සම්පත් බැංකුවේ හැකියාවන් කලඑළි දක්වන සම්පත් තරු 2023 අප්රේල් 22 BMICH හිදී

Share

Share

Share

Share

මෙරට කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන සම්පත් බැංකුව සිය කාර්ය මණ්ඩලයේ ගායන, වාදන, නර්තන හා රඟ දැක්වීමේ හැකියාවන් කළ එලි දක්වන 2023 සම්පත් තරු අවසන් ප්රසංගය, අප්රේල් 22 වන දින කොළඹ බණ්ඩාරණායක ජාත්යන්තර අනුස්මරණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. සෑම සිව් වසරකටම වරක් පවත්වනු ලබන සම්පත් තරු ප්රසංගය සඳහා දිවයිනේ සියලු සම්පත් බැංකු ශාඛාවන්හි කාර්ය මණ්ඩලය අතුරින් අති දක්ෂයින් තෝරා ගනු ලබන්නේ ඒ ඒ අංශයන් තුළින් ඔවුන් දක්වන දක්ෂතාවන් පදනම් කර කරගත් මූලික තෝරා ගැනීමේ පරීක්ෂණයන් මඟිනි. මීට දශක 2කට පමණ පෙර ආරම්භ කරනු ලැබූ මෙම සම්පත් තරු වැඩසටහනෙහි ප්රමුඛ අරමුණ වන්නේ සම්පත් බැංකුවෙහි සේවයේ නියුතු හැකියාවන්ගේ පිරිපුන් සේවක මණ්ඩලයේ සුවිශේෂී කලා හා සෞන්දර්යය හැකියාවන් ප්රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමයි.

2000 වසරේ සිට සෑම සිව් වසරකටම වරක් පවත්වනු ලබන සම්පත් තරු වැඩසටහන 2020 වසරේ පැවති වසංගත තත්වය හේතුවෙන් එම කාලය තුළ පැවැත්වීමට නොහැකි වූ අතර මෙවර සම්පත් තරු 2023 ප්රසංගය පවත්වනු ලබන්නේ වසර 7කට පසුව වීමද විශේෂත්වයකි. මෙහිදී ගායන, වාදන, නර්තන, නිවේදන මෙන්ම වේදිකා නාට්ය හැකියාවන්ගෙන් සපිරි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් අයදුම්පත් ලබා ගැනීමෙන් පසු අදාළ මූලික වටයේ තෝරා ගැනීම් සිදු කරනු ලබන්නේ ඒ ඒ ක්ෂේත්රයන්හි ප්රවීන හා විශිෂ්ට විනිෂ්චය මණ්ඩලයක සහභාගීත්වයෙනි. 100% ක් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදු කරන මෙම තෝරා ගැනීම් තුළදී තමන්ගේ හැකියාවන් මත ඉදිරියට පැමිණීමේ අවස්ථාව කාර්ය මණ්ඩලයට උදා වේ. තෝරා ගනු ලබන කාර්ය මණ්ඩල සාමාජිකයින් පසුව මාස කිහිපයක පෙර පුහුණුවීම් සඳහා යොමු කරනු ලබයි.

මෙවර සම්පත් තරු 2023 මූලික වටයේ තෝරා ගැනීම් සඳහා දිවයින පුරා සම්පත් බැංකු ශාඛා කාර්ය මණ්ඩලයෙන් අයදුම් පත් විශාල ප්රමාණයක් ලැබී තිබූ අතර ඒ අතුරින් ගායන හැකියාවන්ගෙන් සපිරි ජයග්රාහකයින් 17ක්, නර්තන හැකියාවන්ගෙන් සපිරි ජයග්රාහක කණ්ඩායම් 7ක් මෙන්ම වේදිකා නාට්ය 2ක් අවසන් ප්රසංගය සඳහා තෝරා ගනු ලැබීය. සම්පත් බැංකුව විසින් මාස 6කට ආසන්න කාලයක් පුරා ක්ෂේත්රයේ ප්රවීනයිනගේ ගුරු හරුකම් මධ්යයේ පෙර පුහුණූවීම් වල නියැලෙන දක්ෂයින්ගේ පරිපූර්ණ හැකියාවන් එළඹෙන 22 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා වේදිකාවේදී දැක බලා ගැනීමේ හැකියාව උදා කර දී ඇත.

ආරම්භයේ සිටම සම්පත් බැංකුවේ සියලු දෙනා ඉතා උනන්දුවෙන් සම්බන්ධ වෙන මෙම සම්පත් තරු වැඩසටහන තුළින් සම්පත් බැංකුවේ සියලු ශාඛා සාමාජිකයින් අතර සුහදත්වය වර්ධනය වන අතරම ඔවුනොවුන්ගේ හැකියාවන් හඳුනා ගැනීමටද හැකියාව උදා වේ. එසේම දක්ෂයින් හට ඉදිරියට පැමිණෙමින් හැකියාවන් තුළින් ජීවිතය ජය ගැනීමේ අවස්ථාවද මේ තුළින් උදා කර ගත හැකිය. එමෙන්ම සම්පත් බැංකුවේ සභාපතිතුමා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේත්, කළමනාකාර අධ්යක්ෂතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පූර්ණ ආශිර්වාදයලත් මෙම වැඩසටහන සම්පත් බැංකුවට පමණක් නොව, සමස්ත ශ්රී ලංකාවටම නවක කලා ශිල්පීන් බිහි කරන තිඹිරිගෙයක් ලෙසද සඳහන් කිරීම නිවැරදිය.

බැංකුකරණයෙන් ඔබ්බට යමින් ක්රීඩාව, කලාව, පරිසරය, අධ්යාපනය යනාදී විවිධ අත්යාවශ්ය ක්ෂේත්රයන් තුළින් සුවහසක් ශ්රී ලාංකිකයින්ට මඟ කියන සම්පත් බැංකුව මෙරට කලාවේ හෙට දවස වෙනුවෙන් දායකත්වය දක්වන සුවිසල් අවස්ථාවක් ලෙසද සම්පත් තරු 2023 සඳහන් කළ හැකිය. විශේෂයෙන් තවත් එක් රියලිටි තරු වැඩසටහනක් නොවී තරඟකාරීත්වයෙන් ඔබ්බට සුහදතාවය වර්ධනය කර ගැනීමේ උත්සාහයක් වන මෙය නව්යකරණ බැංකු සේවාවක නිර්මාණාත්මක මිනිසුන් බිහි කිරීමේ කදිම අවස්ථාවක් ද වේ.

සම්පත් බැංකුව යනු ශ්රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්රී ලංකාවේ ප්රථම ස්වයංක්රීය ටෙලර් යන්ත්රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්රීය ටෙලර් යන්ත්රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...