ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

Share

Share

Share

Share

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයට (-5.7%) සහ අනෙකුත් කලාපවලට (-9.3%) අපනයන අඩුවීමක් වාර්තා වී ඇත.
2025 වසරේ මුල් භාගය (ජනවාරි-ජූනි) සඳහා සමස්ත අපනයන, පසුගිය වසරට සාපේක්ෂව 8.95% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යුරෝපා සංගමය (+16.7%), එක්සත් ජනපදය (+4.1%), එක්සත් රාජධානිය (+6.4%) සහ අනෙකුත් වෙළඳපලවල් (+8.9%) හි ශක්තිමත් ක්‍රියාකාරිත්වයයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ මෙම සංඛ්‍යා දත්ත යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළඳපලවල දිරිගන්වනසුලු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි. ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය උපායමාර්ගික විවිධාංගීකරණය සහ ශ්‍රී ලංකා ඇඟලුම් කෙරෙහි ගැනුම්කරුවන්ගේ අඛණ්ඩ විශ්වාසය හේතුවෙන් ඔරොත්තු දීමේ හැකියාව සමඟින් ඉදිරියට යන බව JAAF අවධාරණය කරයි.

Sampath Bank Delivers 15% Growth...
කොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි වෙනස්ම ආකාරයේ නත්තල් සැණකෙළියකට සැරසෙයි
அக்கோர் குழுமத்தின் ‘புல்மேன்’ சொகுசு ஹோட்டல்...
கிறிஸ்மஸ் கேக் கலவை நிகழ்வுடன் Nüwa...
ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උලෙළේදී...
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල්...
LifeServ Celebrates 25 Years of...
JXG, together with The Ceylon...
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල්...
LifeServ Celebrates 25 Years of...
JXG, together with The Ceylon...
යුරෝපීය වෙළෙඳපොලෙහි දිගු කාලීනව රැඳී...