දාවුදි බෝරා ප්‍රජාවගේ ‘අෂාරා මුබාරකා’ ආධ්‍යාත්මික සමුළුවේ ආගමික දේශනවල විකාශන කටයුතු සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරා ගනී

Share

Share

Share

Share

කොළඹදීඃ දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර එම සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත.

 

ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ තේමා අනුව දින දහයක කාලයක් පුරාවට මෙම අෂාරා මුබාරකා සමය සමරනු ලබයි. දාවුදි බෝරා ප්‍රජාවන් සහභාගී වන විශාලතම ආධ්‍යාත්මික සමුළුව පවත්වනු ලබන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා වන ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන්ගේ ප්‍රධානත්වයෙනි- ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් විසින් ඔහුගේ අතීත මුතුන්මිත්තන්ගේ ආගමික සම්ප්‍රදායන් අනුගමනය කරමින් අෂාරා මුබාරකා පැවැත්වීම සඳහා සෑම වසරකම එක් නගරයක් තෝරා ගනී.

 

ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් විසින් මේ වසරේ අෂාරා මුබාරකා ආධ්‍යාත්මික සමුළුවේ ආගමික දේශන පැවැත්වීම සඳහා කරච්චි නුවර තෝරා ගෙන ඇත. කෙසේ වෙතත්, කොළඹ ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණ සිටින බෝරා ප්‍රජාවේ සාමාජිකයින් දහස් ගණනකට කරච්චි නුවර පැවැත්වෙන ආගමික දේශනවල සජීවි විකාශනයන් දැක බලාගැනීමට ද මෙහිදී අවස්ථාව හිමි වේ.

 

මෙම අෂාරා මුබාරකා ආධ්‍යාත්මික සමුළුවේ කොළඹදී පැවැත්වෙන ආගමික දේශනවල කටයුතු භාර කණ්ඩායමේ සාමාජිකයෙකු වන මුෆද්දල් සයිනුදීන් පැවසුවේ “අෂාරා මුබාරකා සමුළුවේ ආගමික දේශනවලට සහභාගී වීම සඳහා ලෝකයේ නන් දෙසින් ශ්‍රී ලංකාවට පැමිණි බෝරා සාමාජිකයින් සියලු දෙනාම අපි හෘදයාංගමව මේ අවස්ථාවේදී පිළිගන්නවා. මෙවර මෙම ආධ්‍යාත්මික සමුළුව පැවැත්වීම සඳහා ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් විසින් කරච්චි නුවර තෝරා ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙරටදී පැවත්වෙන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරා ගැනීම පිළිබඳව අප භාග්‍යයක් කොට සලකනු ලබනවා.” යනුවෙනි.

 

“මෙම සමුළුව සඳහා 15,000 කට අධික දාවුදි බෝරා ප්‍රජාවකට සත්කාරකත්වය ලබා දීමට නොමසුරු සහයෝගය ලබා දුන් රජයේ පාර්ශවවලට සහ පළාත් පාලන ආයතනවලට අපගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමතියි”, යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“අෂාරා මුබාරකා ආගමික දේශනවලට සහභාගී වීම තුළින් අපගේ සාමාජිකයින්ගේ අධ්‍යාත්මික යහපැවැත්මක සහ පුද්ගලික සංවර්ධනය වැඩි කිරීමට උපකාරී වනවා. මෙය ගැඹුරින් සිතා බැලීමට, දැනුම ලබා ගැනීමට සහ ප්‍රජාවක් ලෙස එකමුතු වීමට සුදුසු කාලයක්” යනුවෙන් සිය පවුල සමඟින් බහරේනයේ සිට කොළඹට පැමිණි දාවුදි බෝරා සාමාජිකාවන වන Khadija Aliasgar පැවසුවාය.

 

අෂාරා මුබාරකා යනු ඉස්ලාමීය වර්ෂයේ ආරම්භක දින දහයක් පුරාවට මොහොමඩ් නබිතුමාණන්, සහ ඔහුගේ පවුල හා ඥාතීන්, විශේෂයෙන් ඔහුගේ මුනුබුරා වන ඉමාම් හුසේන් සහ යුක්තිය, සත්‍යය හා මනුෂ්‍යත්වය යන විශ්වීය වටිනාකම් වෙනුවෙන් ඔවුන්ගේ නිර්භීත ස්ථාවරය සිහිපත් කරනු ලැබීමයි. මෙහිදී පවත්වනු ලබන ආගමිත දේශන හරහා සමකාලීන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම, පුද්ගලික සංවර්ධනය පිළිබඳ මග පෙන්වීම මෙන්ම ජාත්‍යාලය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වයට සේවය කිරීමේ වටිනාකම් ආදී විවිධ මාතෘකා පිළිබඳව අවධාරණය කරයි.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...