ඔබේ ළමා කාලය අවිදි කරමින් නැවත අතීතයට ඔබව ගෙන යන TikTok

Share

Share

Share

Share

බහුතරයකට අනුව TikTok යනු විනෝදාස්වාදය පදනම් කරගත් සමාජ මාධ්‍ය වේදිකාවකි. එහෙත් අද වන විට එය විනෝදාස්වාදය අභිබවා යමින් දැනුම, අධ්‍යාපනය, වැනි බොහෝ දේ ලබා දෙන වත්මන් පරම්පරාවේ අත්‍යාවශ්‍ය වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම එහි ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවද නොරහසකි. විශේෂයෙන් මෙහිදී අප ලබන අත්දැකීම් අපගේ බොහෝ මතකයන් මෙන්ම ජීවිතයේ රසවත් බව නැවත සිහි ගැන්වීමට සමත් වන්නේ විවිධ TikTok අන්තර්ගතයන් නිසාය. එය අපගේ ළමා කාලය අවදි කිරීමක් බඳුය. සැබැවින්ම ඒවා පිළිබඳව උනන්දු වන ළමා කාලය තුළ අප අත්විඳි බොහෝ දේ වීඩියෝ අන්තර්ගතයන් තුලින් නැවත විඳගන්නට ලැබීම සොඳුරු මතකයන් නැවත අලුත් කර ගැනීමටද හැකියාවක් ලබා දීමකි.

ASMR යනු අපගේ අවශ්‍යතාවයක් වුවද අප මේ වන විටත් සොයා නොගත්තකි. එසේත් නොමැති නම් එම අන්තර්ගතය හමුවන තුරු එය අපට අවශ්‍යතාවයක් ලෙස නොසැලකූවකි. TikTok වේදිකාව තුළ මෙවන් අන්තර්ගතයන් කොතෙකුත් ඇත. ඒ තුලින් කෙනෙකුට දැනෙන සංවේදනය ඔවුන්ගේ මතකයන් අවධි කිරීමට හේතුවක් වනු ඇත. එසේත් නොමැතිනම් තමන්ගේ යම් අත්දැකීමක් හෝ හැඟීමක් උද්දීපනය කිරීමටද මෙය හේතුවක් විය හැකිය.

ඉතා සන්සුන් වීඩියෝවක් තුළ හිස පිරිමදින ආකාරය ඔබේ මනසට හිස පිරිමදින ශබ්දය මෙන්ම හිස පිරිමැදීමේදී දැනෙන සුවය දැනෙන්නේ එම හැඟීම් පිළිබඳ මතකය ඔබේ හදවත තුළ ඇති බැවිනි. ඔබ මීට පෙර එය විඳ ඇති බැවිනි. පත්තර කොළ්‍යක් පොඩි කරන හෝ ඉරන වීඩියෝවක්, පැකට්ටුවක් විවෘත කරන වීඩියෝවක් මෙන්ම වීදුරුවක් නියපොත්තෙන් සූරන වීඩියෝවක් ශබ්ද රහිතව ඉදිරිපත් කළද එම ශබ්දය ඔබ මනසට හෝ දෙසවනට දැනීම වැළැක්විය නොහැකිය. ඒ ශබ්දය ඔබට දැනෙන්නේ ඔබ පෙර ලද අත්දැකීම් නිසාය.

සුරතල් සතුන් හා සම්බන්ධ බොහෝ වීඩියෝ අන්තර්ගතයන් TikTok වේදිකාව තුළ සුලභව දැකිය හැකිය. ඒ බොහෝ දේ පූසන් හා බල්ලන්ුගේ වීඩියෝය. නමුත් ඒවා හුදු විනෝදාස්වාදය සඳහා පමණක් ඉදිරිපත් කරන ලද වීඩියෝ අන්තර්ගතයන් නොවන බව ඔබට දක්නට හැකිය.

#PetTherapy හෝ #AnimalTherapy වැනි TikTok වේදිකාවන් තුලින් ඔබට මෙම සුරතලුන් සම්බන්ද බොහෝ දේ ජීවිතයට එකතු කරගත හැකිය. සතුන් – සතුන් අතර පවතින ආදරය හා බැඳීම, ඔවුන් අතර පවතින දුර්ලභ ගුණ ධර්මයන් මෙන්ම TikTok වීඩියෝ අන්තර්ගතයන් තුළින් ලබා ගත හැකි දැනුම හා අවබෝධය ඉතා වැදගත් වේ.

එසේම සතුන් හා මිනිසුන් අතර පවතින බැඳීම එම බැඳීම තුළ ඔවුනොවුන්ගේ ජීවිත සුන්දර වී ඇති ආකාරයද මෙහිදී විඩියෝ තුලින් අත් විඳිය හැකිය. සුරතල් සතුන් පුහුණු කිරීම. සතුන්ගේ ආබාධ හා ඒවාට පිළියම් කරන ආකාරය වැනි බොහෝ දේ මෙම වීඩියෝ තුළ අන්තර්ගත වන අතර සුරතල් සතුන්ට ප්‍රිය ප්‍රජාව අතර මෙම වීඩියෝ වඩාත් ජනප්‍රිය වේ.

පරිශීලකයින් අතර වඩාත් ජනප්‍රිය තවත් අවකාශයක් වන්නේ ජ්‍යෝතිෂ්‍යයි. හඳහන්, වේලාව, සුභ නැකැත් හා ලග්න පලාඵල වැනි බොහෝ දේ තුලින් ඊට උනන්දුවක් දක්වන පිරිස් තමන්ගේ අනාගතය හා ජීවිතය පිළිබඳ විවිධ තීන්දු තීරණ ගනු ලබති.
තවද කලින් කලට සිදු වන ග්‍රහ මාරු සහ ඒ තුලින් රටට ලෝකයට සිදු විය හැකි දේ වැනි වීඩියෝද මේවායෙහි අන්තර් ගත වේ. එපමණක් නොව විවිධ අනාවැකිකරුවන් ලෝකය පිළිබඳව පල කරන අනාවැකි සම්බන්ධ වීඩියෝ බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇති අතර ඒ අතරතුර වන විවිධ කතා මාලාවන්ද රසයක් මෙන්ම කුතුහලයක්ද එක් කිරීමට සමත්ව ඇත.

තෙරක් නොමැති අභ්‍යාවකාශයද TikTok වීඩියෝ අන්තර්ගතයන්හි තවත් විශේෂ මාතෘකාවක් බවට පත්ව ඇත. බොහෝ දෙනා දැන ගැනමට කැමති තාරුකා, ග්‍රහලෝක උපතේ සිට තවත් අවුරුදු ගණනාවක් ඉදිරිය දක්වා තොරතුරු බොහෝ ප්‍රමාණයක් මෙම වීඩියෝ අන්තර්ගතයන් තුලින් ලබා ගත හැකිය.

සැබැවින්ම TikTok යනු වැඩිහිටියකු මනසින් දරුවකු බවට පත් කරන බොහෝ දේ අන්තර්ගත වේදිකාවකි. විවේකය විනෝදය මෙන්ම මතක ආවර්ජනය වෙනුවෙන් කදිම ඉඩකඩක් ලබා දෙන මෙම අන්තර්ගතයන් අපේ මතකය තුළ සිර වී ඇති මිහිරි මෙන්ම අමිහිරි සිදුවීම් යලි මතකයට ගෙන්වන්නට සමත් වේ.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...