සැම්සුන්හි නව්‍ය තාක්ෂණයේ මහිමයෙන් 8K රූපවාහිනී මාදිලිය වර්තමානයෙන් අනාගතයට රැගෙන යයි

Share

Share

Share

Share

දශක ගණනාවක් තිස්සේ නව්‍යකරණ රූපවාහිනී නිෂ්පාදනයන් වෙළෙඳපොලට හඳුන්වා දීමේ ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සැම්සුන් විශිෂ්ට නිෂ්පාදනයන් වෙනුවෙන් වන සිය කැපවීම තව තවත් ඉදිරියට ගෙන යමින් පරිපූර්ණ රූපවාහිනී තිරයක චමත්කාරය පාරිභෝගියා වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ සැබෑ ලෝකයටත් එහාගිය සුපැහැදිලි දසුන් රූපවාහිනී තිරය මතට ගෙන එමිනි. රූපවාහිනී තාක්ෂණය දිනෙන් දින නව්‍යකරණයට ලක් කරමින් FHD සහ 4K තාක්ෂණයන් අභිබවමින් 8K රූපවාහිනී නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සැම්සුන් පියවර ගෙන ඇත. විශේෂයෙන් සැම්සුන්හි උපායමාර්ගික දැක්ම මෙන්ම නව්‍ය තාක්ෂණය වෙළෙඳපොලට ගෙන ඒම සඳහා ඔවුන්ගේ උනන්දුව නිසාම නවතම 8K රූපවාහිනී අත්දැකීම සුවහසක් නරඹන්නන්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය.

වර්තමානයේදී රූපවාහිනියක් තොරා ගැනීමේදී බොහෝ දෙනා අවධානය යොමු කරන ප‍්‍රධාන සාධකයක් වන්නේ රූපවාහිනියේ පින්තූරයන්හි ගුණාත්මකභාවයයි. 1977 වසරේ කොරියාවේදී ප‍්‍රථම වරට Color Economy TV නමින් වෛවර්ණ රූපවාහිනී නිෂ්පාදනය කරමින් මහා පරිමාණ රූපවාහිනී නිෂ්පාදනයක් කිරීමට සමත් වූ සැම්සුන් එරට තුළ වර්ණ රූපවාහිනී යුගයක් බිහි කිරීමට සමත් විය. කොරියාවේ ප‍්‍රථම වර්ණ රූපවාහිනී නිෂ්පාදකයා ලෙස ගෞරවය හිමි කරගනිමින් නව්‍යකරණය වෙනුවෙන් සිය කැපවීම තව දුරටත් මුවහත් කළ ඔවුන් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය පතුරුවා හැරි කළු-සුදු රූපවාහිනී පිළිබඳ සෑහීමකට පත් නොවීය. ඒ නිසාම ඔවුන් නිෂ්පාදනය කළ Econo TV වෛවර්ණ මාදිලිය එවකට පාරිභෝගිකයින් අතර බෙහෙවින් ජනප‍්‍රිය විය.

2017 වසරේ පැවති සැම්සුන් පාරිභෝගික විදුලි උපකරණ ප‍්‍රදර්ශනයේදී කැඞ්මියම් රහිත ක්වොන්ටම් තිත් තාක්ෂණය පදනම් කරගත් ලොව ප‍්‍රථම QLED රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දීමට කටයුතු කරන ලද්දේ තවත් නවමු අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ගෙන ඒමේ මග විවර කරමිනි. එම වසරේදී වඩාත් අවධානයට ලක් වූ QLED රූපවාහිනී නිෂ්පාදනය ඉහළ ගුණාත්මකභාවයකින් යුත් විශිෂ්ට පින්තූර මෙන්ම 100%ක වර්ණ පරිමාව පරිශීලකයා වෙත ගෙන ආවේ නව තාක්ෂණයෙන් පාරිභෝගිකයින් අමන්දානන්දයට පත් කරමිනි.

QLED රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දී වසරකට පසුව සැම්සුන් සතු ක්වොන්ටම් තිත් තාක්ෂණයට 8K තාක්ෂණය එක් කරමින් QLED 8K රූපවාහිනී නිෂ්පාදනය වෙළෙඳපොලට හඳුන්වා දීමට සැම්සුන් අවස්ථාව උදා කරගන්නා ලදී. තිරයේ දිස්වන රූපයන්හි සෑම කොටසක් තුළින්ම ඊට අවශ්‍ය ආලෝක සමතුලිතභාවය නිවැරදිව පාලනය කළ හැකි Direct Full Array තාක්ෂණය සමඟින් ගුණාත්මකභාවයෙන් අඩු වීඩියෝ වෛවර්ණ 8K සමඟ නිවැරදිව ගුණාත්මකභාවයෙන් ඉහළ වීඩියෝ බවට නිර්මාණය කිරීමේ විශිෂ්ට AI තාක්ෂණයද එහි අන්තර්ගත වේ. රූපවාහිනී නිෂ්පාදන කර්මාන්තයේ ප‍්‍රථම වරට නවතම 8K තාක්ෂණයෙන් සන්නද්ධ රූපවාහිනිය සැම්සුන් ලොවට හඳුන්වා දුන්නේ ඒ අයුරිනි.

2020 වසරේදී ලොව ප‍්‍රථම වරට සැම්සුන් විසින් එළිදක්වන ලද bezel-less TV හි විශේෂත්වය වන්නේ තිරය වටා ඇති අඳුරු කලාපයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සමත් වීමයි. තවත් වසරකට පසුව Quantum Mini LED තිර පදනම් කරගත් Neo QLED තාක්ෂණය හඳුන්වා දෙමින් රූපවාහිනී කර්මාන්තය තුළ සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කළ සැම්සුන් පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් FHD සිට 8K දක්වා කලින් කලට නව්‍ය තාක්ෂණික මහිමයන් කැටි කරගත් රූපවාහිනී නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ගෙන ආ සැම්සුන් නව්‍ය නිෂ්පාදන නිර්මාණය සඳහා වන සිය අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...