කටාන ඇඟලූම් කර්මාන්තශාලාවට එල්ල වූ ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය තරයේ හෙළා දකියි

Share

Share

Share

Share

පසුගිය මාර්තු 30 වන බ‍්‍රහස්පතින්දා දින කටාන, හල්පේ ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද දරුණු සහ නින්දිත ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) දැඩි ලෙස හෙළා දකීx මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් JAAF ඉල්ලා සිටී.
මේ වන විට ශ‍්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටින ඕමාන ජාතිකයකු වන මෙම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ කර්මාන්තශාලාවට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී මෙම පහර දීම සිදු කර ඇති අතර ඉන් තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලාවක් වන මේ හරහා පුද්ගලයන් 300 කට අධික පිරිසකට රැකියා සපයනු ලබයි.
”ඇඟළුම් ක්ෂේත‍්‍රය නියෝජනය කරනු ලබන සංගම්වල එකතුවකින් සැදුම්ලත් ආයතනයක් ලෙස අප, මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තරයේ හෙළා දකින අතර එවැනි ක‍්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නෑ. නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් මෙම ප‍්‍රහාරයට පෙළඹවූවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසටයි. මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක් වූවන් ගැන අපි අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කර සිටින අතරම රටේ නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් JAAF හි මාධ්‍ය ප‍්‍රකාශක පවසයිx

Sampath Bank Delivers 15% Growth...
කොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි වෙනස්ම ආකාරයේ නත්තල් සැණකෙළියකට සැරසෙයි
அக்கோர் குழுமத்தின் ‘புல்மேன்’ சொகுசு ஹோட்டல்...
கிறிஸ்மஸ் கேக் கலவை நிகழ்வுடன் Nüwa...
ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උලෙළේදී...
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල්...
LifeServ Celebrates 25 Years of...
JXG, together with The Ceylon...
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල්...
LifeServ Celebrates 25 Years of...
JXG, together with The Ceylon...
යුරෝපීය වෙළෙඳපොලෙහි දිගු කාලීනව රැඳී...