ඩයලොග්, ආසිආටා සමූහය සහ භාරතී එයාර්ටෙල් ශ්රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට

Share

Share

Share

Share

ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්),  ආසිආටා බර්හාඩ් සමූහය (“ආසිආටා”) සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් (භාරතී එයාර්ටෙල්) (සාමුහිකව ‘එම පාර්ශ්වයන්’) ශ්‍රී ලංකාවේ සිය අනුබද්ධිත සමාගම්වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට එළඹෙන ලදි.  එසේ ඒකාබද්ධවනු ලබන්නේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම සහ ආසිආටා බර්හාඩ් සමූහය  අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි. යෝජිත ගනුදෙනුවට අනුව එයාර්ටෙල් ලංකා හී සාධාරණ වටිනාකමට අදාළව ඩයලොග් හී කොටස් ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් ලිමිටඩ් වෙත පිරිනැමෙනු ඇත. ඒ අනුව ගනුදෙනුව සම්පූර්ණ වීමෙන් පසු එයාර්ටෙල් වෙත ඩයලොග්හී නව කොටස් නිකුත් කෙරෙනු ඇත.

යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව මෙකී පාර්ශ්වයන් අතර සහ අදාළ නියාමන අධිකාරීන් අතර මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී.  අදාළ නියාමනයන් සහ කොටස් හිමිකාරීත්වයේ අනුමැතීන් ඇතුළත්වන සේ යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අත්සන් තැබීමට නියමිතය.

ඉදිරියේදී මෙයට අදාළව තවදුරටත් වර්ධනයක්  සිදුවුවහොත් උක්ත පාර්ශ්වයන් එකතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇත.

 

ඩයලොග් ආසිආටා සමූහය  යනු

 

ඩයලොග් ආසිආටා සමූහ ව්‍යාපාරය (Dialog Axiata Group) යනු  ආසිආටා බර්හාඩ් සමූහයේ (ආසිආටා) හි අනුබද්ධ සමාගමක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Quad-Play  (ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, බ්‍රෝඩ්බෑන්ඩ් සහ ටෙලිවිෂන්) සම්පාදකයා ලෙස ද ක්‍රියාකරයි . කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සමාගමක් වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ශ්‍රී ලංකා ජංගම විදුලිසංදේශ ක්ශේත්‍රයේ ඉතා ශක්තිමත් සන්නාමයක් ලෙසින් පෙරමුණේ සිටින අතර Dialog Broadband Networks (පුද්ගලික) සමාගම (DBN), Dialog Television (පුද්ගලික) සමාගම (DTV), Digital Holdings Lanka (පුද්ගලික) සමාගම, Dialog Finance පී.එල්.සී, H One (පුද්ගලික) සමාගම ලෙසින් වූ සිය අනුබද්ධ ආයතන ඔස්සේ  ස්ථාවර විදුලිසංදේශ සේවා , අයකිරීම් මත සැපයෙන ඩිජිටල් රූපවාහිනී සේවා, ඩිජිටල් සේවා, මුල්‍ය සේවා සහ තොරතුරු තාක්ෂණ සේවා ආදී ක්ශේත්‍රයන්හී ලංකීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටියි. ඩයලොග් ආසිආටා සමූහය ශ්‍රී ලංකාවේ දැවැන්තම සෘජු විදේශ ආයෝජකයා වන අතර එම ආයෝජනයන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන තුනකි.

 

මාධ්‍ය විමසුම්:

හර්ෂ සමරනායක

උප සභාපති – සන්නාම හා මාධ්‍ය, සමූහ අළෙවි, ඩයලොග් ආසිආටා පී.එල්.සී

ඊ-මේල් – [email protected]

 

එයාර්ටෙල් ශ්රී ලංකායනු

 

2009 දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ එයාර්ටෙල් ශ්‍රීලංකා , ග්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. එයාර්ටෙල් ශ්‍රී ලංකා පිරිනමන තාක්ෂ‚ක නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය ශ්‍රී ලාංකේය තාරුණ්‍ය අතර වේගයෙන් ව්‍යාප්ත වී ඇත. වර්තමානයේදී එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි එහි අතිනවීන 5G-ready 4G ජාලය ව්‍යාප්ත කර ඇති අතර, උපරිම වටිනාකමක් ලබා දීම සඳහා එහි ජාල ආවරණය අඛණ්ඩව ඉහළ නංවමින් සිටී. එයාර්ටෙල් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා MyAirtel App හෝ සමාජ මාධ්‍ය ඔස්සේ එයාර්ටෙල් සමඟ සම්බන්ධ වන්න නැත්නම් www.airtel.lk වෙත පිවිසෙන්න.

 

මාධ්‍ය විමසුම්:

කින්ෂුක් ගුප්තා

ජ්‍යේෂ්ඨ උපසභාපති – ආයතනික සන්නිවේදන

ඊ-මේල්: [email protected]

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ලීසිං...
සුවිශේෂී උත්සව සඳහා ගාල්ලේ හොඳම...
Behind the Sparkle: How a...
Janashakthi Life ශ්‍රී ලංකාවේ ප්‍රථම...
World Economic Magazine விருதுகள் 2026...
First Capital සමාගම 2026 World...
Huawei Unveils its Grid-Interactive AIDC...
உலகளாவிய வாகனப் புத்தாக்கத் தரவரிசையில் முதலிடம்...
First Capital සමාගම 2026 World...
Huawei Unveils its Grid-Interactive AIDC...
உலகளாவிய வாகனப் புத்தாக்கத் தரவரிசையில் முதலிடம்...
சிவனொளிபாத ஸ்தானத்தை சுத்தம் செய்யும் திட்டத்தை...