අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය අරඹයි

Share

Share

Share

Share

දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත.

චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17 සිට මාර්තු 03 වන දින දක්වා City of Dreams Sri Lanka හිදී සමරනු ලබන මෙම සුවිශේෂී චන්ද්‍ර වර්ෂ සැමරුමේදී වාසනාව, සමෘද්ධිය හා සතුට සමඟින් අසමසම අත්දැකීමක් ලබා ගැනීම වෙනුවෙන් එක් වන ලෙස City of Dreams Sri Lanka සියලු දෙනාට ආරාධනා කර සිටියි.

City of Dreams Sri Lanka ප්‍රධාන වේදිකාව මත දිග හැරෙන චීන සංස්කෘතියේ අත්දැකීම් තුලින් අලංකාර නර්තනයන්, සාම්ප්‍රදායික සිංහ නැටුම් සියසින් දැක ගනිමින් සිය සතුට බෙදා හදා ගැනීමට අවකාශ සැලසෙන මෙහිදී ධනාත්මක ආකල්පයන් තුලින් නව ගමනක් ඇරඹීමට අමුත්තන්ට හැකි වනු ඇත. එපමණක්ද නොව විශ්වාසය සමඟින් ධනය හා සාර්ථකත්වය වෙනුවෙන් වාසනාවේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් ක්‍ස City of Dreams Sri Lanka හි උණුසුම් සත්කාරය රිසි සේ භුක්ති විඳීමේ අවස්ථාවද මෙහිදී අමුත්තන්ට උදා වේ.

මෙම සුවිශේෂී අවස්ථාව අමතක නොවන සැමරුමක් බවට පත් කරමින් Spice8 හිදී ප්‍රණීත චීන ආහාර වලින් සපිරි අලුත් අවුරුදු බුෆේ සමඟින් රසවත් ආහාර වේලක් රිසි සේ රස විඳීමටද ඔවුන්ට හැකි වනු ඇත. විශේෂයෙන් මෙහිදී චීන සම්ප්‍රදායේ සමෘද්ධිය හා දීර්ඝායුෂ අරමුණු කොට ගනිමින් සකස් කළ විශේෂ ආහාර වර්ග රස විඳිමින් පවුලේ සාමාජිකයින් සහ හිත මිතුරන් සමඟ වන සබඳතාව ශක්තිමත් කර ගැනීමටද අවකාශ උදා වනු ඇත.

වාසනාව ජීවිතයට එක් කරන රක්ත වර්ණයෙන් බබලන දර්ශනීය හා සාම්ප්‍රදායික නිර්මාණයන්ගෙන් සැදුම්ලත් සුවිශේෂී සැමරුම සමඟින් City of Dreams Sri Lanka හි Level 6 සහ Spice8 හිදී අමුත්තන්ට එක් විය හැකිය. City of Dreams Sri Lanka පරිශ්‍රය පුරා සමෘද්ධිමත් බව විදහා දක්වන මෙම සැමරුමේදී පහසුවෙන් චීන සංස්කෘතිය හා සුඛෝපභෝගී ආකර්ෂණය විඳ ගැනීමට අමුත්තන්ට හැකි වනු ඇත.

ලෝකයේ විවිධ සංස්කෘතීන්හි රසය විඳ ගැනීමේ අර්ථවත් සම්ප්‍රදායක් සමඟින් නිරන්තරයෙන් නවමු අත්දැකීමක් අමුත්තන් වෙත ලබා දීමට කටයුතු කරන City of Dreams Sri Lanka හිදී සමරනු ලබන චීන චන්ද්‍ර වර්ෂ සැමරුම ආර්ථික සමෘද්ධිය, නව්‍යත්වය හා බලාපොරොත්තු සහගත අනාගතය වෙනුවෙන් ආශිර්වාද එක් කර ගැනීමේ සුවිසල් අවස්ථාවක්ද වනු ඇත.

ඔබේ වාසනාව හා දියුණුව උදා කරන චන්ද්‍ර වර්ෂ සැමරුම වෙනුවෙන් City of Dreams Sri Lanka හි අවස්ථාව උදා කර ගන්න.
වැඩි විස්තර සඳහා +94 76 316 0481 අමතන්න.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...