ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC, සිය මූල්ය සේවාවන් දීපව්යාප්තව පාරිභෝගික ජනතාව වෙත වඩාත් සමීප කරවීමේ තවත් සුවිශේෂී පියවරක් ලෙස ‘HNB FINANCE දියුණුවට මඟ – නගර චාරිකා’ ජංගම ප්රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. නෙත් FM ගුවන්විදුලි නාලිකාවේ මාධ්ය සහයෝගීතාවයෙන් ක්රියාත්මක වන මෙම වැඩසටහන දින 13ක් පුරා දිවයිනේ නගර 26කදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ යටතේ HNB FINANCE හි මූල්ය නිෂ්පාදන හා සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම සහ නව පාරිභෝගික අවස්ථා හඳුනා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

සාම්ප්රදායික මූල්ය සේවා ප්රවර්ධන ක්රමවේදයෙන් ඔබ්බට යමින් පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවන පරිසරයටම සමීප වීම මෙම නගර චාරිකාවේ විශේෂත්වයකි. ඒ අනුව HNB FINANCE නියෝජිත කණ්ඩායම් නගරයෙන් නගරයට ගමන් කරමින් ප්රධාන නගර මධ්යස්ථාන සහ ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලදී සෘජු පාරිභෝගික සම්බන්ධතා ගොඩනඟනු ඇත. එහිදී සමාගම පිරිනමන විවිධ මූල්ය සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදීම, පාරිභෝගිකයන්ගේ මූල්ය අවශ්යතා හඳුනා ගැනීම සහ ඒ සඳහා සුදුසු සේවා පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම සිදු කෙරේ.
මෙම වැඩසටහන හුදෙක් මූල්ය සේවා ප්රවර්ධනය කිරීමකට පමණක් සීමා නොවී, ජනතාව සහ සමාගම අතර වඩාත් සමීප හා අර්ථවත් සබඳතාවක් ගොඩනැඟීමේ ක්රියාකාරකමක් ලෙස සැලසුම් කර තිබීමද විශේෂත්වයකි. ජනතාව සමඟ සුහද සාකච්ඡා, විනෝදාත්මක ක්රීඩා, තරග සහ ත්යාග පිරිනැමීමේ වැඩසටහන් ඇතුළු විවිධ අංග ඔස්සේ ඔවුන්ගේ සක්රීය සහභාගිත්වය දිරිමත් කෙරේ. මේ තුළින් HNB FINANCE සන්නාමය පිළිබඳ ජනතා දැනුවත්භාවය ඉහළ නැංවීමට මෙන්ම, පවතින පාරිභෝගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව පාරිභෝගිකයන් සමඟ දිගුකාලීන සබඳතා ආරම්භ කිරීමටද අවස්ථාව සැලසේ.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් HNB FINANCE PLC හි ප්රධාන කළමනාකරු – ආයතනික අළෙවිකරණ සන්නිවේදන සහ ඩිජිටල් ව්යාපාර, මධුර විජේරත්න මහතා මෙසේ පැවසීය.
“මූල්ය සේවාවන්හි සැබෑ වටිනාකම තීරණය වන්නේ එම සේවාවන් ජනතාවට කොතරම් පහසුවෙන් ප්රවේශ විය හැකිද යන්න මතයි. HNB FINANCE ලෙස අප විශ්වාස කරන්නේ මූල්ය සේවාවන් ලබාගැනීම සඳහා පාරිභෝගිකයා අප වෙත පැමිණෙන තෙක් බලා සිටීමට වඩා, ඔවුන් ජීවත් වන සහ ව්යාපාරික කටයුතු සිදුකරන පරිසරයටම අපගේ සේවාවන් සමීප කරවීම වඩාත් ඵලදායී ප්රවේශයක් බවයි. ‘දියුණුවට මඟ – නගර චාරිකා’ වැඩසටහන මගින් අප උත්සාහ කරන්නේ ජනතාවගේ සැබෑ මූල්ය අවශ්යතා හඳුනා ගනිමින් ඒවාට ගැළපෙන මූල්ය විසඳුම් පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීමටයි.”
මෙම නගර චාරිකාව සඳහා නෙත් FM ගුවන්විදුලි නාලිකාව සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය මගින්, වැඩසටහනේ සන්නිවේදන ප්රවේශය තවදුරටත් ශක්තිමත් කෙරේ. ජනතාව අතර පුළුල් ශ්රාවක පදනමක් සහ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන නෙත් FM හි මාධ්ය සහභාගිත්වය ඔස්සේ, HNB FINANCE සන්නාම පණිවුඩය නගර මට්ටමින් වඩාත් ඵලදායී ලෙස ජනතාව වෙත ගෙන යාමට අවස්ථාව සැලසේ. ඒ සමඟ ගුවන්විදුලි මාධ්යයේ ජනප්රියත්වය සහ සෘජු මහජන සහභාගිත්වය එකට එක් කරමින් සමාගමේ මූල්ය සේවාවන් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටද මෙම හවුල්කාරිත්වය දායක වේ.



