ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

Share

Share

Share

Share

1950 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයේ නවමු පරිවර්තනයක් සිදු කරන්නට එවකට අග්‍රාමාත්‍ය මහාමාන්ය ඩී.එස් සේනානායක මහතා පියවර ගත්තේ සැබෑ ශ්‍රී ලාංකේය අනන්‍යතාව මනාව හඳුනා ගනිමිනි. එතෙක් වියළි බිමක්ව පැවති දිගාමඩුල්ල දියවරෙන් පොහොසත් කරනු වස් සේනානායක සමුද්‍රය ඉදිකිරීමට එතුමා ප්‍රමුඛතාව දුන්නේද එහෙයිනි. සශ්‍රීක පොළොවකින් යුත් නැගෙනහිර පළාතේ කෘෂිකර්මයේ දියුණුව වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ විශාලතම ව්‍යාපෘතිය වන සේනානායක සමුද්‍රයේ වම් ඉවුරෙන් සුපෝෂිතව පණ ගැන්වුණු උක් වගාව නැගෙනහිර පළාතේ ප්‍රමුඛතම කෘෂිකර්ම භෝගයක් බවට පත්වූයේ ඒ අයුරිනි.

1960 දශකයේ මුල් භාගයේදී ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ වූයේ උක් ගොවීන්ගේ අස්වැන්න තුලින් 100% ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් දැයට දායාද කිරීම අරඹමිනි. අනෙකුත් බොහෝ භෝගයන් විවිධ හැල හැප්පීම්වලට ලක්වන විට නිරායාසයෙන් උක් උස්වැන්න සඳහා උපරිම මිලක් ලබා ගන්නටත් ඒ තුලින් තමන්ගේ ආර්ථිකය පමණක් නොව, පවුලේ හෙට දවස සරු කරගන්නටත් ගොවි ජනතාවට හැකියාව උදා විය. 1996 වසරේදී එම කර්මාන්තශාලාව වැසී යන තුරුම එහි සියලු ප්‍රතිලාභ ගොවි ජනතාවට පමණක් නොව සමස්ත නැගෙනහිර ජනතාවටත්, දේශීය සීනි පාරිභෝගියාටත් හිමිවිය.

නැවත ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ වන්නේ වසර 20කට පසුවය. ඒ 2006 වසරයි. එවකට නැගෙනහිර නවෝදය සංවර්ධන වැඩපිලිවෙල යටතේ රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතා ප්‍රයත්නයක් ලෙස ආරම්භ කෙරුණු එහි 51%ක අයිතිය රජය සතුවූ අතර 49%ක් Browns සහ LOLC සමාගම් සතු විය. එතැන් පටන් නැවතත් ගල්ඔය සීනි කර්මාන්තශාලාව දිනෙන් දින සිය මෙහෙයුම් ඉදිරියට ගෙන යමින් සාර්ථක ගමනක් සනිටුහන් කරමින් සිටින්නේ උක් ගොවීන්ට යළිත් වාසනාව කැන්දාගෙන එමිනි.

උක් වගාව නංවාලීම හා ගොවි ජනතාවගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් මැදිහත් වන ගල්ඔය සීනි කර්මාන්තශාලාව යළිත් වරක් නැගෙනහිරට සමෘද්ධිය කැඳවාගෙන එන්නට කැපවී සිටියි. උක් ගොවීන්ගේ උක් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමෙන් නොනැවතී උක් ගොවීන් වෙනුවෙන් ආයතනයක් ලෙස ගල්ඔය වැවිලි සමාගම සිදු කරන මෙහෙවර පිළිබඳ මෙහිදී සඳහන් කළ යුතුය.

යටිතල පහසුකම් සංවර්ධනය
2006 වසරේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන විට ගොවීන් උක් කර්මාන්තයෙන් ඈත්ව සිටි අතර ගොවි බිම් ඝන කැලෑවන් බවට පත්ව තිබිණ. මාර්ග අබලන්ව ගොස් තිබූ අතර ජලය සපයා ගන්නා ඇල මාර්ග විනාශ වී ගොස් තිබිණ. මුලින්ම කැඩී බිඳී ගිය මාර්ග පිළිසකර කරමින් ඒවා ගමනාගමනයට සුදුසු මංමාවත් බවට පත් කිරීමට කටයුතු කළ ගල් ඔය වැවිලි සමාගම ඇල මාර්ග පිළිසකර කර ජලය ලබා ගත හැකි ආකාරයට සකස් කරන ලදී. ගොවිතැනට අවශ්ය පහසුකම් එසේ ලබා දීම නිසාම ආයතනය පිළිබඳ ගොවීන්ගේ විශ්වාසය ඉහළ ගිය අතර ඔවුන් නැවතත් වැවී තිබූ කැලෑ එළි පෙහෙලි කරමින් උක් වගාව ආරම්භ කළහ.

