සැම්සුන්, සිය බලයලත් අලෙවිකරුවන් හරහා නියම වගකීමක් හා TRCSL අනුමත උපාංග පාරිභෝගිකයින්ට හිමිකර දෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්, සිය හවුල්කරුවන් වන Softlogic, John Keells Automation, Singer, Singhagiri, Damro, Daraz, Dialog සහ Mobitel වෙතින් TRCSL හි අනුමත උපාංග මිලදී ගැනීමේදී සැබෑ වගකීමක් ලබා දෙන බව නැවත නැවතත් අවධාරණය කර සිටියි.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය ඔබටම අයිති බව තහවුරු කර ගැනීම සඳහා හොඳම මාර්ගය වන්නේ TRCSL හි අනුමත ජංගම දුරකතනයක් මිලදී ගැනීමයි. නීතිමය වශයෙන් පිළිගත් මෙම අවශ්‍යතාවය හේතුවෙන් සිම් පතක් ඇතුළු කළ හැකි දුරකතන ජාලය හා සම්බන්ධ වන  ඕනෑම ආකාරයක ජංගම දුරකතන හෝ උපාංග ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට හා ගෙන ඒමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙහි (TRCSL) අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.

පාරිභෝගිකයින් හට සුවිසල් වාසි හා වරප‍්‍රසාද හිමිකරදෙන එම වැඩපිළිවෙල හේතුවෙන් නියම වගකීමක් සහිත සැම්සුන් ජංගම දුරකතන හා උපාංග මිලදී ගැනීමේදී නිවැරදි හා TRCSL අනුමත නිෂ්පාදනයක් ලබා ගැනීම හොඳම මග වනු නිසැකය.

මෙහිදී බලයලත් සැම්සුන් වෙළෙඳසැලකින් එම නිෂ්පාදන මිලදී ගැනීම තවත් ක‍්‍රම කිහිපයකින් ඉතාම වැදගත් වන අතරම එවන් වෙළෙඳසැලක් තුළින් නිෂ්පාදන ඇනවුම් කිරීමේදී විවිධ මිල කාණ්ඩයන් පිළිබඳ සොයා බලා ඔබේ මුදල් පසුම්බියට වඩාත් ගැලපෙන නිෂ්පාදනය ලබා ගැනීමටද ඔබට හැකි වනු ඇත.

විශේෂයෙන් සෑම විටම සැම්සුන් ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී දුරකතනය දමා ඇති පෙට්ටිය මත TRCSL  ස්ටිකරය ඇත්දැයි නිරීක්ෂණ කළ යුතු අතර තමන් මිලදී ගන්නා උපාංගයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා නිවැරදි වගකීමක් සහිත නියම නිෂ්පාදනයක් බවට තහවුරු කර ගැනීමද ඉතා වැදගත් වේ.

ඒ ආකාරයේ TRCSL අනුමත ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදීගත් විට පාරිභෝගිකයින් හට සැම්සුන් සමාගමේ වසරක වගකීම් සහතිකය අනිවාර්යයෙන් හිමි වේ. එසේම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය TRCSL හි අනුමත දැයි සහතික කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට 1909 ට ‘IMEI (හිස්තැනක්) IMEI අංකය’ යනුවෙන් කෙටි පණිවිඩයක් යැවීම තුළින් එම උපාංගය පිළිබ`ද තොරතුරු තහවුරු කර ගැනීමේ අවස්ථාවද සැම්සුන් උදා කර දී තිබීම සුවිසල් පහසුවක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් සැම්සුන් ශ‍්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා පවසා සිටියේ මෙවැන්නකි. ‘‘අපගේ හවුල්කරුවන් විසින් සැම්සුන් පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ගනුදෙනු හා වරප‍්‍රසාද ලබා දීමට කටයුතු කර ඇති අතර පාරිභෝගිකයින් විසින් නිෂ්පාදන මිලදී ගැනීමේදී හොඳම මිලදී ගැනීම සිදු කළ යුතු බව අපගේ විශ්වාසයයි. තමන් මිලදී ගන්නා සැම්සුන් නිෂ්පාදනයන් තුළින් හොඳම අත්දැකීම් ලබා ගැනීම සඳහා අපගේ හවුල්කරුවන්ගේ මිලදී ගැනීමට කටයුතු කරන මෙන් සියලූ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි.’’

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම smartphone සන්නාමය ලෙස සැම්සුන් සතුව පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution ඇතුළුව බෙදාහැරීම් ජාලයක් ඇත. මෙම වගකීම Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri හා Damro සහ සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung Estore, Daraz.lk හා MySoftlogic.lk මගින් ද ලබා ගත හැකිය. සන්නාමයේ වටිනාකම තවත් ඉහල නැංවීම සඳහා සැම්සුන් ශ්‍රී ලංකා TRC විසින් අනුමත නිෂ්පාදන පමණක් පාරිභෝගිකයින්ට ලබා දෙයි.

ඔබ කොහේ, කොතැන සිටියත්  ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හ≈ඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර හතරක් ශ‍්‍රී ලංකාවේ ‘People’s Youth Choice Brand of the Year’ ලෙස SLIM Sri Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung  සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...