සැම්සුන්හි 2024 Neo QLED සහ QLED රූපවාහිනී සඳහා කර්මාන්තයේ ප්‍රථම වරට VDE වෙතින් රූපවල තත්ව විශිෂ්ටතා සහතිකය හිමි වෙයි

Share

Share

Share

Share

සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය හිමි වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ලොව ප්‍රමුඛතම ජර්මානු විදුලි ඉංජිනේරු සහතික කිරීමේ ආයතනයක් වන Verband Deutscher Elektrotechniker (VDE) වෙතින් මෙම සුවිශේෂී සහතිකය හිමි කර ගැනීමට සැම්සුන් සමත් වූයේ කර්මාන්තයේ ප්‍රථම වරටය.

සැම්සුන් Visual Display Business හි පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම් නියෝජ්‍ය ප්‍රධානී, විධායක උප සභාපති Yongjae Kim මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “අඛණ්ඩව දියුණු වෙමින් පවතින තාක්ෂණය තුළින් අපගේ පාරිභෝගිකයින් වෙත නිවසේ සිටම අසමසම සිනමා අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව උදා කර දීමට අපට හැකි වී තිබෙනවා. ඉහළ සුපැහැදිලිතාවයකින් යුත් හා විශාල ප්‍රමාණයේ තිර සහිත රූපවාහිනී නිෂ්පාදනයන් හි පින්තූරවල ගුණාත්මකභාවය වඩාත් ඉහළ නැංවීමට අප කටයුතු කර තිබෙනවා. එම රූපවල විශිෂ්ටත්වය වෙනුවෙන් කර්මාන්තයේ ප්‍රථම වරට VDE හි සහතිකය ලබා ගැනීමට අපගේ Neo QLED රූපවාහිනී සමත්ව ඇති බව සතුටින් සඳහන් කිරීමට කැමතියි.” යනුවෙනි.

ඒ යටතේ සැම්සුන් 2024 Neo QLED 8K සහ 4K මාදිලි 6ක් සහ QLED 4K මාදිලියක් කර්මාන්තයේ ප්‍රථම වරට HDR Brightness Accuracy සහතිකය හිමි කර ගැනීමට සමත් විය. මෙම රූපවාහිනී නිෂ්පාදනයන්හි HDR අන්තර්ගතයෙහි ඇති දීප්ති මට්ටම නිවැරදිව ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවත්, එය HDR නියම ප්‍රමිතීන්ට අනුකූල වන බවත් මෙන්ම මිනිස් ඇසට පෙනෙන දෙයට වඩාත් සමීපව ගැලපෙන ගුණාත්ම පින්තූර ලබා දෙන බවත් එම සහතිකය තුළින් තහවුරු කොට තිබේ.

රූපයක දීප්තිමත් බව හා අඳුර යන දෙකම මනාව කළමනාකරණය කරන HDR තාක්ෂණය රූපවාහිනියක් තුළින් සිනමාත්මක අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව උදා කර දෙයි. ඒ නිසාම තමන්ගේ විසිත්ත කාමරයේ, නිදන කාමරයේ, කාර්යාලයේ හෝ මුලුතැන්ගෙයි සිට සැම්සුන් Neo QLED සහ QLED රූපවාහිනී තුළින් සිනමාවක් රසවිඳීමේ හැකියාව පාරිභෝගිකයින් හට හිමි වේ.

ඒ අනුව සැම්සුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි එම මාදිලි 7 සහතිකය හිමි කරගත් ප්‍රථම නිෂ්පාදනයන් බවට පත් වෙමින් ගෘහස්ථ විනෝදාස්වාදයේ නව සන්ධිස්ථානයන් සනිටුහන් කිරීමටද සමත්ව ඇත. සිනමාවෙහි ඇති පුළුල් තිරයන් 4ථ3 අනුපාතයට පරිවර්තනය කරමින් විශිෂ්ට ආලෝක තත්වය, අඛණ්ඩ බව හා උසස් රූප තුළින් ඔබට පහසුවෙන් නිවසේ සිට සිනමා අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත.

2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළ වෙත හිමි වුණු මෙම සහතිකය Letterbox හි අඳුරු බව පිළිබඳ ඇගයීම් මත පදනම් වී ඇති අතර වීඩියෝ ඉලෙක්ට්‍රොනික් ප්‍රමිති සංගමයේ මාර්ගෝපදේශ අනුව ඇමරිකානු සිනමාකරුවන්ගේ සංගමයේ නිල දර්ශනයන්හි ද එම තත්වය සහතික කර තිබීම තුළින් එය තව තවත් තහවුරු වේ. විශේෂයෙන් සුපැහැදිලි රූප සඳහා හේතු වන අනවශ්‍ය ආාලෝකය ඉවත් කරමින් සිනමා පටයට අදාළ ආකාරයේ ගැඹුරු අඳුරු පැහැය සමඟින් විචිත්‍රවත් බව එක් කිරීමට සැම්සුන්හි මෙම රූපවාහිනී නිෂ්පාදන පෙලට හැකි වී ඇත.

නවෝත්පාදනය හා ගුණාත්මකභාවය වෙනුවෙන් සැම්සුන්හි නිරන්තරයෙන් කැපවීම හේතුවෙන් කර්මාන්තයේ විශිෂ්ටතම රූපවාහිනී නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට හැකි වී තිබේ. VDE හි True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය සමඟින් අසමසම විනෝදාස්වාද අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත උරුම කර දෙන 2024 Neo QLED නිෂ්පාදන පෙළ සියලු දෙනා වෙත ජාත්‍යන්තර තත්වයේ රූපමය අත්දැකීමක්ද මේ සමඟ ඔවුන් වෙත තිළිණ කරනු ඇත.

 

Samsung Sri Lanka Opens Pre-Orders...
டிஜிட்டல் இணைப்பில் Huawei நிறுவனம் புதிய...
9 மாதங்களில் 1 பில்லியன் ரூபா...
ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත්...
බයිරහා, ටොන් 500ක අමතර ශීත...
Atlas SipSavi Naththal Poronduwa Records...
First Capital leads Sri Lanka’s...
City of Dreams Sri Lanka,...
Atlas SipSavi Naththal Poronduwa Records...
First Capital leads Sri Lanka’s...
City of Dreams Sri Lanka,...
Janashakthi Life steps in to...