pharmaceuticals, Sunshine Medical Devices හෙල්ත්ගාර්ඞ් ෆාමසි, ලීනා මැනුෆැක්චරින් සහ Healthguard Distribution යන ආයතන අයත් වේ.

1967 වසරේදී ආරම්භ කරන ලද සමාගම ජාත්‍යන්තර සුව සේවා නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදන ශ‍්‍රී ලාංකේය රෝගීන් වෙත ලබා දීම සඳහා තෝරාගත් හවුල්කරුවකු ලෙස කටයුතු කරයි. ඒ අනුව සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගම Abbott Labs, Novo Nordisk, Galderma, Zydus Cadila යන නිෂ්පාදන සමාගම් නියෝජනය කරන අතර ඊට අමතරව J&J Medical, Siemens Healthineers, 3M Healthcare, GE Healthcare යන ඖෂධ හා වෛද්‍ය උපාංගද, GNC, Natrol, Swisse Nutrition සහ අනෙකුත් සුවතා නිෂ්පාදනයන්ද නියෝජනය කරනු ලබයි.

අද වන විට MDI සහ යන අංශ දෙකෙහිම ශ‍්‍රී ලංකා රජය වෙත මූලික සැපයුම් සිදු කරන සැපයුම්කරුවන සන්ෂයින් හෙල්ත්කෙයාර් ශ්වසන ආශ‍්‍රිත නිෂ්පාදන සිදු කිරීම සඳහා ද අවධානය යොමු කර ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...