ආන්ජලී සල්ගාදු තම කුළුදුල් කෘතිය ලෙස “A Rebel legacy – The Poison Arrow”එළිදක්වයි

Share

Share

Share

Share

සාහිත්‍ය ලෝලීන්ට ප‍්‍රබෝධමත් සහ ප‍්‍රීතිමත් හැඟීමක් ලබා දෙමින්, නව යොවුන් වියේ පසුවන ආන්ජලී සල්ගාදු “A Rebel legacy – The Poison Arrow”නමින් ෆැන්ටසි ප‍්‍රබන්ධ නවකතාවක් එළිදක්වයි. 2020 දී ඣඪෂෘ-19 වසංගතය අතරතුර නිවසේ රැුඳීසිටි කාලයේ මෙම 15 හැවිරිදි දැරිය සිය සංකල්පීය අදහස් එකිනෙක ගොනු කිරීම ආරම්භ කළාය. වසරක් ඇතුලත ඇයගේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සමගාමීවම මෙම පොත ද රචනා කර අවසන් කිරීමට සමත් වූවාය.

පිටු 415 කින් යුත් නවකතාව ජෙරමි මුලර් විසින් සංස්කරණය කරන ලද අතර Jam Fruit Tree ප‍්‍රකාශකයන් විසින් 2023 ජනවාරි මාසයේදී ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙම පොත Jam Fruit Tree , බෙයාෆුට් යන පොත්හල් වලින් සහ තෝරාගත් සරසවි අලෙවිසැල්වලින් මිලදීගත හැකිය.මෙම නවකතාව හරහා දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වෙයි. එනම් කතුවරිය ලෙස ආන්ජලී සල්ගාදු සහ දැනට ගම්පොළ ඉංග‍්‍රීසි ගුරුවරියක් වන, මෙහි පිටකවරය නිර්මානය කළ ශිල්පිනිය වූ ෆාරා ෆස්ලි මෙම කෘතිය හරහා සිය හැකියාවන් මනාකොට ගෙනහැර දක්වයි.
නවකතාව නිල වශයෙන් එළිදැක්වීම මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2023 මාර්තු 4 වන දින බෙයාෆුට් උද්‍යාන ආපන ශාලාවේදී සිදු වූ අතර එය ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ විස්මිත, නිර්මාණාත්මක සහ සාහිත්‍ය හැකියාවන් පිළිබඳ සාක්ෂියකි.
මෙය කැරලිකරුවන් කණ්ඩායමක් සහ පීඩාකාරී පාලනයකින් නිදහස් වීමට ඔවුන් කරන අරගලය වටා ගෙතී ඇත.
”අපරාධකරුවන් දහතුන්දෙනෙක්, එක් සතුරෙක්, විප්ලවයක් ආරම්භ වී ඇත. වැරදි මාරන්තික වන ලෝකයක, ඒ සියල්ල අතරතුර ඩ්‍රේක් ලීගර් ඔහුගේ ජීවිතය ඉහලටම ගෙන යන ලදී, දැන් ඔහු ප‍්‍රතිවිපාක වලට මුහුණ දිය යුතුය; මින් ඉදිරියට යාමට් අහෝ නතර වීමට අවස්ථාවක් ඇත. ඔහු කුමක් කරයිද?”

ඇගේ නිර්මාණාත්මක හැකියාව නැවත අවධාරණය කරමින්, ආන්ජලී සිය පළමු නවකතාවේ දෙවන කොටස ද සම්පූර්ණ කර ඇති අතර, එය නවකතා මාලාවක් ලෙස වර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
ආන්ජලී කොළඹ කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අතර, ඇය සාමාන්‍ය පෙළ විභාගය ් සාමාර්ථ ද සමඟින් ඉහළින් සමත් විය. ඇය විද්‍යා සංගමයේ ලේකම්වරිය වන අතර චෙස් ක‍්‍රීඩාවේදී ඇය දැක්වූ දක්ශතා වෙනුවෙන් පසුගියදා පාසල් වර්ණද හිමිකරගන්නා ලදී ඇය පාසලේ දැල් පන්දු සහ චෙස් කණ්ඩායම් වල සාමාජිකාවක් වන අතර ආන්ජලී මේ වනවිට විද්‍යා විෂය ධාරාවෙන් ලන්ඩන් උසස් පෙල විභාගය වෙනුවෙන් සූදානම් වෙයි

BYD Mobile App හඳුන්වා දී...
නල්ලූර් කන්දස්වාමි කෝවිල් මංගල්‍යයේ ආගමික...
ITC Ratnadipa Welcomes Chef Prakhar...
28 Years of Fitness Evolution:...
5 ශ්‍රේණියේ දරුදැරියන් 6,500 කට...
ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා...
KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව...
Colombo Dockyard marks World Maritime...
ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා...
KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව...
Colombo Dockyard marks World Maritime...
KOKO மற்றும் Ceylinco கூட்டாண்மையில் இலங்கையின்...