ආසියානු පැසිෆික් කලාපයේ හා ජපානයේ සයිබර් ආරක්ෂණ අඩපණවීමට AI සහ තර්ජනයන්හි ස්වභාවය හේතු වන බව Sophos පවසයි

Share

Share

Share

Share

උසස් ආරක්ෂක විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, Tech Research Asia සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද The Future of Cybersecurity in Asia Pacific and Japan (APJ) වාර්තාවේ 5 වන සංස්කරණය පසුගියදා එළි දක්වන ලදී. එම වාර්තාවට අනුව කලාපය පුරා සයිබර් ආරක්ෂණ තර්ජනයන් ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇති අතර සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවල හා ආයතනවල 86%ක් ඒ සම්බන්ධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවත් වාර්තා කොට ඇත. එසේම ප්‍රධාන වශයෙන් සම්පත් ඌණතාව සම සංකීර්ණ හැඩගැස්වීම්වල අවශ්‍යතාව හේතුවෙන් මෙම තර්ජන ඉහළ ගොස් ඇති බව එහි සඳහන් වේ.

2025 නවතම වාර්තාව මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ AI මඟින් බල ගන්වන ලද ආරක්ෂක මෙවලම් මේ හා සම්බන්ධ සමහර ගැටලු සමනය කිරීමට උපකාරී වන බවත් AI පිටපත් භාවිතයද සයිබර් ආරක්ෂණ උත්සාහයන් තවදුරටත් අභියෝගයට ලක් කරනු ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ APJ, Sophos හි ප්‍රධාන ක්ෂේත්‍ර තොරතුරු ආරක්ෂණ නිලධාරී Aaron Bugal මහතා පවසා සිටියේ “ඉහළ යමින් පවතින තර්ජන නියාමන ඉල්ලීම් සහ සම්පත්වල සීමිතතාව හේතුවෙන් බොහෝ කණ්ඩායම්වලට සයිබර් ආරක්ෂාව සාර්ථක කර ගැනීමට නොහැකි වනවා. සබුද්ධික ආකාරයෙන් AI මෙවලම් භාවිත කරන විට එහි මෙහෙයුම් හැකියාව වෙනස් කිරීම තුලින් සහ සක්‍රිය කඩිනම් ප්‍රතිචාර තුළින් මීට යම් විසඳුමක් එක් කර ගත හැකියි. එහෙත් බොහෝ ආයතන තවමත් මේ සඳහා සූදනමින් නොමැති බව පෙන්වා දිය හැකියි. ”යනුවෙනි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ AI මෙවලම් හරහා සංවේදී දත්ත භාවිත කිරීමට මිනිසුන් කටයුතු කරන අතර ඒවා බෙදාහදා ගන්නා අකාරය, ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය, ව්‍යාජ ඊමේල්වලින් ඔබ්බට විහිදිය යුතු මෙන්ම AI භාවිතයේදී එය පාලනය සඳහා පැහැදිලි සීමාවන් අවශ්‍ය වන බවයි.

එම වාර්තාවේ සඳහන් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
• පිටපත් කරන ලද AI අවදානම් ඉහළ යමින් පවතී – සමීක්ෂණයට ලක් කළ ආයතනවලින් 46%ක් අනවසර AI මෙවලම් භාවිත කරන අතර 72%ක් විධිමත් ප්‍රතිපත්ති තිබියදීත් තවත් 12%ක් පිටපත් යෙදුම් ඔවුන්ගේ ආයතනය තුළ තිබේදැයි නොදනී.
• අපතේ යාම ඉක්මන් වීම – ආතතිය හා තෙහෙට්ටුම හේතුවෙන් සතියකට ආයතන සේවකයෙකුට සාමාන්‍යයෙන් පැය 4.6ක් අහිමි විය. මෙය 2024 ට වඩා 12%ක ඉහළ යාමකි.
• සයිබර් ආරක්ෂණ සඳහා ආයෝජන ඉහළට – ආයතනවලින් 85%ක් පමණ ඉදිරි වසරවලදී තම සයිබර් ආරක්ෂණ ආයෝජන 10%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සැලසුම් කොට ඇත.
• නියාමනය අවබෝධයෙන් කළ යුතු බව – සමීක්ෂණයට ලක් වුණු ආයතන 83%ක් නියාමන අවශ්‍යතාවලට මුහුණ දෙන අතර 56%ක් පවසන්නේ මේවා ඔරොත්තු දීමේ හැකියාව හා ආරක්ෂක උපායමාර්ග යන දෙකෙහිම වැඩි දියුණු කළ යුතු බවයි.

මෙම වාර්තාවෙන් හෙලි වන්නේ සයිබර් ආරක්ෂණ දුෂ්කරතාව තාක්ෂණික ගැටලුවක් පමණක් නොව එය ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි. තර්ජනයන් ඵලදායීතාවයට, සිදුවීම් ප්‍රතිචාරවලට, සේවක පැවැත්මට බලපානු ලබන අතර සමාගම්වලින් 31%ක් ඒ බව තහවුරු කර ඇත.

පිටපත් කරන ලද AI මෙවලම් භාවිතය සම්බන්ධයෙන් සැලකීමේදී ඉන්දියාව 62%ක්ද, සිංගප්පූරුව 60%ක්ද, ජපානය 47%ක්ද, වශයෙන් භාවිත කරන අතර මේවා පිළිබඳව ඒ ඒ ආයතනවලට නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සයිබර් ආරක්ෂණ තර්ජන ඉහළ යාමට හේතු වී ඇත.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...