සම්පත් බැංකුව අඛණ්ඩව 13 වැනි වරටත් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියට අනුග්‍රාහකත්වය දක්වයි

Share

Share

Share

Share

අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක බල මණ්ඩලයන්හි පවත්වනු ලබන සිසු නිපුණතා තරඟාවලියේ පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන ස්ථාන හිමි කරගත් දහම් පාසල් දරු දැරියන් හට මුදල් හා අනෙකුත් ත්‍යාග පිරිනැමීම සම්පත් බැංකු දහම් තිළිණ වැඩසටහන යටතේ සිදු විය. දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් තූළ උනන්දුවක් ඇති කිරීම හා ඒ තුළින් යහපත් සමාජයක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් වසර 25කට ආසන්න කාලයක් තිස්සේ මාණ්ඩලික සිසු නිපුණතාවන් වෙනුවෙන් අඛණ්ඩව ත්‍යාග හිමි කර දෙන සම්පත් බැංකුව, සමස්ත ලංකා ජයග්‍රහණයන් වෙනුවෙන් ද ත්‍යාග ප්‍රදානය කිරීමට අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි.

දහම් පාසල් සිසු නිපුණතා යටතේ දිස්ත්‍රික් තරඟවලදී ජයග්‍රහණ හිමි කරගත් දහම් පාසල් දරු දැරියන් 900කට වැඩි ප්‍රමාණයක් අතුරින් ඉසව් 41ක් යටතේ විශිෂ්ට දස්කම් දැක්වූ සිසු දරු දැරියන් තෝරා ගනිමින් ඔවුන් වෙත ත්‍යාග හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කර කරනු ලැබීය. ඊට අමතරව තවත් වටිනා ත්‍යාග රැසක්ද ඔවුන් වෙත පිරි නැමීමට සම්පත් බැංකුව කටයුතු යොදා තිබිණ.

මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී, පරිගණක තාක්ෂණ – පසන් මනුකිත් මහතා “ශ්‍රී ලංකාවේ අනාගත පරපුර මානව ගුණ ධර්මයන්ගෙන් පොහොසත් පරපුරක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදීම අප සියලු දෙනාගේ වගකීමක් ලෙස මා දකිනවා. ඒ වෙනුවෙන් හොඳම මාවත වන්නේ දරුවන් දහම් පාසල් අධ්‍යාපනය වෙත යොමු කිරීමයි. ඒ සඳහා උනන්දුවක් ඇති කිරීම වෙනුවෙන් අවුරුදු 13ක් තිස්සේ සම්පත් බැංකුව විසින් පවත්වාගෙන එනු ලබන සම්පත් දහම් තිළිණ වැඩසටහන ඉතා කාලෝචිත මෙන්ම අර්ථවත් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ තුළින් දරුවන් තුළ දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් ඇති වන බව අප විශ්වාස කරනවා. වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී තව තවත් වැඩි ත්‍යාග හා ප්‍රතිලාභ හිමි කර දෙමින් අඛණ්ඩව ක්‍රිියාත්මක කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

තවද මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වන සියලු දරුවන් වෙනුවෙන් සම්පත් දහම් තිළිණ වවුචර්පත් හිමි කර දීමටද සම්පත් බැංකුව කටයුතු කර තිබිණ. විශේෂයෙන් දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම හා විවිධ ප්‍රදේශයන්හි සිසු දරු දැරියන් වෙනුවෙන් මූල්‍යමය සහයෝගය ලබා දීම සම්පත් දහම් තිළිණ වවුචර්පත් බෙදා දීමේ අරමුණයි.

මෙම තිළිණ වවුචර්පත් මඟින් සම්පත් පුබුදු හෝ සපිරි ගිණුම් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි වන අතර එහිදී රුපියල් 500 හෝ රුපියල් 1000ක ආරම්භක තැන්පතුවකින් එම ගිණුම් ඇරඹිය හැකි අතර ඒ සඳහා තැන්පතු මුදලින් හරි අඩක් සම්පත් බැංකුව විසින් ගෙවනු ලැබීමද විශේෂත්වයකි.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

අවසන්

ඡායාරූපය හා විස්තරය

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය විසින් දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ මහතා වෙත සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සඳහා වන තිළිණපත් ලබා දෙමින්. සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හා පාරිභෝගික සේවා, තාරක රන්වල මහතා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාරිනී එන්. ඩබ්. කේ. ශිරෝමාලා මහත්මිය ඇතුළු දෙපාර්ශවයේ නියෝජිතයින් ද ඡායාරූපයේ වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...