සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය මහරගමදී විවෘත කෙරේ

Share

Share

Share

Share

පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක්  ලෙස සැලසුම් කර ඇත

අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ

ඉන්දිරා පිලිකා භාරය මගින් නවීන පහසුකම්

සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය ළමා පිලිකා රෝගීන් සඳහා එහි දොරටු විවෘත කරයි. රෝගීන් සුවපත්කිරීමේ ආචාරවිධි ප‍්‍රකාරව ළමා පිලිකා රෝගීන්ට කායික, චෛතසික හා මානසික සුවය වර්ධනය වන සත්කාරයට උදවිදෙන සැම අංශයක්ම ආවරණය වන  පරිසරයක්ද සහිත ස්ථානයක් ලෙස  සැලසුම් කර ඇති  මෙම පුරෝගාමී ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ ළමා සහන සත්කාර අවකාශයෙහි පැවති දැඩි අවශ්‍යතාවයක් සපුරාලයි.

සුව අරණ සංකල්පවල නිර්මාණ ශිල්පයෙහි සහ ඇතුළතද සම්මතයෙන් ඔබ්බට ගොස් සැලසුම්කර ඇත්තේ වෛද්‍ය සත්කාර වෘත්තීයවේදීන්් ,ළමා දිවිය පිළිබඳ විශේෂඥයන්, ළමා රෝග විශේෂඥයන්ගේ  සහයෝගිතාවය ඇතිව සුවපත්කිරීමට ඉහළම ප‍්‍රමුඛත්වය දෙමින් කාර්යක්ෂමතාව සහ නිසි ක‍්‍රියාකාරිත්වය සහතික කිරීම  පිණිසය.

අති නවීන පහසුකම්වලින් යුත් මෙම මධ්‍යස්ථානයෙහි මනා ලෙස සිත සනසන වර්ණයෙදීම, සොබාදහමින්  ලත්  ලක්‍ෂණ මුසුවීමට පිණිස ඉඩකඩ, පුද්ගලිකව ලැබෙන පහස සහ ආරක්ෂාව ස්වස්ථතාව, පුද්ගලිකත්වය  සහ ඉවසීමට දුෂ්කර කාලයේ පවුලේ එකමුතුකම අවධානය යොමු කර ඇති ලක්ෂණ වෙයි.

වේදනා සහ රෝග ලක්ෂණ කළමනාකරණය, මනෝ සමාජීය ආධාර, කලා සහ සංගීත චිකිත්සාව, දිවියේ නිමාව සහ වියෝවේදී ආධාරදීම ඇතුළු අතිනවීන තාක්ෂණය සහ සමකාලීන සත්කාර සේවාවලින් යුක්තව ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ක්ෂේමස්ථානයක් ලෙස මෙය  නිර්මාණය කර ඇත. මහල් හයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඇතුළත  රෝගීන් වෙනුවෙන් මහල් හතරක් ඇති අතර ඒවායේ එකම ඒකකයට අයත් පවුල් කාමර 32 කි. පියැස්සෙහි උද්‍යානයක්, බිම් මහලෙහි කෑමශාලා ව විශේෂිත මුළුතැන් ගෙය සහ විනෝද පහසුකම් ඇත.

ශ‍්‍රී ලංකාවේ පිලිකා රෝගයට ගොදුරුවී ඇති ළමයින්ගෙන් 10 දෙනෙකුගන් 8 දෙනෙක්ම අඩු ආදායම්ලාභී පවුල්වල ළමයි වෙති. ආදායම පහළ තත්වයක පවතින ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට  බොහත් මිලදී ගැනීමට, ප‍්‍රවාහන සහ නවාතැන් පහසුකම් ලබාගැනීමට වැයකිරීමට ප‍්‍රමාණවත් වත්කමක් නැත.  නිවසින් බැහැර නිවසක් මෙම දරුවන් සඳහා නිර්මාණය කළ මෙම සුව අරණ මධ්‍යස්ථානය හිතකර සහ උදව්දෙන නේවාසික පහසුකමක සම්පූර්ණයෙන්ම නොමිලයේ එම පහසුකම් බුක්තිවිඳිය හැකිය.

