ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී නුගේගොඩ ශාඛාව ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් නව ස්ථානයක විවෘත කෙරේ

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී හි නුගේගොඩ ශාඛාව පසුගියදා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි නව ස්ථානයක විවෘත කෙරිණි. මෙම ශාඛාව දැන් නො. 136/5, එස්. ඩී එස්. ජයසිංහ මාවත, නුගේගොඩ.යන ස්ථානයේ පිහිටා තිබේ. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සමඟ වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමේ අරමුණින් මෙය සිදුකරන ලදි.

නුගේගොඩ යනු කොළඹ දිස්ත්‍රික්කයේ අතිශයින් කාර්යබහුල සහ බොහෝ දෙනා නිතර යන එන නගරයකි. එවැනි නගරයක පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක නව ශාඛාව විවෘත වීම ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් වනු නොඅනුමානය.

ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය, විකල්ප මූල්‍ය විසඳුම් සහ ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය ඇතුළුව, පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් අතිශයින් වැදගත් වන, විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය සේවාවන් රාශියක් ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ නුගේගොඩ ශාඛාව වෙතින් ලබාගත හැකි වේ.

“ගනුදෙනුකරුවන්ගේ පහසුව යනු ශාඛා සම්බන්ධයෙන් අප අනුගමනය කරන ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක්. නුගේගොඩ වැනි ජනාකීර්ණ වාණිජ නගරයක් තුළ මෙවැනි ස්ථානයක අපගේ ශාඛාව පිහිටුවීම මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අපගේ සේවාවන් ලබාගැනීමට හැකි වන අතරම, ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමට අපට හැකියාව ලැබෙනවා. ඉදිරියටත් රටේ පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍යමය ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමට අප සූදානම්.” නුගේගොඩ ශාඛාව නව ස්ථානයේ විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසීය.

“ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා අප සෑම විටම කැප වී සිටිනවා. පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් විශ්වාසයෙන් යුතුව තම මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන වෘත්තීය මට්ටමේ සේවාවක් කාර්යක්ෂම ලෙස හා විනිවිදභාවයෙන් යුතුව ලබාදීමට අපගේ නුගේගොඩ ශාඛාවේ කාර්ය මණ්ඩලය සූදානම්.” ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පැවසීය.

රට පුරා විසිරුණු ශාඛා ජාලයකින් සමන්විත ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම එම ජාලය අඛණ්ඩව පුළුල් කරමින්, නව්‍ය සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සහ පෞද්ගලික ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම කාණ්ඩවල දියුණුව උදෙසා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී) පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් ඒවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.

City of Dreams Sri Lanka...
ස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ...
இலங்கையின் உடற்பயிற்சித் துறையில் 28 ஆண்டுகால...
1,000 வாகன விநியோகங்கள் மற்றும் சேவைகளை...
மேம்பட்ட திரை தொழில்நுட்பம் மற்றும் AI...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...