දිට්වා සුළි කුණාටුවෙන් පසු සම්බන්ධතා කඩිනමින් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් විදුලි සංදේශ ක්‍රියාකරුවන් සහ හවුල්කරුවන් කටයුතු කරයි

Share

Share

Share

Share

පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි.

මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ. තවද මේ තුලින් රට පුරා පුද්ගලයින් මිලියන 1.3කට වැඩි පිරිසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ගංගා ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පහත් බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත.

විදුලිය බිඳ වැටීම් හා සන්නිවේදන ජාලයට හානි සිදුවීම හේතුවෙන් ජාතික සන්නිවේදන ජාලයෙන් සැලකිය යුතු කොටසක් ආපදාවට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් විශේෂයෙන් කොළඹ. ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කවල සන්නිවේදන සේවාවන්ට බාධා එල්ල වී ඇත. මෙම බාධාවන් නිසා පවුල් සම්බන්ධතා අවහිර වී ඇති අතරම හදිසි සම්බන්ධීකරණ හැකියාවන් සිදු කර ගැනීමට නොහැති තත්වයක් උද්ගත වී ඇත. එහෙත් බලපෑමට ලක් වූ නිවාස සහ සහන මෙහෙයුම් කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් දෙසැම්බර් 2 වැනි දින දක්වා නොමිලේ ජංගම දුරකතන සම්බන්ධතා ලබා දීමට සියලුම සන්නිවේදන ක්‍රියාකරුවන් කටයුතු කර තිබේ.

පසුගිය නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සන්නිවේදන ක්‍රියාකරුවන් වන Dialog Axiata, SLT-Mobitel සහ Hutch යන ආයතන සමඟ හදිසි හමුවක් කැඳවීමට කටයුතු කර තිබිණ. එහිදී අඛණ්ඩ සන්නිවේදන සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය ජනක යන්ත්‍ර සහ උපස්ථ බල විසඳුම් කඩිනමින් යෙදවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලදී.

එම ආයතනවල ක්ෂේත්‍ර කණ්ඩායම් විසින් මේ වන විට අදාල සේවාවන් නැවත යථා තත්වයට පත් කිරීම සඳහා වන අලුත්වැඩියාවන්, නියමිත ස්ථාන සකස් කිරීම් සහ තාවකාලික විදුලි සැපයුම් සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරයි. සැලකිය යුතු සන්නිවේදන ජාල නැවත ලබා දීම වෙනුවෙන් හඬ, දත්ත සහ හදිසි මහජන ආරක්ෂාව මෙන්ම පවුල් සන්නිවේදන අවශ්‍යතා සඳහා ඒ තුලින් හැකියාව උදා වේ.

මෙම ජාතික වැඩපිළිවෙල සඳහා සහාය දැක්වීම සඳහා දිගු කාලීන යටිතල පහසුකම් හවුල්කරුවන් කිහිප දෙනෙකු ක්‍රියාකාරීව කටයුතු කරයි. Huawei Technologies Lanka මේ වන විට එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ යාන්ත්‍රණය තුලින් 80කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමකින් සුසැදි ජාල සහාය කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත. මෙහිදී Dialog Axiata වෙත සහාය දක්වන ඉංජිනේරුවන්, SLT-Mobitel සහ Hutch සඳහා සහාය වීම මෙන්ම වැඩි ආපදාවකට ලක්ව ඇති දිස්ත්‍රික්කයන්හි විශේෂිත ප්‍රවාහන සේවාවන් ලබා දීමට අමතරව ස්ථාන නැවත සකස් කිරීම සඳහා අතිරේක ඉංජිනේරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරනු ඇත.

රජයේ දැනුවත් කිරීම් මෙන්ම සන්නිවේදන ක්‍රියාකරුවන්ගේ කටයුතු සහ හවුල්කරුවන්ගේ තාක්ෂණික සහාය දක්වා වන මෙම ඒකාබද්ධ උත්සාහය තුලින් අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ නැගී සිටීමේ හැකියාව මනාව පෙන්වා දෙයි. එමෙන්ම පවුල් සම්බන්ධතා පවත්වා ගැනීමේ හා ආපදාවට ලක් වූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් සක්‍රීය කිරීමේ වැඩකටයුතුවලදී එක්ව කටයුතු කිරීමේ තීරණාත්මක කාර්යභාරයද මේ තුලින් ප්‍රදර්ශනය කරනු ලබයි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...