පිලිකා රෝගයට බිලිවී 40 වැනි වියේදී ඉන්දිරා ජයසූරිය මහත්මිය දිවියෙන් සමුගැනීමෙන් පසුව  උතුරු ඇමරිකානු  බටහිර කලාපයේ  ශ‍්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සහ පදනම් සහ සේවා සංවිධාන එකමුතුවක සහ පවුල් භාරයන්ගේ සහයෝගිතාවයෙන් ආරම්භ කරන ලද ඉන්දිරා භාරය  සහයෝගිතා හවුල්කාරිත්වයකිග රෝගීන් සුවපත්කිරීම පිණිස වන මෙම ප‍්‍රමුඛ මධ්‍යස්ථානය පිහිටුවීමට උදව් කළ ආධාර දායකයන්ට රොෂාන් මහානාම පදනම, සිංහ සමාජ ජාත්‍යන්තර පදනම (සිංහ දිස්ත‍්‍රික් (306B2) MJF පුණ්‍යාධාර පදනම, විජේරාම පවුලේ පදනම, සහ  ඕස්ටෙ‍්‍රලියාවේ ප‍්‍රින්ස් ගෲප් ඇතුළත්ය. ඊට අමතරව මෙම මධ්‍යස්ථානයේ ඉදිරිගමන තිසරතත්වයකට පත්කරන කාමර සඳහා තනි පුද්ගලයන් සහ පවුල් ගණනාවක් ලබාදුන් අනුග‍්‍රාත්මක ආධාරවල වටිනාකම මිල කළ නොහැකිය.

ඉන්දිරා පිලිකා භාරයේ අනුශාසක හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහ එම පවුල සිය දියණියගේ අභාවනේ් පසුව මහත් දුකට සහ වේදනාවට පත්විය.”තවත් රෝගීන්ට මෙම වේදනාව විඳීමට අප ඉඩනොතබන බවට එම අවස්ථාවේදී අපි ප‍්‍රතිඥාවක් දුනිමු. සුව අරණ සැබවින්ම සුවපත්වීමට ස්ථානයකි. එය අපට සිතාගැනීමට පවා නොහැකි වේදනාවකට පත්වන, අවිනිශ්චිතභාවය පවතින සහ ළමා කාලය සොරෙන් උදුරා ගැනීමට ලක්වූ දරුවන්ට අප සෑම අංශයක්ම ඇතුළත්වන ප‍්‍රවේශයකින් සත්කාර කරමු”. ඔහු පැවසුවේය.

මෙම උත්සවයේදී කතා කළ වරලත් සිවිල් ඉංජිනේරු මෙන්ම Sequoia Consultants LA, Technical Leadhk  සමාගම්වල සභාපති සහ ප‍්‍රධාන විිධායක නිලධාරි සහ සුව අරණ සම නිර්මාතෘ ප‍්‍රියංග ද සිල්වා මහතා තමා සහ   SLMANA WR  සභාපති සහ Diplomate American Board of Internal Medicine, Hematology and Medical Oncology Chief of Division of Oncology, Good Samaritan Hospital Partner, LA Cancer Network සංවිධානවල වෛද්‍ය ලසිකා සෙනවිරත්න දිගු කලක සිට ශ‍්‍රී ලංකාවේ පිලිකා රෝගීන්ට පහසුකම් සලසන ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අපේක්ෂාවෙන් පසුවූ බව පැවසුවේය.

සුව අරණ තවත් සම නිර්මාතෘවරයෙකු වන වෛද්‍ය සෙනවිරත්න විසින්  මෙම මධ්‍යස්ථානය ඉදිකීරිමේ අදහස ඇතිවූ අවස්ථාවේදී ඊට අදාළ යෝජනාව SLMANA WR අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.” ආපසු හැරී බැලීමක් තිබුණෙ නැහැ. අපි පටන් ගන්නා විට පැවති බාධක එමටයි. හිඟකම්වල සිට විදුලිය අර්බුදය හා ආර්ථික අරුබදය දක්වා එම බාධක පැතිර තිබුණා. මෙම කණ්ඩායම එකට එක්වෙලා අපගේ සිහිනය සැබෑවක් බවට පත් කරතිබීම ගැන මම ආඩම්බර වෙනවා.

සුව අරණ ගැන

සුව අරණ පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට  විස්තීර්ණ, රෝගියාගේ සෑම අංශයක් කෙරෙහි අවධානය යොමු කර සත්කාර සහ ආධාර සැපයීමට කැපවී සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානයයි. වේදනාව කළමනාකරණය , චෛතසික යහපැවැත්ම සහ පවුල කේන්ද්‍ර කරගත් සත්කාර සැපයීමට පුමුඛත්වය දී ඇති සුව අරණ පිලිකා රෝගයට ගොදුරුවී ඇති ළමයින්ට අනුකම්පාව, සහාය සහ ඔවුන්ට හිමි  ගරුත්වය ලැබෙන බව සහතික කරමින් ඔවුන්ගේ දිවියෙහි ගුණාත්මක බව වර්ධනයකිරීම අරමුණ කොට ගෙන ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...