ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

Share

Share

Share

Share

ඉදිරියේදී රජය සම්බන්ධ කර ගැනීමටත් පියවර ගනියි

ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 2 වන දින ප්‍රකාශයට පත් කළ ආනයන සඳහා වන 10%ක මූලික තීරුබදු අප්‍රේල් 5 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44%ක වෙනස් ආකාරයේ තීරුබද්දක් පනවා ඇති අතර එය අප්‍රේල් 9 වන දින සිට ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “අපගේ කලාපයේ තරඟකාරී රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු මට්ටම ඉතා විශාලයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට වඩා අඩුවෙන් තීරු බදු අය කරන රටවල් ඉතා ඉක්මණින් එක්සත් ජනපද වෙළෙඳපොල වෙත පිවිසෙන ආකාරය ඉදිරියේදී දැක ගත හැකියි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සිදු කරන විශාලතම තනි රට වන්නේ එක්සත් ජනපදයයි. ඊට සමස්ත අපනයනවලින් 40%කට වැඩි ප්‍රමාණයක් අයත් වන අතර 2023 වසරේදී පමණක් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ඉක්මවා ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝරන්ස් මහතා “මෙම තීරුබදු හේතුවෙන් ඉක්මන් හා දරුණු ආකාරයේ බලපෑමක් මෙරට අපනයනයන් වෙත ඇති විය හැකියි. ඒ නිසා ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළෙඳපොල සඳහා සිදු කරන අපනයනවලින් වැඩි ප්‍රමාණයක් තරඟකාරී වෙළෙඳපොල වෙත සංක්‍රමණය වන අයුරු අපට දැකගත හැකියි. එහෙත් එක්සත් ජනපදයේ අප අත්පත් කරගෙන තිබූ වෙළෙඳපොල ප්‍රමාණය වෙනත් වෙළෙඳපොල තුළින් අත්කර ගැනීමට නොහැකි වේවි.” යනුවෙන් පැවසීය.

මෙම තත්වය සඳහා ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් කර්මාන්ත සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.

“මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට රජය ගෙන ඇති ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉතා අගය කරනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ සීමාවන් තුළ රැඳී සිටින අතර එක්සත් ජනපද රජය විසින් ඇති කරන ලද ගැටලුවලට අපට වඩාත් ගැලපෙන විසඳුම් ලබා දිය හැක්කේ කෙසේදැයි බැලීමට අදාල බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිටිනවා” යනුවෙන්ද ලෝරන්ස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය විනිවිදභාවය, සදාචාරාත්මක නිෂ්පාදනය හා තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සඳහා කැපවී කටයුතු කරයි.

අවසාන වශයෙන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “දැන් කර්මාන්තයේ නියැලීම, ක්‍රියාශීලී බව හා විශ්වාසවන්ත අමුද්‍රව්‍ය යොදා ගැනීම සහතික කිරීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබෙනවා. එහෙත් ඉතා බරපතල තත්වයක් වන මෙය හදිසි ජාතික ගැටලුවක් ලෙස සලකා කටයුතු කළ යුතුයි. ” යනුවෙනි.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...