හෙළPay වසර දෙකක් තුළ රුපියල් බිලියනයක ඩිජිටල් ගනුදෙනු පසු කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙළPay හරහා මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිදුකර ඇති ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණය බිලියනයේ කඩඉම පසුකර ඇත. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම සුවිශේෂී කඩඉම පසු කර ඇති අතර, එමඟින් මෙරට මූල්‍ය තාක්ෂණ අංශයේ හෙළPay හි වේගවත් වර්ධනය පෙන්නුම් කරයි.

හෙළකුරු විසින් හඳුන්වා දෙන ලද හෙළPay, ශ්‍රී ලාංකිකයින් විසින් මුදල් ගනුදෙනු සිදු කරන ආකාරයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට කැපවී සිටින අතර ඒ හරහා පරිශීලකයින්ට ඉතා සරල සහ නව්‍ය ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් ලබාදෙයි. වසර දෙකක් තුළ රුපියල් බිලියනයක කඩඉම පසු කිරීම මගින් හෙළPay වෙත එහි පරිශීලකයින් තබා ඇති විශ්වාසය සංකේතවත් කරයි. මේ වන විට, හෙළකුරු superapp එක පරිශීලකයින් මිලියන 5 කට ආසන්න සංඛ්‍යාවක් සක්‍රීයව භාවිතා කරන අතර,ඒ තුළින්ම හඳුන්වාදුන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය වන හෙළPay වෙත ඔවුන් ඉතා වේගයෙන් හුරු වෙමින් සිටී. හෙළPay පුළුල්ව ජනගත වීමට සහ ඒ හරහා මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් එක් කිරීමට එය හේතු වී ඇත.

පසුගිය වසර දෙක තුළ හෙළPay හි සාර්ථකත්වය සඳහා එහි සරලත්වය සහ නවීනත්වය උපකාරී වී ඇත. සිංහල භාෂා සහය ද ඇතිව Android සහ iOS ඕනෑම දුරකථනයක භාවිතා කළ හැකි හෙළPay, නවීන තාක්ෂණය පරිශීලකයින්ට ඉතා සරලව පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි පිරිනමා ඇත. ඒ හරහා සිදුවන ඩිජිටල් ගනුදෙනුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, ඇඟිලි සලකුණු හෝ Face ID සත්‍යාපන තාක්ෂණයෙන් යොදා ගන්නා අතර, එමගින් කාර්යක්ෂමව සහ පහසුවෙන් ඩිජිටල් ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව සලසා දෙයි. හෙළකුරු භාවිතා කරන සුවහසක් පරිශීලක ප්‍රජාවගේ වසර ගණනක විශ්වාසය, හෙළPay හි සාර්ථකත්වයට කේන්ද්‍ර වන තවත් කරුණක් වන අතර, ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සඳහා හෙළකුරු හි කැපවීම එයින් මනාව පැහැදිලි වේ.

හෙළකුරු සහ හෙළPay නිර්මාතෘ ධනික පෙරේරා මෙම සංධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, “හෙළකුරු හි අපගේ දැක්ම, ඩිජිටල් තාක්ෂණය හරහා ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමයි. එවන් පසුබිමක් තුළ හෙළකුරු හරහා අප හඳුන්වා දුන් හෙළPay හි මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අප ඉතාම සතුටු වනවා. වසර දෙකක් ඇතුළත රුපියල් බිලියනයක ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක් පසුකර යාමට හැකිවීම, අපගේ කණ්ඩායමේ කැපවීම සහ අපගේ පරිශීලකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව අගනා සාක්ෂියක්. හෙළPay සමඟින් තව තවත් නව්‍ය සේවාවන් හඳුන්වා දීම සඳහා අප නිරතුරු කැපවන්නේ, රට පුරා මුදල් ගනුදෙනු සිදු කරන ආකාරයේ විප්ලවීය වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලාංකික මහජනතාව සවිබලගැන්වීමටයි.”

ඩිජිටල් මුදල් ගනුදෙනු සිදු කරන ශ්‍රී ලාංකික පරිශීලකයින්ට හෙළPay අසමසම සරල බවක් සහ පහසුවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සරලතම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය බවට පත්වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ LankaPay ජාතික ගෙවීම් ජාලයේ අනුමැතිය සහිතව ඩිජිටල් මූල්‍ය ගනුදෙනු සඳහා සරල සහ සුරක්ෂිත ක්‍රමවේදයක් සපයන හෙළPay, තම පරිශීලකයින්ට විශ්වාසනීය අත්දැකීමක් සහතික කරයි. දිනෙන් දින අලුත් වන නව තාක්ෂණය හා මුසු වන හෙළPay මේ වන විට සිය මීළඟ පෙරළිකාර නවෝත්පාදනය සමඟින් ශ්‍රී ලාංකේය ජනතාව සඳහා තවත් නව ඩිජිටල් අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටියි.

 

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...