සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා වසර 8 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි

Share

Share

Share

Share

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ගුරුදේව් තුමා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි

මානුෂවාදී සහ ආධ්‍යාත්මික නායක සහ සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා ( ශ්‍රී ගුරුදේව්) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරතවිය. ගුරුදේව්තුමා ස්වේච්ඡා සේවය පිණිස සහ සේවා ඉටුකිරීම පිණිස උද්යෝගය මුසුකළ රැල්ලක් උත්තේජනය කර ලෝකයේ ස්චේච්ඡා සේවකයන් පාදක කරගත් එක් විශාලතම සංවිධානයක් වන The Art of Living සංවිධානය සාකච්ඡාව පිණිස විවර කළේය. එතුමා ශ්‍රී ලංකාවේ යෙදුණු මෙම සංචාරයේදී එම සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති ගණනාවක් නැරඹීමේ සංචාරයේ යෙදුණේය. ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ව්‍යාපෘති 12 ක් ආරම්භ කිරීම එතුමාගේ සහභාගිත්වයෙන් සිදුවිය. මෙම සංචාරයට ශ්‍රි ලංකාවේ සහ ලොවපුරා විවිධ රටවලින් අනුගාමිකයෝ දහස් ගණනක් එක්වූහ.

මෙය එතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන හයවැනි වතාවය. එතුමාගේ සංචාරය නිමිත්තෙන් මුල්දින කවරයක්ද නිකුත් කරනු ලැබීය. එතුමා සුවිශේෂී සුදර්ශන් ක්‍රියා ,යෝග , භාවනාව සහ ප්‍රායෝගික ප්‍රඥාව භාවිත කරමින් මිනිසුන් එකමුතු කිරීමට,පුද්ගලයන් සවිබලගැන්වීමට සහ ප්‍රජාවන් පරිවර්තනයට පත්කිරීමට සතුට පතුරුවන ප්‍රබල යෝජකයෙක් විය. එතුමාගේ වැඩසටහන්වලින් වඩාත් හෘදයංගම සහ ප්‍රමුදිත දිවියක් ගතකිරීමට ශිල්පක්‍රම සහ මෙවලම් ලබාදෙයි. ලාභ ඉපයීමකින් තොරව පවත්වාගෙන යන ඔහුගේ සංවිධානය මගින් ස්ත්‍රී පුරුෂභාවය, වර්ගය, ජාතිය, සහ ආගම පිළිබඳ සීමාවන් ඉක්මවා යමින් මනුෂ්‍යත්වයේ අනන්‍යතාව හඳුනාගැනීමක් සිදුවෙයි.

The Art of Living, සංවිධානය ගුරුභවතුන් 30,000 කට වැඩි පිරිසකගෙන් සමන්විතය. එම සංවිධානය රටවල් 180 ක් තුළ මිලියනය ඉක්ම වූ ස්වේච්ඡා සේවකයන් සමූහයක් මාර්ගයෙන් ලොවපුරා මිලියන පන්සියය ඉක්මවා ගිය ජන සමූහයක් සමඟ සම්බන්ධව සිටිි. සීඑන්එන් ප්‍රවෘත්ති සේවය එය “Life Changing” ලෙසත්, දි වොෂින්පෝස්ට් පුවත්පත “Fresh air to millions” ලෙසත් හඳුන්වා දෙයි.

ත්‍රිකුණාමලයේදී, ගුරුදේව්තුමා යුද්ධයේ වින්දිතයන් හමුවී මෙම පදනම විසින් පවත්වාගෙන යන ළමා නිවාසයේ ළමයින් සමඟ ආදරය සහ උද්යෝගය මුසුවූ මොහොතක් ගතකළේය. ත්‍රිකුණාමලයේ කෝනේස්වර කෝවිල කරා ගිය එතුමා නුවරඑළියේ සීතා අම්මාන් කොවිලේ කුම්භාභිෂේකම් උත්සවයටද සහභාගිවිය. මෙම පදනමේ සමාජ සේවා වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් එතුමා භාරකරුවන් සමඟ සකචිඡා පැවැත්වීය. ඊට අමතරව ‘එකමුතුව‘ නමින් පැවැත්වූ විශේෂ උත්සවයට ලොවපුරා රටවල් ගණනාවකින් පූජකප්‍රසාදීහු සහ බැතිමත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.

ගුරුදේව්තුමා අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රි ලංකාවේ විවිධත්වය තුළ සමගිය සහ දිවිපැවැත්මේ රටාවට සතුට එක්කරගනිමින් ශ්‍රී ලංකාව එක්සත්කිරීම ගැන අදහස් හුවමාරු කරගෙන ඇත. ඊට අමතරව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් මෙන්ම සිවිල් සමාජ නායකයන් සමඟ ද එතුමා සකචිඡා පැවැත්වීය.

 

 

 

 

 

 

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...