සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති නිවාස මූල්‍යකරණ විසඳුම් සමඟ විශේෂ ප්‍රතිලාභ 2025 දෙසැම්බර් 31 දක්වා ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ නව්‍ය මූල්‍ය විසඳුම් සමඟින් පුද්ගලයින්ගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට HNB අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. Expo Property Developers සමඟින් ඇති කරගත් මෙම හවුල්කාරිත්වය මගින් අපට Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියෙහි අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් හිමි කරගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට තරඟකාරී පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සහ බාධාවකින් තොරව නිවසක් මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීමට එක් එක් පුද්ගල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ සේවාවන් ලබා දීමට ඉඩ සලසනවා.” යනුවෙනි.

මෙම ප්‍රවර්ධන කාලය තුළ HNB විසින් ආකර්ෂණීය පොලී අනුපාත, නම්‍යශීලී ගෙවීම් විකල්ප ලබා දීමට අමතරව ණය ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ මග පෙන්වීම සඳහා HNB නියෝජිතයින් ගනුදෙනුකරුවන්ගේ නිවෙස් වෙතට පැමිණෙනු ඇත. එපමණක් නොව ණය ක්‍රියාවලිය වේගවත් හා පහසු කරමින් අවශ්‍ය සියලුම ලිපි ලේඛන සඳහා බැංකුව සහාය වනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් Expo Property Developers (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ග්‍රේෂන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ “මෙම හවුල්කාරිත්වය හරහා ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් සමඟින් ආරක්ෂාව, උසස් තත්ත්වය හා සුවපහසු නිවසක් ලබා දීමට අප ආයතන දෙකෙහි ඒකායන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතිය සුඛෝපභෝගීත්වය සහ පහසුව ලබා දීමේ අරමුණින් නිර්මාණ කර තිබෙන අතර මෙම සහයෝගීතාවය හරහා අනාගත නිවාස හිමියන්ට තම නිවාස සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබා ගැනීමට උපකාරී වනවා.” යනුවෙනි.

2008 දී ස්ථාපිත කරන ලද Expo Property Developers (පුද්) සමාගම කොළඹ සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘති ඉදිකිරීම සඳහා වැඩි අවධානයක් දක්වයි. මෙම සමාගම විවිධ කර්මාන්ත සඳහා ඉංජිනේරු විසඳුම්, අමතර කොටස්, යන්ත්‍රෝපකරණ, මෙවලම් සහ විශේෂ අවශ්‍යතා සපයන Expo Industrial Engineering (පුද්) සමාගමට අනුබද්ධිත සමාගමකි.

කොළඹ පිහිටා ඇති Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතිය යනු නිමවීමට ආසන්න ප්‍රමුඛ පෙළේ මහල් නිවාස ව්‍යාපෘතියකි. එහි පළමු සහ දෙවන කුළුණු දැනටමත් භාර දී ඇති අතර නිවාස ඒකක 206 ක් සහිත 3 සහ 4 කුළුණුවල ඉදි කිරීම් කටයුතු අවසන් අදියරේ පවතී.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...