අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment හට අයත් ජාත්‍යන්තරව පිළිගත් NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lanka හිදී පසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි (JKH) ශක්තිමත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක් වන මෙම සමාරම්භය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අති සුඛෝපභෝගී සංචාරක ගමනාන්තය බවට පත් කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් ලෙසද පෙන්වා දිය හැකිය.

2018 වසරේදී මැකාවු සහ මැනිලා යන නගරවලදී ප්‍රථම වරට හඳුන්වා දුන් NÜWA සන්නාමය නවීනත්වය, නවෝත්පාදනය හා සංස්කෘතික විවිධත්වය සමඟින් Melco හි විශිෂ්ටත්වය නියෝජනය කරනු ලබයි. NÜWA හි අනන්‍යතාව දකුණු ආසියාවට හඳුන්වා දෙමින් සුන්දර කොළඹ නගරය තවතවත් අලංකාර කර ඇත්තේ චීන සුරංගනා කතාවන්හි දේවතාවියකගේ ආභාෂය ලබමිනි. ශ්‍රී ලාංකේය උරුමය සමඟින් තමන් කැමති ආකාරයෙන් රස විඳිය හැකි මනා සබඳතාවක් මේ තුලින් පාරිභෝගිකයින් වෙත උදා කර දීමට NÜWA කටයුතු කර ඇත.

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka ව්‍යාපෘතිය තුළ පිහිටා ඇති NÜWA සුඛෝපභෝගී හෝටලය කාමර 113කින් සමන්විතය. සාගරයට මුහුණලා ඇති කාමර, නගරය වඩා හොඳින් දර්ශනය වන සුඛෝපභෝගී කාමර, සුවපහසු හා විධායක ශ්‍රේණියේ කාමර මෙන්ම රාජ්‍ය නායකයන් හෝ වෙනත් සුවිශේෂී අමුත්තන් සඳහා වන කාමර ඊට අයත් වේ. මෙහි විශේෂත්වය වන්නේ සෑම කාමරයක්ම දර්ශනීය ඉන්දියන් සාගරයේ චමත්කාරය මෙන්ම කොළඹ නගරයේ සුන්දරත්වය රිසි සේ අත්විඳීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීමයි.

තවද අති නවීන පුද්ගලික විවේකාගාරයක් වන The Vault, ප්‍රණීත බටහිර ආහාර හා අතින් සාදන ලද පාන වර්ග සහිත Crystal Lounge, ජෑස් සංගීතය සමඟින් තමන් කැමති පාන වර්ගයක් රස විඳිමින් නගරය සිත් සේ දැක ගැනීමට හැකි Pool Bar තුලින්ද අමුත්තන්ට ආහාර හා විනෝදාස්වාදය නොඅඩුව භුක්ති විඳීමට මෙහිදී පහසුකම් සැලසේ. තවද අධි සුඛෝපභෝගී කාමර භාවිත කරන අමුත්තන්ට තමන්ටම වෙන් වූ කාමර කොටසක ආහාර රස බැලීමේ අවස්ථාව මෙන්ම තමන් කැමති පරිදි විනෝද වීමේ අවස්ථාවද මෙහිදී සලසා දී ඇත. එමෙන්ම La Bottega විසින් නිර්මාණය කරන ලද ඉතාලි නිර්මාණ මෙන්ම පරිසර හිතකාමී සුවය විඳීමේ පහසුකම්ද NÜWA විසින් අමුත්තන් හට ලබා දෙන්නේ සිය සුඛෝපභෝගී හා තිරසාර සේවාව වෙනුවෙන් වන කැපවීම තව තවත් ශක්තිමත් කරමිනි.

වර්ග අඩි මිලියන 4.5ක් පුරා විහිදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක ආයෝජනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ආයෝජනද වන City of Dreams Sri Lanka, Melco සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි පුළුල් දැක්මෙහි එක් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. සුඛෝපභෝගී මහල් නිවාස, මහල් 40ක කාර්යාල ගොඩනැගිල්ල, සුපිරි වෙළෙඳසැල සහ දකුණු ආසියාවේ නවීනතම කැසිනෝ ශාලාවද මීට ඇතුළත් වේ. ඍජු හා වක්‍ර රැකියා 20,000කට අධික සංඛ්‍යාවක් බිහි කරනු ඇති බවට බලාපොරොත්තු වන මෙම සුවිසල් ව්‍යාපෘතිය ව්‍යාපාර, විනෝදාස්වාද හා සංචාරක කේන්ද්‍රයක් ලෙස කොළඹ නගරයට සුවිසල් ශක්තියක් එක් කරනු නිසැකය.

යළි පිබිදෙමින් පවතින ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වන විශ්වාසය නැවත නැවතත් අලුත් කරන සුඛෝපභෝගී NÜWA විවෘත කිරීම තුලින් City of Dreams Sri Lanka කලාපයේ සංචාරක ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට කටයුතු කර ඇත්තේ Melco සහ ජෝන් කීල්ස් හොල්ඩින්ග්ස්හි විශිෂ්ටත්වය සමඟිනි.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා www.cityofdreamssrilanka.com//en/stay/nuwa වෙත පිවිසෙන්න.

Softlogic Life Grows 29% with...
TikTok Launches Time and Well-being...
மாற்றுத்திறனாளிகளுக்கான முதல் ஒருங்கிணைந்த நியமன இயக்கத்துடன்...
Sri Lanka Targets Inclusive Economic...
2025 SLIM ජාතික විකුණුම් සම්මාන...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...