වගාවට අතහිත
යටිතල පහසුකම් සංවර්ධනයෙන් නොනැවතී ගොවීන් උක් වගාවට උනන්දු කරවමින් ඔවුන් දිරිගන්වන්නට ගල්ඔය වැවිලි සමාගම කටයුතු කළේ ගොවි ජනතාවගේ ශක්තිය ඔවුන්ට පෙන්වා දෙමිනි. වගාවන් ආරම්භ කිරීම වෙනුවෙන් බීජ උක්, පොහොර නොඅඩඩුව ලබා දීමට සමාගම එහිදී කටයුතු කළ අතර අදද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හා බීජ උක් ලබා දීමටද කටයුතු කරනු ලබයි. එපමණක් නොව වගාව සඳහා අවශ්ය දැනුම. අවබෝධය නොපිරිහෙලා ලබා දීමටද කටයුතු කළ සමාගම ගොවිතැන සඳහා අවශ්ය යන්ත්රෝපකරණ හා තාක්ෂණික මෙවලම් ගොවි ජනතාව වෙත සපයීමටද කටයුතු කරමින් සිටියි.

වන සතුන්ගෙන් ආරක්ෂාව
ප්රදේශයේ ගොවි ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන අභියෝගයක් වී ඇත්තේ වන සතුන්ගෙන් වගාවන්ට වන හානියයි. විශේෂයෙන් අලි වගාබිම් විනාශ කිරීම ඔවුන්ට ඇති බලවත්ම ගැටලුවයි. මේ බව මනාව හඳුනාගත් ගල්ඔය වැවිලි සමාගම ඒ සඳහා පුහුණුව ලත් වෙනමම කණ්ඩායමක් පත් කරමින් පැය 24 පුරා ගොවි බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය ශක්තිය ගොවි ජනතාවට ලබා දෙමින් සිටියි. අලි උවදුර පමණක් නොව, වල් ඌරන්, ඉත්තෑවන් වැනි සතුන්ගෙන් වන හානිය අවම කිරීම සඳහාද සමාගම ගොවීන් සමඟ එක්ව කටයුතු කරන්නේ පරිපූර්ණ අස්වැන්නක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා කර දෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනයට සවියක්
ගොවි ජනතාවට පමණක් නොව ඔවුන්ගේ ආදරණීය දුවා දරුවන්ටද සරණක් වෙමින් පාසල් යන දූදරුවන් සඳහා ශිෂ්යත්ව ලබා දීමේ වැඩසටහනක්ද ගල්ඔය වැවිලි සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ තුලින් දරුවන් ඉගෙනීමට උනන්දු කරවීමත්, ඔවුන්ට උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්ය පහසුකම් සලසාදීමත් අරමුණ වී ඇත. එපමණක් නොව පාසල් මට්ටමින් අධ්යාපනික පහසුකම් නංවාලීම වෙනුවෙන් විවිධ අයුරින් දායක වී ඇති සමාගම පාසල්වල අවශ්‍යතා සොයා බලමින් ඒවා සපුරාලීමට කටයුතු කරන්නේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව උදා කරමිනි.

ආගමික සහජීවනය
ප්‍රදේශයේ සියලු ආගමික ස්ථාන හා ආගමික නායකයින් සමඟ ඉතා සහජීවනයෙන් කටයුතු කරන ගල්ඔය වැවිලි සමාගම බෞද්ධ විහාරස්ථාන ඇතුලු සියලු ආගමික ස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ඍජුවම දායක වී ඇත. එම ආගමික ස්ථානයන්හි අවශ්යතා මනාව සපුරාලමින්, විශේෂ උත්සව අවස්ථාවන්හිදී ද පෙරමුණ ගෙන කටයුතු කරන්නේ ගල්ඔය සීනි කර්මාන්ශාලාවයි.

ඉන් නොනැවතී ප්‍රදේශයේ ආර්ථික, සමාජීය, ආගමික, දේශපාලනික යනාදී සෑම ක්ෂේත්රයකම උන්නතියේ අවියෝජනීය සහකරුවකු බවට පත්ව ඇති ගල්ඔය සීනි කර්මාන්තශාලාව දිනෙන් දින සිය සමාජ සත්කාරක දායකත්වය ඉහළ නංවමින් ජනතාව වෙත වඩා වැඩි සේවාවක් ලබා දීමට අරමුණු කොට ගෙන සිටියි.

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය...
China Unicom and Huawei Release...
Samsung Sri Lanka to Open...
Janashakthi Finance celebrates 45 years...
බලශක්ති පෙරළියෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට නව...
බෝග සොරකම්වලින් කෘෂිකර්මාන්තයට රුපියල් මිලියන...
MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය...
ஜெப்னா கிங்ஸ் அணியின் உரிமையாளர் ஒப்பந்தம்...
බෝග සොරකම්වලින් කෘෂිකර්මාන්තයට රුපියල් මිලියන...
MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය...
ஜெப்னா கிங்ஸ் அணியின் உரிமையாளர் ஒப்பந்தம்...
Nutmeg at ITC Ratnadipa Introduces...