දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ නිවාස යළි පිළිසකර කර ගැනීමට HNB Finance සහයෝගය

Share

Share

Share

Share

පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දේපොළ හානි සිදුවූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය නිවාස යළි පිළිසකර කර ගැනීම සඳහා වූ මූල්‍ය පරිත්‍යාග ප්‍රදානය කිරීමක් පසුගියදා සිදු කෙරිණ. දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ HNB Finance PLC කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 207 දෙනෙකු සඳහා අදියර දෙකක් යටතේ සහන ලබා දීම සිදු විය. ආහාර ඇතුළු කඩිනම් සහන ලබා දීම අදාල කාල සීමාව තුළ දී සිදුකෙරුණු අතර බදුල්ල, කෑගල්ල, නුවරඑලිය, නාවලපිටිය, කඩුවෙල වෙන්නප්පුව සහ වලපනේ යන ප්රදේශයන්හි පුර්ණ හෝ අර්ධ වශයෙන් හානි වූ නිවාස 12 ක් යළි පිළිසකර කිරීම සඳහා වූ මූල්‍ය ප්‍රදානයන් ලබාදීම HNB Finance ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා නිල වශයෙන් සිදුකරන ලදි.

මේ අවස්ථාව සඳහා HNB Finance PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන් ඇතුලු ඉහල කළමනාකාරීත්වය මෙන්ම ආපදාවට ලක් වූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල පවුල්වල සාමාජිකයින්ද සහභාගී වූහ.

දිට්වා සුළි කුණාටුව හමුවේ ඇති වූ හදිසි ආපදා තත්වය හමුවේ ඉක්මනින් ක්‍රියාත්මක වූ HNB Finance PLC ආයතනය සුළි කුණාටුවේ බලපෑම පැවති දිස්ත්‍රික්කයන් හි සේවය කළ සිය ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වියලි ආහාර, ඇඳුම්, බෙහෙත් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය කඩිනමින් ලබා දුන් අතර HNB Finance PLC හි සුබසාධක සංගමයද මේ මාහැඟි කටයුත්ත සදහා ප්‍රමුඛ දායකත්වයක් සැපයීය.

ආපදාවට ලක් වූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ නිවාස පිලිසකර කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාගයන් සිදු කළ නිල උත්සවය සඳහා සහභාගී වෙමින් අදහස් දැක්වූ HNB Finance PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ ස්වභාවික ආපදා හෝ වෙනත් ඕනෑම අසීරු අවස්ථාවකදී අපගේ කාර්ය මණ්ඩලයට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිදු විය හැකි ආපදා තත්වයකදී ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී ඔවුන්ගේ ජීවිත යළි යථා තත්වයට පත් කර ගැනීම සඳහා අපි සැම විටම කටයුතු කර තිබෙනවා. අපගේ ව්‍යාපාරයේ හදවත වැනි අපගේ සේවකයින් පලමුව ආරක්ෂා කිරීමේ වගකීමක් සහ යුතුකමක් අපට තිබෙනවා. මේ සෑම ප්‍රවේශයක් තුළින්ම ආයතනයක් ලෙස අපගේ මිනිස්කමත් සහෝදර බැදීමත් පෙන්නුම් කෙරෙන බව මගේ අදහසයි. එමෙන්ම ව්‍යසනය ඇති වූ අවස්ථාවේ සිට සිය රාජකාරි කටයුතුවල නියැලෙන අතරතුර අද දක්වාම ආපදා සහන සැලසීමට කටයුතු කළ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට මාගේ ප්‍රණාමය පුද කරනවා” යනුවෙන් පැවසීය.

Gatz at City of Dreams...
Yazu at the Beach Brings...
இலங்கை ரக்பி அணியின் உத்தியோகபூர்வ ஆடைப்...
ඔබගේ ජීවිතයේ එදිනෙදා සිදුවීම් TikTok...
ஜனசக்தி பைனான்ஸ் BestWeb.LK 2026 இல்...
BYD Automotive App Crosses 4,000...
Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
BYD Automotive App Crosses 4,000...
Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...