ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

Share

Share

Share

Share

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය’ වැඩසටහන සමඟ දන්ත සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය. මුඛ සෞඛ්‍ය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන් වෙනුවෙන් නොමිලයේ දන්ත සායන පැවැත්වීම අරමුණු කර ගනිමින් 2023 වසරේ අගෝස්තු මාසයේදී එම වැඩසටහන ආරම්භ කරනු ලැබූ අතර පාසල් සිසු සිසුවියන්ගෙන් මෙන්ම දෙමව්පියන්ගෙන්ද ඊට ඉමහත් ප්‍රතිචාර හිමි විය. දන්ත සෞඛ්‍යය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් එම දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව ‘ඩෙන්ටා’ සතුටින් නිවේදනය කර සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩාර්ලි බට්ලර් සහ සමාගමේ පුද්ගල ආරක්ෂණ පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී ගෆාර් ගවුස් මහතා “සුන්දර සිනාවකට ජීවිත වෙනස් කිරීමේ හැකියාවක් පවතින බව නිරන්තරයෙන් විශ්වාස කරන අප මෙරට පාසල් දරුවන් තුළ මුඛ සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම හා යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට ඔවුන්ව දිරි ගැන්වීමට කටයුතු කර තිබෙනවා. එහිදී නොමිලේ දන්ත සායන පැවැත්වීමෙන් නොනැවතී දන්ත සෞඛ්‍ය පිළිබඳ දැනුම, ඊට අවශ්‍ය උපකරණ ලබා දෙමින් සෞඛ්‍යය පිළිබඳව මෙන්ම පාරිසරික තිරසාරභාවය පිළිබඳව ඔවුන් දිරි ගැන්වීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවසුවේය.

දිවයින පුරා පාසල් ආවරණය වන පරිදි දන්ත සායන කඳවුරු හරහා දත් රෝග හා ඒවා වැළැක්වීම පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහන මේ වන විට සිසු සිසුවියන් 105,892කට අධික ප්‍රමාණයක් වෙත ප්‍රතිලාභ හිමි කර දීමට සමත්ව ඇත. ඒ යටතේ මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් 135ක මෙන්ම උතුර මැද පළාතේ පාසල් 37ක් වශයෙන් පාසල් 172කට ආසන්න සංඛ්‍යාවක දන්ත සෞඛ්‍ය සායන, දැනුවත් කිරීම් හා සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට ‘ඩෙන්ටා’ කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලාංකිකයින් තුළ දිනෙන් දින ඉහළ යන දන්ත සෞඛ්‍ය ගැටළු අවම කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් දන්ත වෛද්‍යවරුන්, උපදේශකයින්, වෘත්තියවේදීන් සහභාගී වන අතර වයස අවුරුදු 8 සිට 14 දක්වා (3 වසරේ සිට 8 වසර දක්වා) පාසල් දරුවන් ඊට එක් කර ගනු ලබයි. මෙම වැඩසටහන සඳහා අදාළ වයස් කාණ්ඩ තෝරා ගැනීමට විශේෂ හේතුවක් වූයේ ඒ වයසේදී ඔවුන්ගේ තාවකාලික දත් වැටීමෙන් පසු අලුත් ස්ථිර දත් වර්ධනය වීම ආරම්භ වන නිසයි. ජීවිත කාලය පුරාම එම ස්ථිර දත් ආරක්ෂා කරමින් මනා මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට ඔවුන්ට මෙම දන්ත සෞඛ්‍ය වැඩසටහන් ඉමහත් රුකුලක් වනු ඇත.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාසලේ විදුහල්පතිවරුන් හා ගුරු මහත්ම මහත්මීන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ සහයෝගයද හිමි වේ.

පිළිගත් රජයේ දන්න විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන දන්ත සායනයේදී දරුවන්ගේ දත් පරීක්ෂා කිරීම හා දත් රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි. මුඛ සෞඛ්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයන්හිදී දරුවන්ගේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සිදු කෙරේ. විශේෂයෙන් සුන්දර සිනහවක් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍යය පියවරයන් හා මුඛ රෝග වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව මේ තුළින් සිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙයි.

මෙහිදී අදහස් එක් කළ ඩෙන්ටා හි සන්නාම කළමනාකාරිණී ශෙහානි මාර්ටිනස් මහත්මිය සඳහන් කර සිටියේ “මුඛ සෞඛ්‍යය පිළිබඳ කුඩා කාලයේ පටන්ම දරුවන්ට පුරුදු පුහුණු කිරීම තුළින් ඔවුන්ගේ ජීවිතවලට සුවිසල් බලපෑමක් ඇති කළ හැකියි. අපගේ මෙම සමාජ සත්කාරක වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිනහවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වී තිබෙනවා”. යනුවෙනි.

මෙම සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් වැදගත් පියවරක් වනුයේ දරුවන්ගේ දන්ත සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට නොමිලේ Denta Teen දත් බුරුසුවක් ලබා දීමට කටයුතු කිරීමයි. නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ වැඩෙන දත් සහ අත්වලට සරිලන අයුරින් විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම දත් බුරුසු නොමිලේ ලබා දීම තුළින් මනා මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට ඔවුන් දිරි ගන්වනු ලබයි. තවද දන්ත සෞඛ්‍යය පිළිබඳව පමණක් අවධානය යොමු කිරීමෙන් නොනැවතී පාරිසරික සුරක්ෂිතතාවය පිළිබඳ අවධානය යොමු කරමින් භාවිත කරන ලද දත් බුරුසු නිසි ආකාරයෙන් එකතු කර පරිසරයට හානියක් නොවන අයුරින් ඉවත් කිරීම පිළිබඳව දරුවන් දිරිමත් කිරීමට ‘ඩෙන්ටා’ කටයුතු යොදා ඇත. ඒ භාවිත කරන ලද දත් බුරුසු ප්‍රතිචක්‍රීයකරණය සඳහා එකතු කිරීමේ වැඩසටහනක් දියත් කරමිනි. මේ වන විට ඒ හරහා 22,000කට අධික භාවිත කරන ලද දත් බුරුසු එකතු කිරීමට සමත්ව ඇත. පරිසරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරමින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීමේ ‘ඩෙන්ටා’ හි ප්‍රයත්නයක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

මෙම වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් දිවයින පුරා සියලු පාසල් තුළ ‘ඩෙන්ටා සත්කාරය’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ‘ඩෙන්ටා’ හි අරමුණයි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන ‘ඩෙන්ටා’ සමාගම ඊට අවශ්‍ය සියලු පහහසුකම් සලසාදීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය පිළිබඳ සිය කැපවීම නැවතත් ප්‍රදර්ශනය කරමිනි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...