එක්සත් රාජධානිය විසින් ඇඟලුම් වලට අදාල වෙළෙඳ නීතී ලිහිල් කිරීමට ගත් තීරණය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රසාදය පළ කරයි

Share

Share

Share

Share

එක්සත් රජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) තුල එක්සත් රජධානියට අපනයනය කරන මෙරට ඇඟලුම් සඳහා වන වෙළෙඳ නීති ලිහිල් කිරීම පිලිබඳව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. මෙම වැඩපිලිවෙල 2026 වසරේ සිට බලාත්මක වනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) ට අදාල ව සිදු කර ඇති වෙනස්කම් මගින් ඔ්නෑම රටක යෙදවුම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර එක්සත් රජධානියට අපනයනය කර න ඇඟලුම් සඳහා කිසිදු තීරුබද්දකින් තොරව එක්සත් රජධානියේ වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව හිමිවනු ඇත. මෙම තත්වය දැනට පවතින වෙළෙඳ සහයෝගීතාවන් වල සැලකිය යුතු වර්ධනයක් නියෝජනය කරන අතර DCTS වැඩපිලිවෙල යටතේ පහසුකම් අත්විඳින සෙසු රටවලට ද අදාල වන විස්තීරණ වරණයන්ට “Comprehensive Preferences” අයත් ඇඟලුම් නිෂ්පාදනයට අදාල මෙහෙයුම් සහ අනුගතවීම් වලට පනවා තිබු සීමාවන් අවම කර තිබෙන බැවින් මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඇඟලුම් වලට ද වාසිදායක ලෙස බලපානු ඇත.

ශ්‍රී ලංකා සහ එක්සත් රාජධානියේ වෙළෙඳ කටයුතු ශක්තිමත් වීම
එක්සත් රජධානිය තවදුරටත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා එක් ශක්තිමත් සහ වැදගත් අපනයන ගමනාන්තයකි. DCTS වැඩපිලිවෙල යටතේ වෙළෙඳාම සඳහා වන නියාමන නීති සරල කිරීම තුල නිෂ්පාදකයාට වඩාත් ඵලදායී ලෙස ගෝලීය තරගයට මුහුණ දීමට හැකි වන අතර අමුද්‍රව්‍ය ලබා ගන්නා මූලයන්ගේ උපායමාර්ගික විවිධාංගීකරණය, සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොල වෙත නිරතුරුව ඇතුළු වීමේ හැකියාව හිමි වනු ඇත. මෙම වෙනස්කම් මගින් විශ්වාසනීය අගය ඒකතු කල සැපයුම්කරුවකු ලෙස ශ්‍රී ලංකාව ගෝලීය විලාසිතා සැපයුම් දාමයෙහි කොටස්කරුවකු වනු ඇත.

එක්සත් රජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද DCTS වැඩපිලිවෙල පිලිබඳව සිය ප්‍රසාදය පල කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා “ඔරොත්තුදීමේ හැකියාවෙන් සහ වගකීම් සහගත මූලයන් සහිත අමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හිමි කර ගත් කාලීන ඇගයීමක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඇඟලුම් නිෂ්පාදනය සඳහා විවිධ රටවලින් සපයා ගනු ලබන අමුද්‍රව්‍යන් මත පනවා තිබු සීමාකම් ඉවත් කිරීම තුල එක්සත් රාජධානියට ඇතුලුවන සියලු තරගකරුවන්ට තරග කල හැකි සමබිමක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර ඇති බැවින් අපගේ නිෂ්පාදකයින්ට වඩාත් නම්‍යශීලීව ඉහල වටිනාකමක් සහිත ජාත්‍යන්තර සන්නාමයන් එක්සත් රාජධානියේ පාරිභෝගිකයින් වෙත සැපයීමට අපට අවස්තාව උදා වී තිබෙනවා. මෙම තත්වය අපගේ වෙළෙඳ කටයුතු පුලුල් කිරීමට සහ ශක්තිමත් කරමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ තරගකාරීත්වය, රැකියා බිහි කිරීම සහ පවතින රැකියා සුරක්ෂිත කිරීම මගින් ඒම පවුල් වල ජීවන තත්වය ඉහල නැංවීමට නිසැක වශයෙන්ම ඉහල දායකත්වයක් ලබා දෙනු ඇති බව මගේ විශ්වාසයයි” යනුවෙන් පැවසීය.

ප්‍රගතිශීලී ඉදිරි පියවර
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නිරතුරුව එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාඒ්යාලය, ඒම කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව සම සහසම්බන්ධිතව කටයුතු කටයුතු කිරීම ඒ්කබද්ධ ඇඟලුම් සංගම් සංසදය පිලිගන්නා අතර මෙම නව රෙගුලාසි මගින් අපනයන ප්‍රවර්ධනය, ඵලදායීතාව දියුණු වීම, හා ඒක්සත් රජධානිය හා ශ්‍රී ලංකවේ වෙළෙඳ සබඳතා තවක් ශක්තිමත් කර ගැනීම සිදු වනු ඇත.

ඇඟලුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් උත්පාදන ක්ෂේත්‍රය වන අතර මෙම ක්ෂේත්‍රය විසින් 350,000ක සෘජු රැකියා සහ මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව මිලියනයක පමණ පිරිසකගේ ජීවනෝපාය සකස්කර දෙනු ලබයි. නිදහස්කරන ලද වෙළෙඳ සබඳතා මගින් තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයෙහි ප්‍රධානතම ගාමක බලය බවට පත් වනු ඇත.

LANKATILES Launches Sri Lanka’s First...
500 ட்ரோன்களின் கண்கவர் காட்சியுடன் பிரம்மாண்டமாகத்...
LANKATILES ශ්‍රී ලංකාවේ පළමු සූර්ය...
ඩ්‍රෝන 500ක ආකර්ෂණීය සංදර්ශනයක් සමඟින්...
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ...
UN Global Compact Network Sri...
Sophos Named a Champion in...
Sophos, 2026 වසරේ Omdia Cybersecurity...
UN Global Compact Network Sri...
Sophos Named a Champion in...
Sophos, 2026 වසරේ Omdia Cybersecurity...
LANKATILES இலங்கையின் முதல் Solar Reflective...