අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

Share

Share

Share

Share

ආචාර්ය දයාන් රාජපක්ෂ විසිනි
කලින් කල දිනෙන් දින පරිණාමනය වෙමින් දියුණුව කරා යමින් තිබෙන අධ්‍යාපනය අද වන විට කලු ලෑල්ලේ සිට ඩිජිටල් අවකාශය දක්වා පරිවර්තනය වී ඇත්තේ දරුවන් වෙත සුවපහසුව, විශ්වාසය සහ නවකරණය එක් කරමිනි.

අතීතයේ අධ්‍යාපනය ලෙස කියවීම, ලිවීම වැනි දේ පිළිගත්තද අදවන විට එය තව දුරටත් පරිවර්තනය වී ඇත්තේ ඩිජිටල් සාක්ෂරතාවයද ඊට එක් වෙමිනි. එයින් අදහස් වන්නේ අධ්‍යාපනය ඩිජිටල්කරණය වීම තුලින් එහි කඩිනම් වර්ධනයක් අත් විඳිය හැකි බවයි.

එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ හෙහ ඩිජිටල් වේදිකාව සෑම දරුවකුටම සමාන ආකාරයෙන් එකම අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බැවින් රටේ සෑම ප්‍රදේශයකම දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීමටද මීට හැකියාව උදා වේ. ඒ අනුව EdTech සහ ඔන්ලයින් අධ්‍යාපනය අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇත.

එහි එක් සාර්ථක පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ආරම්භ කළ TikTok STEM Feed වැඩසටහන හඳුන්වා දිය හැකිය. මේ තුලින් සියලු විෂයයන් සම්බන්ධ දැනුම ලබා ගැනීමේ හොඳම වේදිකාව ලෙස භාවිත කිරිමට තරුණ පිරිසට හැකි වන අතර එහිදී #LearnOnTikTok වැනි දේ තුලින් ගෝලීය වශයෙන් තාක්ෂණය, විද්‍යාව, සැබෑ ලෝක අන්තර්ගයන් අත්විඳීමට ඔවුන්ට හැකි වනු ඇත.

අධ්‍යාපනය තුලින් කල යුත්තේ දැනුම පරිවර්තනය කිරීම පමණක් නොවේ. පුද්ගල විවේචනාත්මක චින්තනය ඉහළ නැංවීම සහ ඉගෙනීම ප්‍රවර්ධනයද ඒ තුලින් නිරායාසයෙන්ම සිදු වේ. ශිෂ්‍යයකුට තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර හෝ නිර්මාණ අධ්‍යයනය වැනි දේ පිළිබඳව විශ්වාසනීය අවබෝධයක් ලබා ගැනීමට ඒ තුලින් අවස්ථාව උදා වේ.

TikTok හි විශේෂත්වය වන්නේ දරුවන් සම්බන්ධයෙන් වන ආරක්ෂාවයි. විශේෂයෙනක් දරුවන්ගේ අධ්‍යාපනයට අදාල අන්තර්ගතයන් වෙත යොමු වීමේදී නිසි වයස් සම්පූර්ණ කර තිබිය යුතු අතර ඒය දරුවන් අනවශ්‍ය අන්තර්ගතයන් වෙත යොමු වීමට ඇති හැකියාව අවම කරනු ලබයි.

විශ්වසනීය ඩිජිටල් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ හවුල්කරුවන් අතර සහයෝගීතාවයක් අත්‍යාවශ්‍ය වේ. අන්තර්ජාල වේදිකාවන්, රජයන් සහ අධ්‍යයන ආයතන සහයෝගායෙන් කටයුතු කරන විට ඔවුන් ආරක්ෂිත සහ අර්ථවත් ඩිජිටල් ඉගෙනීම සඳහා වගකීමෙන් කටයුතු කරයි.

STEM Feed වැනි වැඩසටහන් එහි සාර්ථක ආරම්භයක් සනිටුහන් කරන අතර එහි ඊළඟ පියවර විය යුත්තේ විෂය මාලා, ප්‍රතිපත්ති සහ පරිපූර්ණ හවුල්කාරීත්වයන් සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමයි. ඒ අනුව වඩා සාර්ථක ඩිජිටල් අධ්‍යාපන අනාගතයක් වෙත ශ්‍රී ලාංකිකයින් ගෙන යාමට මෙරට හැකියාවන්ට අවස්ථාව උදා වනු ඇත.

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...