අපනයන ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම සඳහා හැටන් නැෂනල් බැංකුව ආහාර කර්මාන්තයේ වෘත්තිකයින් සහතික කරයි

Share

Share

Share

Share

ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Preventive Controls Qualified Individual (PCQI) පුහුණු පාඨමාලාවට සහභාගිවන්නන් සඳහා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පවත්වන ලදී.

මෙම සහතිකය නියාමන අවශ්‍යතාවයක් වන අතර ආහාර අපනයනයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය සඳහා ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි. නියාමන අවශ්‍යතා සපුරාලීම සහ ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ කීර්ති නාමය ඉහළ නැංවීම සඳහා HNB විසින් මෙම සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවය පැවැත්වීම වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) සමඟ එක්ව HNB විසින් පවත්වනු ලබන මෙම විශේෂිත පුහුණු වැඩසටහන මගින් නිවාරණ පාලනයන් අනුගමනය කරමින් ආහාර සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පුද්ගලයින්ව දැනුවත් කරනු ලබයි.

HNB සහ NCE අතර වන මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකා ආර්ථිකයට, විශේෂයෙන්ම අපනයනය ක්ෂේත‍්‍රයට සම්බන්ධ ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ ඇති අන්‍යෝන්‍ය කැපවීම පෙන්නුම් කරයි. ශ‍්‍රී ලංකාවේ අපනයනකරුවන් ප‍්‍රවර්ධනය කරන සුවිශේෂී මණ්ඩලය වන NCE, අපනයනකරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති පුළුල් පරාසයක මූල්‍ය සේවාවන් හේතුවෙන් HNB සැබෑ හවුල්කරුවෙකු ලෙස සලකනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලේවත්ත මහතා පැවසුවේ ‘‘අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනයට දැඩි ලෙස කැපවී සිටින බැංකුවක් ලෙස, මෙම ක්ෂේත‍්‍රය විදේශ මුදල් ඉපයීමට වඩාත් වැඩි යමක් කරන බව අපි තේරුම් ගෙන සිටිනවා. ශ‍්‍රී ලාංකීය නිෂ්පාදන ගෝලීය වශයෙන් පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කිරීම සහතික කිරීම තුළින් අපගේ ජාතියේ ශ‍්‍රම බලකාය සංවර්ධනය කිරීමේදී එම ක්ෂේත‍්‍රය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.” යනුවෙනි.

ගෝලීය වශයෙන් තත්ව සහතිකවල වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් NCE සභාපති ජයන්ත කරුණාරත්න මහතා පැවසුවේ ‘‘ශ‍්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළ තුළ ප‍්‍රබල තරඟකරුවෙකු බවට පත්කිරීමට සහ අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් බවට පත්වීමේ අපගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සහතික කිරීම් ඉතා වැදගත්.” බවයි.

HNB සහ NCE හවුල්කාරිත්වයේ ඇති වැදගත්කම අවධාරණය කරමින්, NCE හි ප‍්‍රධාන විධායක නිලධාරී/මහලේකම් ශිහාම් මරිකාර් මහතා සඳහන් කළේ, ගෝලීය වෙළෙඳාමේ වර්ධනය වන ප‍්‍රවණතාවන්ට අනුකූලව තොග අපනයනයන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට අපනයන සඳහා ගුණාත්මකභාවය සහ අගය එකතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ජයන්ත කරුණාරත්න, NCE සභාපති (වමේ සිට හතරවැන්නා), HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලේවත්ත (මැද) සහ NCE ප‍්‍රධාන විධායක නිලධාරී/මහලේකම් (දකුණේ සිට හතරවැන්නා) ශිහාම් මරිකාර් යන මහත්වරුන් සමඟින් මෙම සහතිකපත‍්‍ර ප‍්‍රදානොත්සවයට සහභාගී වූවන් ඡායාරූපයේ වෙයි.

 

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...