දහසය වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවට මාර්ගගත ආරක්ෂාව සඳහා උපාය මාර්ගික හවුල්කරුවකු ලෙස TikTok එක් වෙයි

Share

Share

Share

Share

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 මෙවර 16 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක් වීමට පියවර ගත් අතර මෙම සමුළුව පසුගියදා පැවැත්විණි.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ජාතික වැඩසටහන වන වාර්ෂික සමුළුවට රාජ්‍ය ආයතන, නීතිය ක්‍රියාත්මක කරන්නන්, කර්මාන්ත විශේෂඥයින් සහ ගෝලීය චින්තකයින් රැසක් එක් වීමට නියමිතය. එහිදී ඔවුන් වර්ධනය වෙමින් පවතින සයිබර් තර්ජන පිළිබඳ සාකච්ඡා කිරීමට, දැනුම බෙදා ගැනීමට සහ ආරක්ෂිත ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණ කිරීමට අවශ්‍ය උපාය මාර්ග ගවේෂණය කිරීමට කටයුතු කරනු ඇත.

එහි මාර්ගගත ආරක්ෂාව සඳහා වන උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok එක්ව සිටින්නේ ඩිජිටල් පැවැත්ම පෝෂණය කිරීම, මාර්ගගත ආරක්ෂාව ඉහළ නැංවීම සහ දැනුවත්භාවය හා සහයෝගීතාව තුලින් ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වන කැපවීම නැවත නැවතත් ප්‍රදර්ශනය කරමිනි. මෙවර සමුළුවේදී ඩිජිටල් පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීම, පරිශීලකයින් ආැරක්ෂා කිරීම සහ තාරුණ්‍ය බල ගැන්වීම සඳහා වන සිය ගෝලීය හා දේශීය වැඩසටහන් ඉස්මතු කිරීමට TikTok කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TikTok හි දකුණු ආසියානු රාජ්‍ය සබඳතා සහ මහජන ප්‍රතිපත්ති ප්‍රධානී Ferdous Mottakin මහතා “මේ වසරේ ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව වෙනුවෙන් එක්වීමට ලැබීම සතුටක්. මාර්ගගත ආරක්ෂාව යනු සියලු දෙනාගේ වගකීමක්. සෑම කෙනෙකුටම ආරක්ෂිත හා ධනාත්මක අන්තර්ජාල පද්ධතියක් පෝෂණය කිරීම සඳහා රජයයන්, අධ්‍යාපනඥයින් සහ ජනතාව සමඟ හරවත් සබඳතාවක් ගොඩ නගාගත යුතු බව අපි විශ්වාස කරනවා.”යැයි සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ SL CERT හි ප්‍රධාන විධායක නිලධාරී (වැඩබලන) ආචාර්ය කණිෂ්ක කරුණාසේන මහතා ‘’ඩිජිටල්කරණය තුළ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා අවස්ථාවන්, අංශ හා රටවල් අතර සහයෝගීතාවක් අවශ්‍ය වනවා. මෙම අවස්ථාව සඳහා TikTok හි සහයෝගීතාව මාර්ගගත ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට හැකි වනවා. ශ්‍රී ලාංකේය ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම, සයිබර් හැකියාව ශක්තිමත් කිරීම සහ සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා ආරක්ෂිත මාර්ගගත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ අරමුණ සමඟ TikTok හි මැදිහත් වීම මනාව ගැලපෙනවා.” යැයි පැවසීය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SL CERT|CC 2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ වැඩසටහන් මෙහෙයවන අතර මෙම සයිබර් ආරක්ෂණ සමුළුව එහි ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහනක් ලෙස ප්‍රතිපත්ති සංවාදය, දැනුම හුවමාරු කරගැනීම සඳහා ඉතා වැදගත් වේ.

මෙම වසරේදී එම සමුළුවට විශේෂඥ සාකච්ඡාව, ප්‍රධාන දේශන, AI පදනම් කරගත් තර්ජන හඳුනාගැනීම පිළිබඳ තාක්ෂණික වැඩමුළුව යනාදී විවිධ වැඩසටහන් ඇතුලත්ව ඇත. මේ සමඟ නිර්මාණශීලීත්වය, සබඳතාව හා වර්ධනය සඳහා ආරක්ෂිත අන්තර්ජාල සහ පරිපූර්ණ අවකාශයක් බවට පත් කිරීමේ දිගුකාලීන මෙහෙවර TikTok නැවත් නැවතත් තහවුරු කරනු ඇත.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...