ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්‍රචාරක වැඩසටහන වන Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.
සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තමන් කැමති ආකාරයට ගෙවන අතර ඔවුන් කැමති දේ ආහාරයට ගැනීමටත්ල කැමති කෙනෙකු ඇසුරු කිරීමටත්, කැමති දේ කිරීමටත් කටයුතු කරති. එහෙත් දියවැඩියාව හේතුවෙන් ඒ සියල්ල මඟ හැරෙනු ඇතැයි කෙනෙකු සිතිය හැකිය. Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) වැඩසටහන මඟින් ඔවුන් සිතන දේ අභියෝගයට ලක් කරමින් දියවැඩියාව නිසා කෙනෙකුගේ ජීවිතය සීමා විය යුතු නැති බව අවධාරණය කරයි. ඒ වෙනුවට නිවැරදි ජීවන සමබරතාවය, විනය සහ පෝෂණය පවත්වා ගැනීමෙන් ජීවිතය සාමාන්‍ය අයුරින් ඉදිරියටම රැගෙන යා හැකි බව මෙයින් පෙන්වා දෙයි.

Diabetasol හි මෙම අරමුණ නිවැරදි ආකාරයෙන් සිය ජීවිතය සමඟ සම්බන්ධ කර ගනිමින් සැබෑ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන අයෙකු ලෙස චන්න විජේවර්ධනයන් සඳහන් කළ හැකිය. මෙරට වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ නර්තන කණ්ඩායමක නිර්මාණකරු ලෙස ඔහුගේ මුළු ජීවිතයම ගොඩනැඟී ඇත්තේ දැඩි ශාරීරික විනය සහ අඛණ්ඩව පවත්වා ගන්නා ඉහළ ශක්තිය මතය. දියවැඩියාව වැළඳුණු අයෙකු සිය ජීවිතය අඩාල කරගත යුතුය හෝ පසුපසට යා යුතුය යන පොදු සමාජ මතයට ඔහුගේ ක්‍රියාශීලී ජීවන රටාව කදිම පිළිතුරක් වනු නිසැකය. මහජනතාව ඉදිරියේ ඔහු තවමත් පෙර ලෙසම කලාවෙහි නිරතව සිටින අතර මෙම ක්‍රියාකාරී දායකත්වය වැඩසටහනේ පණිවිඩයට වඩාත් විශ්වාසවන්ත ලෙස ජනතාව වෙත ලබා දීමට හැකි වනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ චන්න විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “දියවැඩියාව පාලනය කරගැනීම කියන්නේ ජීවිතය නිවැරදි ආකාරයෙන් සමබරව පවත්වාගෙන යාම ලෙස මම සිතනවා. එහිදී මම ගන්නා තීරණ සහ ආහාර රටාවන් පිළිබඳව දැඩි ස්වයං-විනයක් පවත්වා ගැනීම සහ මගේ ශරීරය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වනවා. මගේ වෘත්තීය කටයුතු, මම කැමති දේ සහ මගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය ඒ අයුරින්ම විඳගැනීමට මම තවමත් කටයුතු කරමින් සිටිනවා. දියවැඩියාව මම ඉතාමත් සාර්ථකව කළමනාකරණය කරන අතර එයට මගේ අනන්‍යතාවය හෝ මම කවුද කියන එක තීරණය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ Kalbe හි පෝෂණ ප්‍රධානී සහ සුදුසුකම්ලත් පෝෂණවේදී කිශාන් කණගසබේ මහතා “සෞඛ්‍ය සමබරතාවය පවත්වා ගැනීම සඳහා පෝෂණය ඉතාමත් වැදගත් සහ ප්‍රධානතම කාර්යභාරයක් ඉටුකරනවා. පෝෂණය ලබාගැනීමට ගන්නා තීරණය මෙන්ම ඒ සඳහා තෝරාගන්නා පෝෂණ ප්‍රභවයන්ද මෙහිදී එක හා සමානව වැදගත් වනවා.” යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “දියවැඩියාව සහිත අයෙකු පෝෂණ පානයක් තෝරාගැනීමේදී එහි පෝෂණීය බව පිළිබඳව පමණක් අවධානය යොමු නොකළ යුතුයි. එකම පෝෂණ ක්‍රමවේදයක් සෑම දෙනාටම එක හා සමානව ගැළපෙනවා යන පැරණි මතයෙන් විද්‍යාත්මක පර්යේෂණ දැන් බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා. ඒ නිසා දියවැඩියාව සාර්ථකව කළමනාකරණය කරන අයෙකුට මෙම තාක්ෂණික වෙනස වටහා ගැනීම ඉතාමත් වැදගත්වනවා” යනුවෙන්ද පවසා සිටින ලදී.
Diabetasol නිෂ්පාදනය කර ඇත්තේ දියවැඩියාව පවතින රෝගීන්ගේ මෙම සුවිශේෂී තාක්ෂණික අවශ්‍යතාවය මනාව සැලකිල්ලට ගනිමිනි. රුධිරයට සීනි එකවර අවශෝෂණය වීම වළක්වන අඩු ග්ලයිසීමික් දර්ශකයක්, ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක්, ආහාරමය කෙඳි, අමතරව එකතු කළ සුක්‍රෝස් රහිත වීම මෙන්ම විටමින් සහ ඛනිජ ලවණ රැසක් මීට ඇතුළත් වේ. මේ සියල්ල එදිනෙදා පෝෂණ අවශ්‍යතා සපුරාලීමට උපකාර කිරීම සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.
ගෝලීය වශයෙන් වසර 30කට අධික සායනික පෝෂණ පළපුරුද්දක් සමඟින් ශ්‍රී ලංකාව තුළ වසර 10කට වැඩි විශ්වාසයක් තහවුරු කර ඇති Diabetasol සන්නාමය, පෝෂණය සහ එදිනෙදා ජීවිතය සමබරව පවත්වා ගැනීමේ සෞඛ්‍ය තේරීමක් ලෙස සඳහන් කළ හැකිය. 2026 වසරේදී සිය 60 වසරක මෙහෙයුම් සම්පූර්ණ කරන Kalbe, Hemas Pharmaceuticals සමඟ එක්ව Diabetasol මෙරට වෙළෙඳපොලට හඳුන්වා දී ඇත.
Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) ප්‍රචාරක වැඩසටහන යනු සියලුම දෙනා වෙත කෙරෙන විවෘත ආරාධනයකි. එනම්, තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්නා අතරම, තමන් වඩාත් කැමති සහ ඇලුම් කරන වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යාමට මේ තුලින් මඟ පෙන්වයි. චන්න විජේවර්ධන මහතාගේ සැබෑ ජීවිතය මෙන් දියවැඩියාව හඳුනාගත් පමණින්ම තමන්ගේ ජීවිතයේ ගමන හෝ වේගය වෙනස් විය යුතු නැත. නිවැරදි ජීවන සමබරතාවය තුලින් ජීවිතයේ සුපුරුදු රිද්මය කිසිදු බාධාවකින් තොරව ඉදිරියටම ගලා යනු ඇත.




